16 වන සියවස අගභාගයේ දී , ශ්‍රී ලංකාවේ පාලන ප්‍රදේශයන් ත්‍රිත්වයක් වූ බව සඳහන් වේ. එයින්, කොළඹ, මන්නාරම සහ යාපනය ආක්රමණික පෘතුගීසින් විසින් පාලනය කරන ලදි. පළමුවන රාජසිංහ රජු විසින් සීතාවක පාලනය කල අතර, සෙංකඩගල රාජධානිය පාලනය කරන ලද්දේ කරළියද්දේ රජු විසිනි.
තම පියතුමන් ඝාතනය කරමින් තමා පසුපස ද ලුහුබඳීන සීතාවක රාජසිංහ රජුගේ ඝාතකයන්ගෙන් මිදී ප්‍රතිකාල් මූලස්ථානය හෙවත් ශාන්ත ලෝරන්ස් නගරයට පලායන කොනප්පු බණ්ඩාරට අහිමිවූයේ තම හද බිම වන්වූ සෙංකඩගල පමණක් නොව, තම පණනළ සේ පෙම්බැඳී ප්‍රියාවිය වූ කුසුමාසන දේවියද විය. එසේම, එම රාජසිංහ රාජ භීතියෙන්ම මන්නාරමේ ප්‍රතිකාලුන් වෙතට පලා ගිය කරළියද්දේ රජුගේ කනිටු දියණිය වූ කූසුමාසන, ප්‍රතිකාලුන් විසින් දෝන කතරිනා නමින් භෞතිස්ම කරනු ලබන්නේ, ඔවුන්ගේ අනාගත රූකඩ රැජින වශයෙන් කන්ද උඩරට රාජ්‍යත්වයට පත්කර ගැනීමේ අභිලාෂයෙනි. මේ අතරතුර, ප්‍රතිකාල් කපිතාන්වරයෙකු වශයෙන් ප්‍රතිකාලුන්ට සේවය කරන අතර, තමා අතින් සිදුවූ මරණයකට, පෘතුගීසි උසාවියකින් වරදකරු කරනු ලැබූ කොනන්පු බණ්ඩාර, ඔස්ට්‍රියාවේ දොන් ජෝන් වශයෙන් හෞතිස්ම වී සිටීම හේතුවෙන් , මරණ දණ්ඩනයෙන් නිදහස් කර, ඉන්දියාවේ ගෝවා නගරයට පිටුවහල් කරනු ලබයි. එහිදී පෘතුගීසින්ටම හිරිහැරයක් වූ පෘතුගීසි නිලධාරියෙකු ද්වන්ධ සටනකින් ඝාතනය කිරීම හේතුවෙන් ගෝවේ පෘතුගීසි නිලධාරීන් ගේ ප්‍රශංසාවට ලක්වන අතරම, පෘතුගීසි කුලවමියන්ගේ ආකර්ෂණයට ද, පෘතුගීසි යුද යන්ත්රණයේ අවධානයට ද ලක්වෙයි. තමාට උරුම වූ සිහළ බිමත් , තම පණවන් ප්‍රියාවිය වූ කුසුමාසන දේවියත් පිළිබඳව නිබඳ ළතැවුලෙන් සිටිනා කොනප්පු බණ්ඩාර, පෘතුගීසින්ගේ සතුරෙකු බවට පත්වෙමින්, දෛවෝපගත මෙන්ම උපක්රමශීලි දරුණු සටනකින් අනතුරුව සෙංකඩගල රාජධානියත්, ශ්‍රී දළදාව මෙන්ම තම ප්‍රියාවිය කුසුමාසන දේවියද ලබාගන්නා අයුරු මෙතුළින් ආකර්ෂණීය ලෙසින් පෙළගස්වා ඇත .
ජනමාධ්‍යවේදීයෙකු ලෙසින් කලා ලොව ස්පර්ශ කරමින්, වේදීකාව, පුංචි තිරය හා රිදී තිරය එකසේ ජයගත් හිතුවක්කාර නිර්මාණවේදියාගෙ නවතම සිනමා වියතයි “දේවි කුසුමාසන” . වේදීකාව තුළින් අති දක්ෂ නවකයන් රැසක් හඳුන්වාදෙන අතරම, සරස්වති, අත්, මෝරා, ඔත්තුකාරයා, හංකිති දහතුන, Voyage The Heart Land සහ Street Opera යන වේදිකා නාට්‍ය නිර්මාණය කළ ඔහු, ප්‍රේක්ෂක මතකයෙන් බැහැර නොවන වෙද හාමිනේ, වෙස් මූහුණු, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියො වැනි ටෙලි නිර්මාණ රැසක් පුංචි තිරයේ රසික ප්‍රජාවට තිළිණ කිරීමට සමත් විය. ගීත රචකයෙකු තිර පිටපත් රචකයෙකු මෙන්ම ග්රන්ථ කතුවරයෙකු ලෙසින් මහරජ ගැමුණු නවකතාව සහ දඬුබස්නාමානය, වෙදහාමිනේ, අකාල සන්ධ්‍යා, වෙස්මුහුණු යන නිර්මාණයන් හී තිර රචනා කෘතිද එළිදක්වා ඇති ඔහු, පෙර කළ සිනමා නිර්මාණ අතර, අග්නි දාහය, ගරිල්ලා මාකටිං, සමනළ සංධවනිය, මහරජ ගැමුණු, ඝරසරප සහ මිදුණු විශ්වය වැනි සිනමා කෘති ද වේ. ඔහුගේ අටවන සිනමා නිර්මාණය ලෙසින් The Hidden City ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.
රංගන දායකත්වය
හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, මේඝ සූරියආරච්චි, බුද්ධික ජයරත්න, දිනෙත් ද සිල්වා, රයන් වැන්රෝයන්, තිලංක විදූෂ, අනුර ධර්මසිරිවර්ධන, සනත් ගුණතිලක, වසන්ත කුමාරවිල, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, ඩිස්නි රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, ශ්‍රීමාල් වෙඩිසිංහ, චංචලා වර්ණසූරිය, ලක්ෂ්මී දමයන්ති, දිමුතු චින්තක, සහන් හේවදේව, චාමල් රණසිංහ, මිලින්ද මඩුගල්ල, දිනේෂ් සුබසිංහ, සංජය බණ්ඩාරනායක, චාමි සේනානායක ඇතුළු විශාල රංගන ශිල්පීන් පිරිසක් දායකව ඇත.
කාර්මික දායකත්වය
තිර රචනය, ගීත රචනය, තොරතුරු ගවේෂණය සහ අධ්‍යක්ෂණය – ජයන්ත චන්ද්‍රසිරි
නිෂ්පාදනය – ලයිකා ප්‍රඩක්ෂන්
නිෂ්පාදන ප්‍රධානි – ජානකී විජේරත්න
කැමරා අධ්‍යක්ෂණය -රුවන් කොස්තා
සහය අධ්‍යක්ෂණය – ප්‍රියන්ත ශ්‍රී සමරකෝන්
සංස්කරණය – රවීන්ද්‍ර ගුරුගේ
වර්ණ සංයෝජනය සහ ඩී.සී.පී. මුද්‍රණය – දිලාන් ගුණවර්ධන
ශබ්ද සැකසුම -අරුණ ප්‍රියන්ත කළුආරච්චි
අංග රචනය – ඉන්දික උදාර ලංකා
සංගීත අධ්‍යක්ෂණය – දිනේෂ් සුබසිංහ
ගීත ගායනය – අමල් පෙරේරා , ඉන්දික රුවන් (රූනි), සනුලි පෙරේරා , එරන්දි හේෂාණි
කොණ්ඩා මෝස්තර – හරූන් ෂයිඩීන්
නැටුම් අධ්‍යක්ෂණය -ගයාන් ශ්‍රීමාල්
සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග – බුද්දික විජේරත්න , සමින්ද වතවන විතානගේ
නිෂ්පාදන සැලසුම- ධම්මික හේවාදුවත්ත
ඇඳුම් නිර්මාණය – වාසනා හේවාදුවත්ත
නිෂ්පාදන කළමණාකරණය – නිමල් විජේසිරි සේනාධීර
සමූහ අධ්යක්ෂ – සඳකත් මහගමආරච්චි
සමූහ නිෂ්පාදක – උදිත කහඳවආරච්චි
විධායක නිෂ්පාදනය – නයෝමි අප්සරා,
ට්රිලාන් ශාස්ත්‍රි ගනේෂන්
නිෂ්පාදන සම්බන්ධීකරණය – අකලංක රත්නායක, නාමල් බණ්ඩාර, තීක්ෂණ කුමාර, බුද්ධිනී ජයවර්ධන
තිර රචනා උපදේශක – බුද්ධිනී ජයවර්ධන
දෙබස් පටිගතකිරිම – පුබුදු ධනංජය වනිගසේකර
අමතර ශබ්ද ප්‍රයෝග – ඩබ්. ජී. පොඩිරත්න
ප්‍රධාන විදුලි ඉංජිනේරු – ශාරක ශ්‍යාමල්
අධ්යක්ෂ සහය- නිමල් ප්‍රැන්සිස්
දෙවන සහය අධ්‍යක්ෂණය – මහේෂ් උයන්වත්ත , තරිඳු මධුශාන්, විශ්ව ප්රබුද්ධ, බුවනෙක කහඳවල.
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු