නිවස ලාංකිය සිනමාව ආදරයේ ආදරණීයම කතාව

ආදරයේ ආදරණීයම කතාව

මන්දාරා

by Mahesh
July 11, 2024 12:30 am 0 comment

ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ චිත්‍රපට කිහිපයකම නිර්මාණශීලී නිර්මාණකරු වූ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණයයි ‘මන්දාරා’. රාවය පුවත්පත තුළින් මාධ්‍යවේදයකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඔහු සම්මානලාභී නිශ්චල ඡායාරූප ශිල්පියකුද වෙයි. 1998 වසරේ තිරගත වූ ‘දැහැන’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිස පසු කලකදී, ‘විමුක්ති’ (1998), ‘අරුමෝසම් වැහි’ (2002), ‘ආදරණීය කතාවක්’ (2016), ‘දේදුනු ආකාසේ’ (2017) යන සිනමා නිර්මාණ ප්‍රේක්ෂකාගාරය වෙත රැගෙන එන ලදී. පුංචි තිරය තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘එක්ස් ෆොර්ස්’ සහ ‘සකුගේ කතාව’ ප්‍රාසංගික ටෙලි නාට්‍යයන් ද ඔහුගේ නිර්මාණයන් වේ. මේ වන විට සියලු වැඩ නිම කර ඇති ඔහුගේ හත් වන සිනමා නිර්මාණය ‘සූරිය සුළඟ’ ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇති අතර, ප්‍රියන්ත කොළඹගේ තිර පිටපත් රචකයකු සේම ගේය පද රචකයෙකුද වෙයි.

හදිසි අනතුරකින් අහඹු ලෙස මුණගැසෙන විශ්ව හා මන්දාරා පෙම්වතුන් බවට පත්වෙන අතර, පසුවදී දෙමාපියන්ගේ දැඩි විරෝධතාවය මත ඔවුහු විවාහ වෙති. වෘත්තියෙන් සැලසුම් ශිල්පියෙකු වන විශ්ව අස්වාභාවික ලෙසින් කෝපයට පත්වන සහ දැඩි ප්‍රචණ්ඩකාරී ගති පැවැතුම් ඇති තරුණයෙකි. මන්දාරා දැල්පන්දු ක්‍රීඩා උපදේශිකාවක් ලෙසින් කටයුතු කරයි. විවාහයෙන් පසුව විශ්වගේ පැවතුම් වෙනස් වේ යැයි මන්දාරා සිතුවද එසේ නොවී ඔවුන් අතර නිතර අඬ දබර ඇතිවෙයි. එවැනි එක අවස්ථාවකදී විශ්වගේ පහර දීමකින් ගැබිණි මන්දාරා බිම ඇද වැටී දැඩි කම්පනයට පත්ව, සිය දෙමව්පියන් වෙතට යන ඇය, විශ්වගෙන් වෙන්වීමට තීරණය කරයි. මේ අතරතුරදි වසර හයක සිර දඬුවමකින් අනතුරුව නිදහස් වන භාරත, තමුන්ට උරුම නැති උරුමයක් ඉල්ලා, මහා ධනස්කන්ධයකට හිමිකාරීත්වය දරන වැන්දඹුවක් වන ඉනෝකා නමැති තම නෑනාට විවිධ තර්ජන එල්ල කරයි. ඇයට යශෝරා නමින් එකොළොස් වියැති හුරුබුහුටි දියණියකද සිටී. නාස්තිකාරයෙකු සහ නිකමෙකු ලෙස දිවි ගෙවන භාරත සහ ඉනෝකා අතර සිදුවන ගැටුමකදී, ඉනෝකා මිය යන අතර, යශෝරා බේරී පලා ගොස් කොළඹට පැමිණෙයි. මිනීමැරුම දුටු එකම සාක්ෂිය වූ යශෝරාව විනාශ කිරීමට භාරත ඇයව හඹා යයි. මමා නමැති සටකපට ගැහැනියකට හමුවන යශෝරාව, මමා විසින් සොරකම් කිරීමට පොලඹවයි. සියල්ල පිළිබඳව කලකිරී විශ්වද කොළඹට පැමිණෙයි. යශෝරාව සොයාගෙන මමාගේ නිවසට පැමිණෙන භාරතගෙන් බේරීමට දිව යන යශෝරා, නවතා තිබූ වාහනයකට නැග සැඟවෙයි. විශ්වට යශෝරා හමුවන්නේ එලෙසිනි. යශෝරාගේ ඉරණම කෙලෙස විසඳේවිද? විශ්ව හා භාරත අතර කිනම් ගැටුමක් ඇති වේද? විශ්ව සහ මන්දාරා යළි එක් වේවිද? යන පැනයන්ට පිළිතුරු මන්දාරා තිරගත වූ පසු ලැබෙනු ඇත.

රංගන දායකත්වය

බිමල් ජයකොඩි, මේඝ සූරියආරච්චි, චූලක්ෂි රණතුංග, සහේලි සදිත්මා සතරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, සෙමිණි ඉද්දමල්ගොඩ, දිනක්ෂි ප්‍රියසාද්, චානුක ප්‍රබුද්ධ, මාධිනි මල්වත්ත, මුතු තරංගා, කීර්ති රත්නායක, ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි, ප්‍රියංකර රත්නායක, වසන්ත විට්ටච්චි, අජිත් ලොකුගේ, නයනා හෙට්ටිආරච්චි, චින්තක වාස්, ෆර්නි රෝෂිණි, හර්ෂිකා රත්නායක, රාජා ගනේෂන්

ළමා රංගන ශිල්පීන්

අංජනා සත්‍යාංගනී, චනුම් ජයකොඩි, කසුන් මලිත්, මල් මන්දිව්, මෙතික නවීන්, කවිෂ උදාර

කාර්මික තොරතුරු
අධ්‍යක්ෂණය – ප්‍රියන්ත කොළඹගේ
නිෂ්පාදනය – මහේන් පෙරේරා
තිර රචනය – ප්‍රියන්ත කොළඹගේ / වජිර කස්තුරි
කැමරා අධ්‍යක්ෂණය – රුවන් කොස්තා
සහය අධ්‍යක්ෂණය – ඩොනල් ජයන්ත
දෙවන සහය අධ්‍යක්ෂණය –
ප්‍රියන්ත පතිරගේ / නිරෝෂන් එදිරිමාන්න
සංස්කරණය සහ දෘෂ්‍ය වර්ණ සංකලනය – මේඝ කාවින්ද කොළඹගේ
ශබ්ද සැලසුම්කරණය සහ පටිගත කිරීම – ඩිරාන් විජේසිංහ
අංග රචනය – නලින් ප්‍රේමතිලක, රුචිර සංජීව
කලා අධ්‍යක්ෂණය – මංගල ප්‍රනාන්දු, ලෙස්ලි වීරසිංහ
ඇඳුම් නිර්මාණය – ජනක උලදුපිටිය
නර්තන වින්‍යාසය – ගයාන් ශ්‍රීමාල්
කොණ්ඩා මෝස්තර – චමිදු අශේක් ලියනගේ
විශේෂ ප්‍රයෝග අධීක්ෂණය – දසුන් කොළඹගේ
විශේෂ ප්‍රයෝග අධීක්ෂණ සහය – ඇලෙක්ස් කල්දේරා
නිෂ්පාදන කළමනාකරණය – පාලිත තෙන්නකෝන්, නිමල් විජේසිරි සේනාධීර, චින්තන ශ්‍රීමාල්
නිෂ්පාදන කළමනාකරණ සහය – උපුල් ගුණසේකර,
වසන්ත වීරදන
සංගීත අධ්‍යක්ෂණය – විශාරද සමන්ත පෙරේරා
ගී පද රචනය – ප්‍රියන්ත කොළඹගේ, නිලාර් එන්. කාසිම්
ගී තනු නිර්මාණය – මහේන් පෙරේරා, චිත්‍රාල් සෝමපාල
ගීත සංගීත සංයෝජනය – චතුරංගන ද සිල්වා, ඩිරාන් විජේසිංහ
ගීත ගායනය – භාචි සුසාන්, මිහිඳු ආරියරත්න, කුෂාණි සඳරේඛා, සුපුන් ද සිල්වා, චිත්‍රාල් සෝමපාල, ආක්ෂා චමෝදි
නිශ්චල ඡායාරූප – මේඝ කාවින්ද කොළඹගේ
කලා අධ්‍යක්ෂණ සහය – අමිත් මද්දුම බණ්ඩාර
අංග රචනා සහය – මධුශාන් සංජය
ඇඳුම් නිර්මාණ සහය – සචිත්‍ර ධර්මතිලක
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී – ශාරක ශ්‍යාමල්

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT