නිවස කළා පුවත් ඇලරික් ලයනල් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි

ඇලරික් ලයනල් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි

by Thanushika
August 15, 2024 9:17 am 0 comment

ජ්‍යෙෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය.

අනුපමා 1978, හොඳම නළුවා 1981, කිරි සුවඳ 1982 ක්‍රිස්තු චරිතය 1990 නිෂ්පාදනය කරමින්ද රන්දම්වැල් 1987සහ මැවිලා පෙනේවි රූපේ හදේ 1993 නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කළ අතර දලුලන ගිනි 1995 ඔහුගේ අධ්‍යක්ෂණක් විය. සෙනෙහස පෑවා, ආදර පූජාසනේ, තිරගත වීමට නියමිත සිනමා පටවේ. සඳ තාරකා ඔහුගේ නවතම චිත්‍රපටය නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ද තිරගත වීමට නියමිතය. ඇලරික් ලයිනල් ප්‍රනාන්දු මියයන විට අසූවැනි වියේ පසුවිය. ඩොරින් ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා වූද මහාධිකරණ විනිසුරු නිරෝෂා ප්‍රනාන්දුගේ, වෛද්‍ය නිශානි ප්‍රනාන්දුගේ, නීතිඥ අශාන් ප්‍රනාන්දුගේ සහ ව්‍යාපාරික විනෝද් ප්‍රනාන්දුගේ පියාණන් හා විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය, චිත්‍රපට අධ්‍යක්ෂ නියෝමාල් පෙරේරා ගේ මාමණ්ඩිය ද වේ. අවසන් කටයුතු පසුගියදා පවුලේ සියලුදෙනා, ඥාතීන් සහ කලාකරුවන්, දෙස් විදෙස් විශාල පිරිසගේ සහභාගිත්වයෙන් නාගොඩ, කඳාන රෝමානු කතෝලික සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකෙරිණි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT