නිවස කළා පුවත් ‘අම්මාවරුනේ’ හා ‘සරල ගී විමසුම්’

‘අම්මාවරුනේ’ හා ‘සරල ගී විමසුම්’

by Thanushika
October 3, 2024 12:50 am 0 comment

ආචාර්ය හංසමාලා රිටිගහපොළ විසින් රචිත කෘති දෙකක් මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ප්‍රකාශයට පත් කෙරේ. ‘අම්මාවරුනේ’ හා ‘සරල ගී විමසුම්’ නමැති එම කෘති ද්විත්වය ම් ඕධධඬඵ ප්‍රකාශනයකි.

මෙරට ඉතිහාසයේත්, සාහිත්‍යයේත්, ජනශ්‍රැති ආදි විවිධ මූලාශ්‍රවල කියවෙන බොහෝ කතාවල නිරූපිත අම්මාවරුන්ගේ භූමිකාව “අම්මාවරුනේ” කෘතියෙන් සාකාච්ඡා කෙරේ. විවිධ සමාජ තත්ත්ව හා සමාජ පන්ති නියෝජනය කරන අම්මාවරුන් 38 දෙනෙකුගේ කතා මේ කෘතියට ඇතුළත් ය.

සරල ගී පසුබිම මෙරට ගුවන්විදුලි ගීතය පසුබිම් කරගත් පාඨ්‍ය ග්‍රන්ථයකි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආරම්භක වකවානුවේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ ගුවන්විදුලි ගේයපද රචකයින් තිදෙනෙක් සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ අවධානය යොමු කරමින් රචනා වූවකි. සරල ගී විමසුමෙන් ගුවන්විදුලි සරල ගීතයේ ඉතිහාසයත්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක, මහගම සේකර ආදීන් පිළිබඳවත් විමර්ශනයට ලක් වී ඇත.

ආචාර්ය හංසමාලා රිටිගහපොළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්‍යවරියකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT