බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතිය කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම විසින් පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල මේ මස 11 වැනි දින සිට 20වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් හා ටවර් රඟහල්වලදී වේදිකා ගත කිරිමට කටයුතු සූදානම් කර ඇත.
මෙවර නාට්‍ය උළෙලේදී පුරා දින දහයක් තුළ දිගු නාට්‍ය 14ක් කෙටි නාට්‍ය 12ක් හා ළමා නාට්‍ය 8ක් වශයෙන් නාට්‍ය 34ක් දර්ශන වාර 68ක් ප්‍රේක්ෂකයන්ට රසවිඳීමට ටවර් හෝල් පදනම කටයුතු යොදා ඇත. මේ තාක් ටවර් හෝල් පදනම උපයාගත් ආදායමෙන් රුපියල් ලක්ෂ විසි පහක් මෙවර නාට්‍ය උළෙල සඳහා වැය කිරීමටද නියමිතය. ඉදිරිපත් කරවනු ලබන සෑම නාට්‍යයක් සඳහාම ටවර් හෝල් පදනම විසින් ශාලා පහසුකම් නොමිලේ සැපයිමට සියලු කටයුතු සූදානම් කරනු ලබයි.
විෂය භාර ඇමතිවරයාගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක මෙම නාට්‍ය උළෙල සඳහා නාට්‍ය තෝරා ගැනීමේ දි නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ප්‍රවීණ නාට්‍ය විචාරක චන්ද්‍රසිරි බෝගමුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රසන්නජිත් අබේසූරිය ප්‍රවීණ නාට්‍යවේදී සෙනවිරත්න රොද්‍රිගු යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් සිදු කරනු ලබයි.
එමෙන්ම නාට්‍යය ජනතාව අතර ප්‍රචලිත කිරීම, නාට්‍ය නැරැඹීම සඳහා ප්‍රේක්ෂකයා උනන්දු කරවීම ජනතා ආකර්ෂණය රංග ශාලා වෙත ගෙන ඒම අරමුණු කරගනිමින් අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල වෙනුවෙන් මෙම මස 10වැනි දින නාට්‍ය පෙරහැරක් සංවිධානය කිරීමද සිදු කරනු ලබයි. මෙම පෙරහැර සඳහා නාට්‍යකරුවන්, කලාකරුවන්, ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ටවර් හෝල් රඟහල පදනමේ කාර්යය මණ්ඩලය සහභාගි වීමට නියමිතය. මෙවර නාට්‍ය උළෙල පැවැත්වෙන දින දහය පුරාවට ටවර් කලා ශිල්පීන් දෙපළ බැගින් ශිල්පීන් විසි දෙනෙකුට ජීවිතේ එක් වරක් පමණක් පිරිනමන ටවර් හෝල් උපහාර සම්මානය පිරිනැමීමටත් මූල්‍යමය තිළිණයක් ප්රදානය කිරීමටත් ටවර් හෝල් රඟහල පදනම කටයුතු සංවිධානය කර ඇත.