කලණ ගුණසේකරගේ තිර රචනයකට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාස කුලුඳුල් සිනමා නිර්මාණය ‘අයිස් කී‍්‍රම්’ චිත්‍රපටය එළැඹෙන මාර්තු 06 වැනි දින සිට එම්.පී.අයි.සිනමා මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය ඇරඹිමට නියමිතය. ‘අයිස් ක්‍රීම්’ කෝකිලා විතානගේ සමඟින් දුමින්ද පියරත්න එක්ව නිෂ්පාදනයකී.
කල්පාන්විත ලෝකයත් යථාර්ථයත් අතර අතරමං වූ, රැකියා විරහිත පැල්පත් නිවාසවාසසී සෙල්ලක්කාර තරුණයකුගේ ජීවන චර්යාවන් පිළිබඳ දිගහැරෙන මෙම චිත්‍රපටයේ හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, රොෂාන් රණවන, අයිශාරා අතුකෝරාළ, සරත් කොතලාවල, ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, රුක්මල් නිරෝෂ්, වීණා ජයකොඩි, මධුශාන් නානායක්කාර, චින්තක වාස්, ආනන්ද කුමාර උන්නැහේ, කෝරළගේ සමන්, අංජන ප්‍රේමරත්න ඇතුළු පිරිසක් රඟපාති.
කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂ්, සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර, නිෂ්පාදන කළමනාකරණයෙන් ජීවන මනරම් කෝදාගොඩ, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, සංගීත අධ්‍යක්ෂණයෙන් කසුන් කල්හාර, ගීත රචනයෙන් මංජුල වෙඩිවර්ධන, ගීත ගායනයෙන් කසුන් කල්හාර, කුෂාණි සඳරේඛා එක්වෙති.