ශ්‍රී ලාංකේය සරල හා ශාස්ත්‍රීය ගීතය චිත්‍රපට සංගීතය, වේදිකා නාට්‍ය, භක්ති ගීත ආදී නොයෙකුත් සංගීත කටයුතු වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ ප්‍රවීණ වාදකයකු සංගීත නිර්මාණකරුවකු වූ කලාසූරී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා ඉකුත් මැයි මස 30 වැනිදා ඕස්ට්‍රේලියාවේිදී අභාවප්‍රාප්ත විය. දරුවන් සතර දෙනෙකුගේ පියෙකු වූ ඒ මහතා මියයන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිය පුත්‍රයකු සමඟ වාසය කරනු ලැබීය.
පස්දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස 1931 අපේ‍්‍රල් 29 වැනිදා කොළඹ කොටහේනේ දී ෂෙල්ටන් පේ‍්‍රමරත්න උපත ලැබීය. මියයන විට ඔහු 93 වන වියේ පසුවිය. සංගීතය පිළිබඳ ඉහළ දැනුමක් ලබා සිටි ටීටර් හා නාඩගම් සඳහා සංගීතය සැපයූ සංගීත වේදියකු වූ සාදිරිස් මාස්ටර් ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා විය. කොටහේනේ කිතුනු ළදරු පාසලෙන් හා කොටහේනේ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ෂෙල්ටන් 1956 දී හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයෙන් ගුරු වෘත්තීයට පිවිසියේය.
කුඩා කල පටන් පාසල ඇරී ගෙදර පැමිණි විගස තම පියා සතු සංගීත භාණ්ඩ වාදනයට නිරායාසයෙන් යොමු වූ ෂෙල්ටන් කාලයත් සමඟ තම පියාගේ අඩි පාරේ යමින් ශෘස්ත්‍රීය සංගීතය හදරා ඒ තුළින් නිර්මාණකරණයට පිවිසියේය.
සිංහල සංගීතය ඉන්දියාවේ දෙමළ හා හින්දි සංගීතය සෘජුව අනුකරණය කළ වකවානුවක චිත්‍රපට සංගීතය ඉන්දියාවේ අනුකරණවාදයේ ග්‍රහණයට හසු වී පැවති වකවානුවේ ආචාර්ය ප්‍රේමරත්නයන් ශ්‍රී ලංකාවට ආවේණික වූ සංගීත ශෛලියක් ගොඩනැගීමට පුරෝගාමී විය. මෙරට චිත්‍රපට සංගීතය ඉන්දියානු අනුකරණවාදයේ ග්‍රහණයට නතුව පවතින කාලයේ සිනමා සංගීතයට එක්ව ස්වතන්ත්‍ර ගී තනු තැනූ පුරෝගාමී ගාන්ධවරයන් ස්වල්ප දෙනා අතරින් කෙනෙකු වූ ෂෙල්ටන් පේ‍්‍රමරත්න චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට මුල්වරට යොමුවන්නේ 1958 තිරගත වූ එකමත් එක රටක චිත්‍රපටය සමඟය.
1948 දී ජීවිතය පී‍්‍රතිය නැමැති චිත්‍රපටයේ සංගීතය සැපයීමට ද ෂෙල්ටන්ට භාර විය. ඒ සඳහා ඔහු කදිරනේ ධීර වීරා ගීතය නිර්මාණය කළ මුත් චිත්‍රපටය තැනීම අතරමඟ නතර වූයෙත් චිත්‍රපට සංගීතය සඳහා යොමුවීම තවදුරටත් ප්‍රමාද විය. එකමත් එක රටක චිත්‍රපටයත් සමඟ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට යොමුවන ෂෙල්ටන් එතැන් පටන් මා ආලය කළ තරුණිය, ගැහැනු ගැට, වනමල, දස්කෝන්, සිහින හතක්, හැංගි හොරා, බඩුත් එක්ක හොරු, රෝමියෝ ජුලියට් කතාවක්, හිතක පිපිණු මල්, කලණ මිතුරෝ, වීදුරු ගෙවල්, තිලකා හා තිලකා, සිරිපාල සහ රන්මැණිකා, නිවෙන ගින්න, එක දවසක් රෑ, ආදර ගීතය, යුවතිපති ආදී චිත්‍රපට රැසක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබීය. ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ දස්කොන් චිත්‍රපටය ශාස්ත්‍රීය ගීතයක් අඩංගු වූ මුල්ම සිංහල චිත්‍රපටය විය.
ආලේ මිහිර පෙන්නා, සොම්නස පෙම් රස එකතු වුණා. සෞම්‍ය චන්ද්‍රා පායා, සුපුන් සඳක් නැගීලා, පුෂ්ප මකරන්දය මාගේ, හංසරාණි ආදරේ, අහසේ තරු ගණින්න, උපන් උපන් කාට වුණත්, ඔහු තැනූ චිත්‍රපට ගීත ගොන්නේ සුවිශේෂි සලකුණු වේ. වැදී ගී ආර පිළිබඳ පර්යේෂණයක් සිදුකළ ෂෙල්ටන් එහි ප්‍රතිඵලයක් වශයෙන් මාමිනි මාමිනි මා දෙයියා (ආර්.එල්. ස්පිටල් ලියූ ගීතයක්) නැමැති ප්‍රකට ගීතය නිර්මාණය කරනු ලැබීය.
සිංහල චිත්‍රපටයකට ඉංගී‍්‍රසි ගීතයක් ප්‍රථම වරට ඇතුළත් කරමින් ගීතයක් නිර්මාණය කරනු ලැබුවේද ෂෙල්ටන් ය.
ඒ රෝමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටය සඳහා සුනිල් ශාන්තයන් ගැයූ ර්ර. ඤපඥචථඵ චපඥ පධඵඥඵ ටධප ථර තධමඥ… නම් වූ සුන්දර ගීතයයි.
ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණයේ සුරයකු වූ ෂෙල්ටන් 1952 වසරේදී හීන කුලය නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරමින් නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට පිවිසි අතර ඉන්පසු සසර දුක, සුරාසූදු අන්තුවා, සමදරා, මන්ත්‍රී හාමුදුරුවෝ, ගුත්තිල මුසිල, තිත්ත බත, පරෙවිය, තවත් උදෑසනක්, මනරංජන වැඩ වර්ජන, හොටබරි යුද්දෙ, හුණුවටයේ කතාව, ඩුංඩුං බෙරේ, කෝන්තරේ, තහංචි, සෛලාසනය, චුලෝදර මහෝදර, නරියා සහ කේජු, ශ්‍රී වික්‍රම, සිරිසඟබෝ ආදී නාට්‍ය රැසක සංගීතය මෙහෙයවමින් වේදිකා නාට්‍ය ගී සාහිත්‍ය පෝෂණය කිරීමට ද ෂෙල්ටන් පේ‍්‍රමරත්නයන් සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ලැබීය.
සාරභූමි, නවයුගය, ගමන, දියවන්නා, පරෙවියා යනාදි මුද්‍රා නාටක ද ඔහුගේ ස්වර රචනයෙන් ඔප විණි. හින්දි සිනමාවේ බෙහෙවින් ජනපි‍්‍රය වූ ගීත ඇතුළත් දෝස්ති චිත්‍රපටය සිංහල බසින් නිපද වීමේදි එහි ගීත නිර්මාණය කිරිමේ අභියෝගය භාරගනු ලැබුවේ ද ෂෙල්ටන්ය. ශ්‍රී ලාංකේය චිත්‍රපට ගීතාවලියේ වාර්තා තැබු සංගීතඥයකු ලෙස ෂෙල්ටන් ප්‍රකටය. සිංහල චිත්‍රපටයක එන දිගම තේමා ගීතය නිර්මාණය කළේ ද ෂෙල්ටන්ය.
සීමිත වාද්‍ය භාණ්ඩ ගණනාවකින් අපුරු තනුවක් නිර්මාණය කිරිමේ හසළ දැනුමක් තිබු ෂෙල්ටන් සංගීත ලෝකයේ පර්යේෂණයන් සිදුකරමින් විවිධ අත්හදාබැලීම් සිදුකරනු ලැබීය. හුණුවටයේ කතාවේ වැල්පාලමේ ගීතයේදී වැල් පාලමේ අවධානම අපට දනවමින් එය ඉදිරියට විකාශය වෙමින් නියම ශ්‍රැතියට පැමිණ අවසන් වීම.
සමුද්‍රදේවි නාට්‍යයේ ගෝවේ ගැහැනු පරාදයි ගීතය සඳහා වයලීනය උපයෝගී කරගෙන අශ්වයාගේ හේෂාරාවය හා බුරුවාගේ හඬ මතු කරනු ලැබීම.
හුණුවටයේ කතාව හි අකුණු හඬ ෂෙල්ටන් මතු කරනු ලැබුවේ පැරැණි ඔ – අචර තහඩුවක් දෙකට නවා කිසියම් රිද්මයකට ඉහළට පහළට වේගයෙන් හැසිරවීමෙනි. තවද ෂෙල්ටන් විසින් සිදුකළ අත්හදා බැලීම් අතරට හිතක පිපුණු මල් චිත්‍රපටය සඳහා සිංහල ඉංගී‍්‍රසි මිශ්‍ර ගීතයක් නන්දා මාලිනී හා ඩැලරීන් ආර්නෝල්ඩ් ගේ ගායනයෙන් නිර්මාණය කිරීම, හොටබරි යුද්දේ නාට්‍ය සඳහා සංගීත භාණ්ඩ මඟින් සත්ව හඬවල් නිපද වීම. 1976 දී ඩ්භදඤපඥඤ ඍධඪජඥඵ ප්‍රසංගය එකදු වාද්‍ය භාණ්ඩයක් නොමැතිව සියදෙනෙකුගේ මිනිස් හඬ පමණක් භාවිත හඬ වෘන්ද ගායනයක් ඉදිරිපත් කිරීම. නිදසුන් කීපයකි.
ෂෙල්ටන් අතින් නිර්මිත මියුරු ගුවන් විදුලි ගීත රැසක් ද විය. විජේරත්න වරකාගොඩ ගැයු හිරු පායනවා, මොරිස් දහනායක ගැයු ඔන්න ඕලු මලක්, ශ්‍රීමතී තිලකරත්න ගායනා කරන කිරිකැටි පුතුනේ, මාලනී බුලත්සිංහල ගායනා කරන සඳමඩලේ සිට අමරදේව හා චන්ද්‍රිකා සිරිවර්ධන ගායනා කරන කැන්දන් එන්නේ කවදද මා ගුණදාස කපුගේ ගායනා කරන නාඹර ගොයමට… ඒ සඳහා කදිම සාක්ෂි වන්නේය. මෙතුමන් වෙතින් සංගීතය හදාරා පසු කලෙක ප්‍රවීණත්වයට පත් ඔවුනගෙන් නිර්මාණකරණයට පිවිසි කලාකරුවන්ද බොහෝය. ඔස්ටින් මුණසිංහ, වික්ටර් දළුගම, මර්වින් පෙරේරා, මර්වින් පි‍්‍රයන්ත, ආනන්ද දාබරේ, රංජිත් යාපාද අල්විස් ඒ අතරින් කිහිප දෙනෙකි.
සෑම සංගීත භාණ්ඩයක්ම පාහේ වාදනය කිරීමේ හැකියාවෙන් සුපෝෂිත වූ ෂෙල්ටන් ගීත සඳහා ඊට උචිත සංගීත සංයෝජනය කිරීමේ පුදුම හැකියාවකින් පිරි පුද්ගලයෙක් විය. බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ නිර්මාණ කටයුතු වලදී සංගීත සංයෝජනය සඳහා ෂෙල්ටන්ගේ සහය පතමින් ගුරුහරුකම් පැතූ බොහෝ අවස්ථා තිබිණි.
දශක හතකට වැඩි කාලයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසකට සංගීය සහ ගායනය උගන්වා ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද සංගීත ක්ෂේත්‍රයේ ඉහළ තැනක වැජඹෙති. උතුරු කර සටන ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක සංගීත අධ්‍යක්ෂණය කළ ෂෙල්ටන් ප්‍රේමරත්න ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙනුවෙන් කළ භක්ති ගී වැඩසටහන, මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුව අභියස කැලණිය විද්‍යාලංකාර පිරිවෙන සිසු සිසුවියන් යොදවා කළ දහසක් මුවින් ගැයූ බැති ගී භක්ති ගීත වැඩසටහනක මාතර වෙහෙරහේන බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස පැවති භක්ති ගීත වැඩසටහන එතුමන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් කළ සුවිශේෂි බැති ගී වැඩසටහන් කිහිපයක් විය.
තම ජීවිතය හා බැදුණු අග්‍රා, පේ‍්‍රමරත්න, ශ්‍යාමා ප්‍රේමරත්න, ප්‍රදීප් ප්‍රේමරත්න, ඩිංගිරිමිණි පේ‍්‍රමරත්න දරුවන් සතර දෙනාගේ ආරාධනයෙන් එතෙර පදිංචියට ගිය ෂෙල්ටන් ප්‍රේමරත්න තම අග්‍රා ප්‍රේමරත්න පුතු හා එක්ව කැන්බරා, සිඩ්නි, මෙල්බර්න් නගරවල අති සාර්ථක සංගීත ප්‍රසංග ගණනාවක් පැවැත්විය.
එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කළ අප්‍රමාණ වූ මෙහෙවර වෙනුවෙන් 2009 වසරේ මැයි 07 වැනිදා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවැනි උපාධි පුදානෝත්සවයේ ෂෙල්ටන් පේ‍්‍රමරත්නයන් කලා ශූරී උපාධියෙන් හා ආචාර්ය උපාධියෙන් පුදනු ලැබීය.
දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබු ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ඊට නොදැවෙනි මහා රසික ජන ප්‍රසාදයක් තම ජීවන ගමනේ දිනාගනු ලැබුවේ සදා නොමැකෙන නිර්මාණ ගොන්නක් සමඟිනි.
චන්දන දයාසිරිවර්ධන