Home » ආරුමුගම් මලරන්බන් සම්භාවනාවට

ආරුමුගම් මලරන්බන් සම්භාවනාවට

by Thanushika
June 12, 2025 10:16 am 0 comment

සිව් වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ප්‍රවීණ ලේඛක ආරුමුගම් මලරන්බන් මහතා සම්භාවනාවට පත් කිරීමේ උත්සවයක් පසුගිය දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් මාතලේ ගාන්ධි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එයට සමගාමීව පල්ලේපොල උතුරු මාතලේ ආයුර්වේද මංසන්ධියේ ගම මැද පාර ආරුමුගම් මලරන්බන් මාවත ලෙස නම් කිරීම ද සිදුවිය.

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමරසිරි වික්‍රමරත්න සහ කථිකාචාර්ය ජසීමා හමීඩ් ආරාධිත දෙසුම් පැවැත්වූහ.

මහා සංඝරත්නය, පූජක ප්‍රසාදීන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති කමල් පෙරේරා, කපිල කුමාර කාලිංග, දෙනගම සිරිවර්ධන, අනුරසිරි හෙට්ටිගේ, එම්. එම්. පීර් මොහොමඩ්, එච්. එව්. වික්‍රමසිංහ, සරත් කුමාරගම ඇතුළු විශාල පිරිසක් එදින සහභාගී වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT