චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂණය කරන ‘අමිල සෙනෙහස’ පෝදා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ (සංසාර වන්දනා) 2 වැනි කථාංගය එළැඹෙන 14 වැනි පෝහෝ දා සවස 4 ට ටී එන් එල් සුප්‍රීම් ටීවී ඔස්සේ විකාශය වේ.
මෙහි උදය කුමාරී, රංජිත් දසනායක ,නිම්මි මනෝහාරී, කුමාරී දිසානායක, විනුරි රවින්දි විජේසේකර, පවන්ත හපුතන්ත්‍රි, කෞශාල් සංජය පෙරේරා, විතානගේ ප්‍රදීප්, ස්වර්ණා වීරසිංහ, සරත් කුමාර පතිරණ, ලලිත් ලොකුබණ්ඩා, සෂිකා තුෂාරි අධිකාරි රංගනයෙන් දායක වෙති.
‘අමිල සෙනෙහස’ කතාව, දෙබස් සහ තිර රචනය නිල්මිණි වහීන්ද්රසිංහගෙනි. කලා අධ්‍යක්ෂණයෙන් බන්දුල වීරසේකර සහ වේශ නිරූපණයෙන් පාලිත මහින්දලාල් ගෙනි. සංගීත අධ්‍යක්ෂණය අනුරාධ අබේසිංහ වන අතර චන්ද්‍ර කල්‍යාණි ජයවීරගේ ගීත ගායනයෙන් දායක වේ. සංස්කරණය දනාල් නිරාංජන වන අතර කැමරා අධ්‍යක්ෂණය චානක සේනාධීර විසිනි.
නොයෙල් ජයමහ සහය අධ්‍යක්ෂණයෙන්ද දෙවැනි සහය අධ්‍යක්ෂණයෙන් අරවින්ද සේනාධීර ද දායක වෙති. ‘අමිල සෙනහස’ කුමාරි දිසානායක විසින් නිෂ්පාදනය කරනු ලබයි.