ගම්පහ රතුකුරුස දේවස්ථානයේ සමන්ත තුෂාර ගරු පියතුමාගේ මරියා මව්තුමිය, පේදුරුතුමා, ඉන්දියාවේ මහත්මා ගාන්ධි, චාලි චැප්ලින්, බොබ්මාලි, මාටින් ලූතර් කින්ග් ආදීන්ගේ මූර්ති 25ක් සහ චිත්‍ර 10ක් සහිත දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාභවනේ හැරල් පීරිස් ශ්‍රවණාගාරයේදී එළඹෙන 17 සිට 19 වැනි දා දක්වා පැවැත්වේ.
ගම්පහ රතුකුරුස දේවස්ථානයේ සමන්ත තුෂාර ගරු පියතුමා, දෘශ්‍ය කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරි ලංකාවේ එකම කතෝලික පූජකවරයාය. පියතුමාගේ පැවිදි දිවියට වසර 25ක් සපිරීම සහ උන්වහන්සේ පවත්වාගෙන යන ‘ෆාදර් සමන්තස් වර්ක්ෂොප්’ චිත්‍ර මූර්ති කලා ආයතනයට වසර 10ක් සපිරීම නිමිති කරගෙන මේ ප්‍රදර්ශනය පවත්වනු ලැබේ.
අසම්මත කලා ප්‍රදර්ශනය එළඹෙන 17 වැනිදා සවස 5.00ට අතිඋතුම් මැල්කම් කාදිනල් පියතුමාගේ සහ සංස්කෘතික ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.