නිවස ලාංකිය සිනමාව අබිරහසක ඇතුළාන්තය

අබිරහසක ඇතුළාන්තය

KIDNAP

by Thanushika
August 29, 2024 11:09 am 0 comment

මෙම කතාවේදී ඔබට හමුවන වරුණ සහ නිසංසලා දිගු කාලයක් පෙම්වතුන් වී සිටි යුවලක්. යම් හේතුවක් නිසා ඔවුන්ට එක් වීමට නොලැබෙන අතර වරුණ විදේශගත වෙනවා. වසර පහකට පමණ පසුව පළමු පෙම්වතිය වූ නිසංසලාගෙන් ලැබෙන දුරකථන ඇමතුමකට අනුව වරුණ නැවත ලංකාවට පැමිණීමට තීරණය කරනවා. ඒ වන විට නිසංසලා, වික්‍රම් සමඟින් විවාහව සිටී. වරුණව හමුවන නිසංසලා පවසනවා ඔවුන්ගේ දියණිය වූ ස්වේතාව යම් පිරිසක් විසින් පැහැරගත් බවත්, දරුවා සොයාගැනීමට ඔහුගේ උපකාරය අවැසි බවත්ය. එයට එකඟවන වරුණ වික්‍රම්ට හොරා ක්‍රියාත්මක වෙති. මේ අතර දරුවා සොයා යන වරුණට නිසංසලා කියන පරිදි කිසිවක් කිසිම තැනක සිදු නොවී ඇති බව වැටහෙයි. මෙම සිදුවීමට තම ස්වාමියාගේ සහෝදරයා වන සුදු සහ ඔහුගේ ගෝලයා වන උපාලි සැක කරන බව නිසංසලා පවසන බැවින්, ඔවුන් පසුපස හඹා ගියද පලක් නොවූ නිසා අවසානයේ නැවත විදේශගත වීමට තීරණය කරති. ගුවන්තොටුපළ කරා යන අතරතුර වාහනයේ රියදුරා පවසන යම් කරුණක් නිසා, වරුණ විදේශගත නොවීමට තීරණය කරයි. නැවතත් මෙම අභිරහස සෙවීමට වෙහෙසෙන වරුණ පිළිබඳ පොලිස් පරීක්ෂක ජයේ නිරීක්ෂණයක යෙදෙයි. මෙහිදී වරුණ සහ ජයේ අතර ගැටුම් හට ගනී. මේ සියලුම කරුණු කාරණා පිළිබඳ කාටත් රහසින් ක්‍රියාත්මක වන ඒ.එස්.පී. කාව්‍යා යම් නිගමනයකට පිවිසෙති. මේ ඔවුන්ගේ කතාවයි.

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂකවරයකු වන සුරංග ද අල්විස් “කිඩ්නැප්” හී නිර්මාණකරුවා වන අතර, ඔහු සිනමාශාලා හිමිකරුවකු සේම, චිත්‍රපට ඩී.වී.ඩී.කරණයේ ප්‍රමුඛයෙකුද වෙයි. ඔහු විසින් මෙයට ප්‍රථම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර “රජහොරු” (2013), “මයි නේම් ඊස් බන්දු” (2015), “හොරාපොලිස්” (2016, “ද ගේම්” (2022) යන නිර්මාණද වෙයි. “සංජානා” චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ ඔහු මේ වනවිට වැඩ නිම කර ඇති “අර්‍ණර්‍ණර් ව්ර්‍ණ 106” චිත්‍රපටයද ඉදිරියේදී තිරගත කිරීමට සැලසුම් කර ඇති අතර “ගේම්කාරයෝ” නමින් නවතම සිනමා නිර්මාණයක මූලික වැඩ කටයුතු ආරම්භ කර ඇත. “කිඩ්නැප්” මේ වසර තුළ තිරගත වනු ඇත. “කිඩ්නැප්” තිර රචනය ද සුරංග ද අල්විස් සතුවේ.

රංගන දායකත්වය

අර්ජුන කමලනාත්, මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, අමීෂා කාවින්දි, බුද්ධික ජයරත්න, ධනංජය සිරිවර්ධන, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ටහිරා ගුණසේකර, මානෙල් වානගුරු, රජිත හිරාන්, රොහානි වීරසිංහ, හර්ෂණ බෙත්මගේ, මාක් සැම්සන්, ලාල් කුමාර, සුජාන් මිලංග, අනුර බණ්ඩාර රාජගුරු, ඉන්දික මදුරගේ, සමන්ත මායාදුන්න, උදයංග සුරේෂ්, සමන් පද්මකුමාර, ඉන්දික ප්‍රසන්න, සුගත් ජානක, කුමුදු නිශාන්ත, රාජි මෙන්ඩිස්, ආරියරත්න ගමගේ, සඳුන් බණ්ඩාර, ශිරෝමිකා ප්‍රනාන්දු, රජිත එදිරිසිංහ, කසුන් දොඹගොල්ල, මංජුල ෆොන්සේකා, ජයරත්න ගලගෙදර, අමාෂා ගුණතිලක

කාර්මික දායකත්වය

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – සුරංග අල්විස්

නිෂ්පාදනය – අමීශා කාවින්දි – සංගීතා ෆිල්ම්ස් – ඉසුරු ෆිල්ම්ස්

කැමරා අධ්‍යක්ෂණය – තුසිත අනුරාධ

කැමරා සහය – නලින්ද ප්‍රියදර්ශන, සුරේන්ද්‍ර කුමාර

සංස්කරණය සහ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග – රුවන් වීරසිංහ

සහය අධ්‍යක්ෂණය – නිම්ෂාන් වීරක්කොඩි, නදීෂ ඩයස්, සමන් පද්මකුමාර

අංග රචනය – චාමර නිරෝෂන්, සහය – සංජය අමරසිංහ

කලා අධ්‍යක්ෂණය – සුසන්ත කැළුම් ප්‍රියබණ්ඩාර

කලා සහය – ප්‍රබෝධ සේනාරත්න, ප්‍රභාත් මධුසංඛ, සමන් කුමාර

සටන් අධ්‍යක්ෂණය – සමන්ත රංග මායාදුන්න

ශබ්ද පරිපාලනය – කාලිංග ගිහාන් පෙරේරා

වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර

නාද ශික්ෂණය – සුනෙත් කැළුම්

සංගීත අධ්‍යක්ෂණය – සරත් ද අල්විස්

ගී පද රචනය – දුල්හාරා ඉලංගකෝන්, ඉසුරු වීරසිංහමුදලි

ගීත ගායනය – සංඛ දිනෙත්, මහේෂිකා ලක්මාලි

ඩ්‍රෝන කැමරා ක්‍රියාකරවීම – ප්‍රියංකර හේරත්ගේ

නිශ්චල ඡායාරූප – අරුණ ශාන්ත

ඇඳුම් නිර්මාණය – ප්‍රියාන් අරුණ ශ්‍රී, සහය – ප්‍රදීප් අරුණ

නිෂ්පාදන කළමනාකරණය – මංජුල ෆොන්සේකා, දර්ශන දිසානායක

පසුතල වීඩියෝකරණය – විමල් ජයරත්න

ආලෝකකරණය – සුරේන්ද්‍ර කුමාර, ශාන්ත පෙරේරා,

අමිත් කළුබෝවිල, දිනේෂ්, සරා

 

[email protected]

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT