Home » අපරාධකරුගේ පාපොච්චාරණය

අපරාධකරුගේ පාපොච්චාරණය

“සෝණා”

by Thanushika
February 13, 2025 1:35 pm 0 comment

දකුණු ඉන්දීය සිනමා ආභාසය සහිතව ස්වතන්ත්‍ර තිර රචනයක් ඔස්සේ ඉදිරියේදී තිරයේ දිගහැරීමට නියමිත “සෝණා” කතා තේමාවට අනුව එහිදී හමුවන, පිරිමින් වසඟයට ගන්නා සුලු සුරූපි රූ සපුවකින් යුත් ආලියා සූසෑන් දක්ෂ පොලිස් පරීක්ෂකවරියකි. දිනක් තම නිල රාජකාරියෙන් විරාමයක් ලැබ නිවසේ හුදෙකලාව සිටිනා මොහොතක සෝණා නමැති භයානක අපරාධකරුවා ඇයගේ නිවසට ඇතුළු වෙයි. එම සිදුවීමෙන් අනතුරුව ඇය තම සහායක නිලධාරීන් හා එක්ව සෝණාගේ පැටිකිරිය සෙවීමට පටන් ගනී. එහිදී ඇයට දැන ගැනීමට ලැබෙන්නේ, මේ වන විට සේවයෙන් පහකර සිටින ශ්‍රීකාන්ත විජේබණ්ඩාර යන පොලිස් පරීක්ෂකවරයා සතුව සෝණා පිළිබඳව තොරතුරු ඇති බවයි. ඒ අනුව සෝණා සොයා යන ඇගේ ගමන් මඟ වෙනතකට යොමු වන්නේ “මාෂා” නමැති තවත් පුද්ගලයෙකු පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට සිදුවන නිසාය. ප්‍රබල දේශපාලන රැකවරණය සහිත පාතාල නායකයකු වන ලියෝ ද, සෝණා සහ මාෂා පිටුපස ඇති බව ආලියා සැක පළ කරයි. මෙම අපරාධකරුවන් නීතිය රැහැනට හසුකර ගැනීම සඳහා ශ්‍රීකාන් ආලියාට උදව් කරාවිද, මාෂා හා සෝණාගේ අරමුණු හා ඔවුන් පසුපස සිටින්නේ කවුරුන්ද සහ සෝණා ආලියාගේ නිවසට ඇතුළු වූයේ ඇයිද යන ගැටලුවලට පිළිතුරු, ත්‍රාසය කුතුහලය සමඟින් අතිශය යාවත්කාලීන වූ රූපණ හා ශබ්ද රීතියන් සමඟින් ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක ආශ්වාදය සහ අත්දැකීම ලබාදෙන “සෝණා” තිරගත වූ දිනෙක ලැබෙනු ඇත.

සෝණා තම කුලුඳුල් සිනමා නිර්මාණය කර ගනිමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන ශාන් ජයරත්න, ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස “අක්ෂි” හා “මේන් කැරැක්ට” ටෙලි නිර්මාණ ද්විත්වය සමඟින් පුංචි තිරයේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණ ඇත. යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඔහු ශිෂ්‍යත්වය සමත්වීමත් සමග කෑගල්ල, කෑගලු මහා විද්‍යාලයට ඇතුළත්ව එහිදී නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරමින් නාට්‍යකරණයෙහි යෙදී ඇති ශාන්, සමස්ත ලංකා පළමුවැනි ස්ථානය අවස්ථා කිහිපයකදීම කණ්ඩායමක් ලෙස ලබා ගැනීමට සමත්ව ඇත. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන ධනුෂ්ක රත්නායක යටතේ ඡායාරූපකරණය, වීඩියෝ සංස්කරණය සහ කැමරාකරණය හදාරා ඇති ඔහු, ධනුෂ්ක රත්නායකගේ නිර්මාණයන්හි නිෂ්පාදන කළමනාකරුවකු ලෙස එක් වෙමින් ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුව ඉහත ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට යොමු වී ඇත. “වීදුරු තිර” නම් වූ ඔහුගේ තෙවන ටෙලි නිර්මාණය ළඟදීම විකාශනය වීමට නියමිතව ඇති අතර සිව්වන ටෙලි නිර්මාණය රූගත කිරීම් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතව ඇත. ඉදිරියේදී ද ටෙලි නාට්‍ය හා සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක මනස සුවපත් කිරීමට ශාන් අපේක්ෂාවෙන් සිටි.

රංගන දායකත්වය

වසන්ත කුමාරවිල, මියෝනා ද සිල්වා, මොරින් චාරුණි, අනුරාධ මල්ලවආරච්චි, පැතුම් විදානගමගේ, උපතිස්ස බාලසූරිය, දිල්කි දිසානායක, නිපුන් ප්‍රනාන්දු, ගාවින්ද නවරත්න, පසිඳු නාල්පන්දෙනිය, කසුන් දුෂාන්ත, ආරියසේන ගමගේ, මනෝජ් යාලගල, යසිත සේනානායක, සිසිර ගී කියනගේ, සමන් හේමපාලගේ, සුදිනි සින්දවී, දයා සමරසිංහ.

විශේෂ ආරාධිත රංගනයක – චින්තක වාස්, ක්ලීටස් මෙන්ඩිස්

කාර්මික තොරතුරු

අධ්‍යක්ෂණය – ශාන් ජයරත්න

නිෂ්පාදනය – මහීතරු ප්‍රඩක්ෂන්ස්

තිර රචනය – ප්‍රියනාත් විදානපතිරණ /නිලංක ඇලෙක්සැන්ඩර්

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය – චානක සංජීව

සහය අධ්‍යක්ෂණය – තරිඳු ආරච්චිගේ

සංස්කරණය – ගිහාන් ප්‍රභාත් තෙන්නකෝන්

ශබ්ද පරිපාලනය – සශික රුවන් මාරසිංහ

අංගරචනය – චමීර සම්පත්

කලා අධ්‍යක්ෂණය – නාලක සිරිවර්ධන

නර්තන වින්‍යාසය – තරංග හර්ෂ කුමාර

සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල

වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර

දෘශ්‍ය ප්‍රයෝග – චමින්ද ජයවර්ධන

ශබ්ද සංස්කරණය – ලක්ෂිත ෆොන්සේකා

නිෂ්පාදන කළමනාකරණය – ඩිලාන් රොෂාන්

සංගීත අධ්‍යක්ෂණය – විහඟ මුතුතන්ත්‍රිගේ

ගී පද රචනය – අශල්‍යා රණවීර, හංසි මංචනායක

ගීත ගායනය – එරන්දි මදුෂිකා, සුදිනි සින්දවී, තිසර ජයසිංහ, විහඟ මුතුතන්ත්‍රිගේ

සහය කැමරාකරණය – සිහාල් වීරසේකර

කැමරා නාභිගතකිරීම – අමිත් සුරංග

දෙවන සහය කැමරාකරණය – අකලංක හේරත්

දෙවන සහය අධ්‍යක්ෂණය – විශ්ව ප්‍රබුද්ධ

ඩ්‍රෝන ක්‍රියා කරවීම – මධුරංග පෙරේරා

පසු නිෂ්පාදන කටයුතු – සරසවි චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප – සුපුන් ස්ටැෆීන්

 

[email protected]

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT