Home » අසිරිමත් නිළිය සහ ගැහැනිය

අසිරිමත් නිළිය සහ ගැහැනිය

 ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම

by Thanushika
May 29, 2025 11:13 am 0 comment

රඟපෑම යනු අසිරිමත් කාර්යයක්ය යන්න මට මුල්වරට අවබෝධ වූයේ එ බඳු අත්දැකීමක් සඳහා මා මුහුණ දුන් කුලුඳුල් අවස්ථාවේ දී නොවේ. කුඩා කල චිත්‍රපට නැරඹීමට ලැබුණු අවස්ථාවක “ඔඩ්රි හෙප්බර්න් (AUDREY HEPBURN ගේ රංගන විලාසයත් “ නර්ගීස් හෝ මධුබාලා” ගේ හෝ හෝ රංගන විලාසයත්. මට එ බඳු සිතිවිලි ගෙනාවේ ය. එහෙත් මගේ මාතෘ භූමියෙන් ඒ අවබෝධය මට ගෙනාවේ “ මාලිනී අක්කා ය. “

“මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා” මට අසිරිමත් නිළියක පමණක් නො වේ. ඇය අසිරිමත් ගැහැනියක ද වන්නී ය. කොහොමටත්, ඉතා ම ගුණ යහපත් වැඩිමහල් සොහොයුරියක් කොතරම් අගේ දැයි ඉඳහිට සිතෙන්නේ ඒ නිසා විය යුතු ය.

බාල නැගණියක වන මට මාලිනී අක්කා බඳු වැඩිමහල් සොහොයුරියක් ද සිටියේ නම් මේ කුමන අදහස දැරුවත් ඈ පිළිබඳ ව එළඹෙන කතිකාවක දී ඇය කෙරෙහි වන මගේ රසිකාවියක වශයෙනි.

සෙනෙහසත්, ගෞරවයත් වඩාත් හොඳීන් මට ප්‍රකාශ කළ හැක්කේ ඇය ගේ නො වෙනස් එහි දී මට ඇය ගේ අගනාම චරිත නිරූපණය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය චිත්‍රපටයේ ඇය නිරූපණය කළ “අයිරින්” ගේ චරිතය බව මම කියමි. නමුත්, ධර්මසේන පතිරාජ ගේ “බඹරු ඇවිත්”, “එයා දැන් ලොකු ළමයෙක්”, අමරනාත් ජයතිලක ගේ ‘ සිරිපාල සහ රන්මැණිකා” යන චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත ද, යසපාලිත නානායක්කාර ගේ “තුෂාරා” කිව යුතු ය.

එවැනි විනෝදාත්මක චිත්‍රපටයක ඇය කළ චරිත නිරූපණය ද මා මහත් සේ ආශ්වාදනය කළ බව යම් චරිත නිරූපණයක් විෂයයෙහි මාලිනී ෆොන්සේකා අප තුළ ඇති කරන ආකර්ෂණය (ATTRACTION) ඇය ගේ සුරූපී නාරි දේහයේ භාව ලීලාවන් නිසා උපදින්නක් නො වෙයි. අදාළ චරිතවල මනෝභාවයන් විශ්මයජනක ලෙස වින්දනය කිරීමෙන් ද, අනතුරුව එම චරිතවල මනෝගතීන් තම පරිකල්පනය තුළ වැඩි දියුණු කොට ගැනීමෙන් ද ඇය එසේ කරන්නීය. එ මඟින් ඇය අප ඉදිරියේ තමා අපූර්ව නිළියක පමණක් නො ව අසහාය නිළියක ද බව හැමවිට ම ඔප්පු කොට සිටින්නී ය. චරිත නිරූපණයේ දී තම සිරුර හැම විට ම දැඩි අවේග පාලනයකට ද (EMOTIONAL CONTROL) දැඩි පේශී පාලනයකට ද (MUSCULAR CONTROL) නතු කොට ගැනීම ඇයට අසීරු කරුණක් නො වේ.

මාලිනී අක්කා තුළ පවත්නා මේ අනන්‍ය සාධාරණ ගුණය ඈ තම ජීවිතයෙන් ම ගොඩනඟාගත් එකකැයි මම සිතමි. තම දෙමාපිය, ස‌හෝදර සහෝදරියන් විෂයයෙහි ඈ තුළ පැවැති අප්‍රමාණ ප්‍රේමය විසින් ඇය ගේ අධ්‍යාත්ම සන්තානය පෝෂණය කරනු ලැබුවා සේ ම, එය ම තම අවට ලෝකය කෙරෙහි ද ඇය ගේ බලවත් ප්‍රේමය දැල්වූවා විය යුතු ය. හුදු ගැහැනියකට පමණක් නොව සමස්ත මනුෂ්‍යයාට ම උරුම විප්පයෝගයේ දුක්ඛ දෝමනස්සත්, සම්ප්‍රයෝගයේ සුඛ සෝමනස්සත් ඇය ගේ රංගන තීර්ථය මොනවට පොහොසත් කළ අමුද්‍රව්‍ය වූවාට සැකයක් නැත.

ඒ විශිෂ්ට රංග ශිල්පිනියට මම මුළු හදින් බැති බර වෙමි.

මාලිනීගේ දශක හතරක රංග අභිනන්දනය වෙනුවෙන් පළකළ ‘මාලිනියේ’ ග්‍රන්ථයට ලියන ලද්දකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT