නිවස විශේෂාංග ඇගේ රූ සපුව, ක්‍රියාකාරීත්වය, මිහිරි කටහඬ අදත් එදා වගෙයි

ඇගේ රූ සපුව, ක්‍රියාකාරීත්වය, මිහිරි කටහඬ අදත් එදා වගෙයි

- ප්‍රවීණ රූපණවේදී ඩග්ලස් රණසිංහ

by Thanushika
July 4, 2024 12:30 am 0 comment

සිනමාවේ ශ්‍රියාවිය, ජ්‍යෙෂ්ඨ කලාකාරිනී, අප පවුලේ හිතවතිය ශ්‍රියාණි අමරසේන මැතිනියගෙන් විශේෂ ආරාධනාවක් ලැබී තිබේ. දශක 06ක් පුරා එදාමෙදාතුර කලා ලෝකය තුළ විවිධ මංපෙත් ඔස්සේ පෙළහර පෑ ඇයගේ දක්ෂතා අගයමින් ද, ඇයගේ ජීවන චරිතය අලළා ලියවුණු ග්‍රන්ථය අගයමින් ද ඇය වෙනුවෙන් සිදුකෙරෙන උපහාර උළෙලට ආරාධනා ලැබීම මෙන්ම ඒ වෙනුවෙන් මෙසේ වචන පෙළක් ප්‍රකාශ කිරීම ද මා ලද භාග්‍යයක් ලෙස සලකමි. සිනමාවේ මෙන්ම කලා ලොවේ ද අහිංසකාව ලෙස ඇය ලබා ඇති විරුදාවලියට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සුදුසුකම් ලබන්නියකි. ඇයගේ කලා ලෝකය තුළ සිදුවන්නා වූ අප ඇසූ දුටු මෙන්ම අත්දැකීමෙන්ම ලබා ඇති වෘත්තීයමය බලපෑම්වලට කිසි දින ඇයගේ සහභාගිත්වයක් ගැන අප අසා හෝ දැක නැත. ඇය වෙසෙසින්ම චරිතාංග නිළියකි. රචිකාවියකි. අධ්‍යක්ෂවරියකි. නිෂ්පාදකවරියකි. කලා ලෝකයේ ඈ සමඟ මාගේ ගමන අතිශයින් සුන්දරය. සිනමාවේ ඇය මගේ පෙම්වතිය, බිරිය, මිතුරිය ආදී වශයෙන් විවිධ චරිත රඟපා ඇත. වේදිකාවේ විරූපී කුස වූ මම සුරූපී පබාට ආලය කළෙමි. ශ්‍රියාණි අතිදක්ෂ නිළියක බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඇයට කලා ලොවේ තව බොහෝදුර යා හැකියි. ඒ සඳහා ඇයට අවශ්‍ය පෙනුම, රූපසම්පත්තිය, ක්‍රියාකාරීත්වය , මිහිරි කටහඬ අදත් එදා මෙන්මය. අපගේ ආදරණීය මිතුරියට, සොහොයුරියට දීර්ඝායුෂ පතමි…
මීට ආදරණීය ඩග්ලස් රණසිංහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT