ජීවා අනාථ දරුවකු වන අතර ඔහු කුඩා කල තම මව විසින් මහමග දමා ගොස් තිබියදී අමරේ නැමැති ගැරේජ්හිමියෙක් විසින් ජීවා දරුකමට හදා ගැනීමට තීරණය කරන්නේ විවාහකයෙකු වූ ඔහුට සහ බිරිඳට දරුඵල නොමැති හෙයිනි. කල්ගත වෙද්දී අමරෙගේ බිරිඳට පිරිමි දරුවෙකු ලැබෙන අතර, ඔහුට අශාන් යැයි නම් තබයි. ජීවා සහ අශාන් නොබිඳෙන සහෝදර පෙමකින් යුතුව ඇති දැඩි වෙයි. දෙදෙනා යොවුන් වියට පත්වන විට මව්පියන් මෙලොවින් සමුගෙන සිටි නිසා, ජීවා පියාගේ ගරාජයේ වැඩකර සහෝදරයාව උසස් අධ්‍යාපනයට යොමු කරයි. මේ දෙදෙනා සමාජ අසාධාරණයට එරෙහිව සටන් වැද දුප්පත් ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වෙද්දී, අනෙක් පසින් විශාල සතුරන් පිරිසක් ඇති කර ගනී. ජීවා, විශාකා නමැති තරුණියක හා පෙමින් බැඳී, ඇයගේ දෙමව්පියන්ගේ විරෝධය මැද විවාහ වෙයි. ඔවුන් දෙදෙනාට දාව දියණියක් උපදී. ඇය ඒ ශෙහානි නම් වේ. මේ අතරතුර මැර ප්‍රහාරයකට ලක්ව, අශාන් මියයයි. මෙයින් ඇතිවන තමාගේ හා දියණියගේ අනාරක්ෂිතභාවය පිළිබඳව සිතන විශාකා, සිය බිළිඳු දියණියද රැගෙන ජීවාගෙන් වෙන්ව සිය දෙමව්පියන් වෙත යයි. විශාකාගේ සහ දියණියගේ මතකය සිතෙහි දරා ජීවා හුදෙකලාව ජීවත් වෙයි. දිනක් ඔහුට දැනගැනීමට ලැබෙන්නේ තම දරුවාගේ ජීවිතයට යම් පිරිසක් අනතුරක් සිදු කිරීමට යන බවයි. තම හිතවතුන් සමඟින් එහි යන ජීවා මැරයන් හා සටන් කොට දියණිය බේරාගනී. දියණිය මේ තම පියා යැයි හඳුනා නොගනී. සංවේදී සිදුවීම් මාලාවකට මුහුණ දෙන ජීවා ඔවුන් ආරක්ෂා කරමින් ජීවත් වෙයි. අවසානයේ ඔවුන් තිදෙනා එක් වේවිද? දියණිය සිය පියා හඳුනා ගනීද යනු “ජීවා” සිනමා පටය තුළින් දැනගැනීමට හැකිවනු ඇත.
ඉදිරියේදී තිරගතවීමට නියමිත ”ජීවා” ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංගයන්ගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. තනි තරුව (1982) සිනමාපටය තුලින් රංගනයට පිවිසි ඔහු (ප්‍රථමයෙන් තිරගත වූයේ ගඟ අද්දර (1980) චිත්‍රපටයයි) මේ වන විට චිත්‍රපට 103කට පමණ සිය රංගන දායකත්වය දක්වා ඇත. 1990 වසරේ පැවැති සරසවිය සිනමා සම්මාන උළෙලේදී ”නැවත අපි එක්වෙමු” චිත්‍රපට රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයට පාත්‍ර වූ අතර, එම වසරේදීම පාඨක ඡන්දයෙන් ජනප්‍රිය නළුවාට හිමි සම්මානයද දිනා ගන්නා ලදී. එසේම 1992 වසරේ සරසවිය සිනමා සම්මාන උළෙලේදී ” කෙළි මඬල” චිත්‍රපටයේ කල රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානයත්, 1993 වසරේදී ”සයනයේ සිහිනය” චිත්‍රපට රංගනය වෙනුවෙන් කුසලතා සම්මානය ද හිමිකරගන්නා ලදී. රන් කහවනු, සුදු පරවියෝ, මීදුම් සෙවනැළි ඇතුළු ටෙලි නාට්‍ය 12ක පමණ සිය රංගනය ඔපවත් කළ ඔහු සිංහල සිනමා කර්මාන්තයේ පැවැත්මට සවියක් වීමේ අරමුණින්, හිත හොඳ චණ්ඩියා (1987), රන්දෙණිගල සිංහයා (1989), ඇසළ සඳ (1991), මා ඔබේ හිතවතා (1991), මේ වාරේ මගේ (1992), මුවන් පැලැස්සේ කදිරා (1992) සහ වැලි සුළඟ (1993) යන චිත්‍රපට සඳහා නිෂ්පාදන දායකත්වයද දක්වා ඇත.
රංගන දායකත්වය
ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, ක්ලීටස් මෙන්ඩිස්, පුබුදු චතුරංග, දර්ශන් ධර්මරාජ්, මීනා කුමාරි, මල්ෂා දිව්‍යාංජලී (ළමා), හිමායා විතාරණ (ළමා), ආනන්ද අතුකෝරාළ, ඉසුරු චාමික, ගයාන් මාපලගම, රොහාන් විජේතුංග, ජීවන් හඳුන්නෙත්ති, වසන්ත මුහන්දිරම්, අංජන ප්‍රේමරත්න, රෝහිත ඩයස්, සුදත් විජේසේකර, චාමර බණ්ඩාරනායක, උපුල් ගුණවර්ධන, දමින්ද මෙන්ඩිස්, කුමාර රණපුර, මලර් ආටිගල, මහින්ද ඉහළගම, ගාමිධෑ මානවඩුගේ, ගාමිණි විජේවර්ධන, සුනිල් මල්ලිකාආරච්චි
කාර්මික තොරතුරු
අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, පිටපත ප්‍රතිසංශෝධනය සහ අධීක්ෂණය – ජීවන් කුමාරතුංග
කතාව සහ තිර රචනය – කැලුම් ආර්යන්
සහය අධ්‍යක්ෂණය – චන්දන එදිරිසිංහ, නෙතුල් තඹවිට, සුනෙත් රසාංග
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය –
තිසුල දීප තඹවිට
සංස්කරණය – පසන් චන්ද්‍රසේකර, නෙතුල් තඹවිට
අංග රචනය – ධනුෂ්ක හුලංගමුව
කලා අධ්‍යක්ෂණය – සරත් සමරවික්‍රම
කලා සහය – සුමිත් ප්‍රභාත් මධුසංඛ
සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල
නැටුම් අධ්‍යක්ෂණය – පී.එම්. නන්දකුමාර
ශබ්ද සැලසුම්කරණය සහ 5.1 ශබ්ද මිශ්‍රණය –
දිනේශ් ඒකනායක
වර්ණ සංයෝජනය – පසන් චන්ද්‍රසේකර
නිෂ්පාදන සම්බන්ධීකරණය – සුසන්ත කැළුම්,
චාමර උපේක්ෂිත
නිෂ්පාදක විධායක – කපිල ගම්මන්පිල
නිශ්චල ඡායාරූප – ටෙරාන් නානායක්කාර (ලාරා)
සංගීත අධ්‍යක්ෂණය – සුනිල් ධර්මසේන
ගී පද රචනා – රොඩ්නි විදානපතිරණ, උපාලි බණ්ඩාර වීරසේකර, පූජිත ගුණතිලක
ගීත ගායනය – චාමර උපේක්ෂිත, චින්තා සංදීපනී, රෙසංජනී තමෝද්‍යා එදිරිසිංහ, යූ.ඒ. එරංග
ඇඳුම් නිර්මාණය – නිපුන් චතුරංග, ප්‍රියන්ත දසනායක
පරිගණක මාධ්‍යරූප – තිවංක උදාරා අමරසිරි
කොණ්ඩා සැකසුම – රුචිර දිනේෂ්, තුෂාර විදානගමගේ
දෙවන, තෙවන කැමරා ශිල්පීන් – මංජුල සූරියආරච්චි, ගයාන් ගීතප්‍රිය
ඩ්‍රෝන කැමරා ක්‍රියාකරවීම – අනුර සමන් කුමාර