නගරයේ හැදී වැඩුණු මිනෝලි තරුණ ගුරුවරියකි. ඇයට ප්‍රථම ගුරු පත්වීම ලැබෙනුයේ, ඉතාමත් නොදියුණු දුෂ්කර ගමක පිහිටි පාසැලක් වෙතයි. එහි වෙසෙන වැසියන්ගේ ජීවනෝපාය වනුයේ ගව පාලනය සහ ගොවිතැනයි. අධ්‍යාපනය සඳහා සිසු දරු දැරියන් පැමිණියේද සීමිත ප්රමාණයකි. පාසල් වයසේ බොහෝ දරුවන් දෙමව්පියන් හා ජීවිත සටනේ යෙදී ඇත. මෙම අවාසනාවන්ත තත්ත්වය වටහා ගන්නා මිනෝලි, මුල් ගුරුතුමා සමඟිින් සාකච්ඡා කොට නැවත විදුහල නඟා සිටුවීමට මූලිකත්වය ගනී.
ගමෙන් ගම ගෙයින් ගෙට ගොස් මවුපියන් හමුවී අධ්‍යාපනයේ වටිනාකම ඔවුනට වටහා දී නැවත පාසැල වෙත දරුවන් ගෙන්වා ගැනීමට ඇය සමත්වෙයි. මේ හේතුව නිසාම ගම්මුන්ගේ ගෞරවයට ඇය පාත්‍ර වෙයි. මිනෝලිගේ මෙම ක්‍රියා කලාපය නොරිසි පිරිසක් ගුරු මණ්ඩලයේ මෙන්ම පිටතද සිටියි.
ඒ, ඔවුන් පාසල හා සම්බන්ධව කරගෙන ගිය අයථා ක්‍රියාවන්ට ඇය බාධාවක් වූ බැවිනි. ඇයට විරුද්ධව වඩාත්ම නැඟී සිටියේ, විවිධ විෂමාචාර ක්‍රියාවන්හි නිරත නිලමේ නමැති ගමේ මැර පුද්ගලයෙකි. සියලු බාධක හමුවේ ඇය දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළද, මිනෝලිගේ පෙම්වතා යෝජනා කරනුයේ ඔවුන්ගේ විවාහය සිදුවීමට නම්, ඇය නැවත නගරයට පැමිණිය යුතු බවටයි. තම දිවියේ බැරෑරුම්ම ජීවන අභියෝගයට ඇය මුහුණ දෙන ආකාරය දිරිය දෝණි තුළින් පෙන්වා දී ඇත.
”එය මෙසේ සිදුවිය” වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදෙමින් ප්‍රියන්ත සමරකෝන් කලා ක්ෂේත්රයට පිවිසෙනුයේ පාසල් අවධියේමය. පසු කලකදී ප්‍රවීණයන් රැසකගේ ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක රංගනයට අමතරව, පසුතල නිර්මාණ කටයුතු කිරීමට ද ඔහුට අවස්ථාව සැලසිණ. මානෙල් ජයසේන හා ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණයන් පැවැත්වූ රංගනය පිළිබඳව වැඩමුළු සඳහා සහභාගීව දැනුම් සම්භාරයක් ලබා ගැනීමෙන් අනතුරුව, ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක සහ චිත්‍රපට කිහිපයක සහය අධ්යක්ෂවරයා වීමට ඔහුට හැකි විය. ඒ ලද අත්දැකීම් තුළින් තම කුලුඳුල් ඒකාංගික ටෙලි නිර්මාණය වූ ”අවුරුදු සිහිනය” පුංචි තිරයට ගෙන ඒමට කටයුතු කළ ඔහු, එංගලන්තය බලා පිටත්ව යන්නේ, සිනමාව පිළිබඳව දීර්ඝකාලීන පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙනි. එහිදී ඔහු කොටස් 27 කින් යුත් ”සීත හිම මාළිගා” නමින් ප්‍රාසංගික ටෙලි නිර්මාණයක් අධ්‍යක්ෂණය කර ඉදිරිපත් කරන ලදී. වසර කිහිපයකට පසුව නැවත මෙරටට පැමිණෙන ඔහු, පිණිවැස්ස, සඳ මැදියම, සිරි වාසල, සත්‍යය, සංසාර ප්‍රාර්ථනා, ඉර දරුවෝ වැනි ටෙලි නිර්මාණ රැසකට සිය නිර්මාණ දායකත්වය එක් කරලීය. ”දේව වරම්” සහ ”නෝනාවරු සමඟ මහත්වරු” ඔහු නිර්මාණය කළ වේදිකා නාට්‍ය ද්විත්වයකි. තිර පිටපත් රචකයෙකු, ගී පද රචකයෙකු, කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට, ගීත රූප රචනා සහ ආයතනික ප්රතිරූප නිර්මාණකරණයේ ද ප්‍රවීණයකු වන ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි දිරිය දෝණි.
රංගන දායකත්වය –
නිපුණි ජේ විල්සන්, රෝහණ බැද්දගේ, නිල්මිණි බුවනෙක, රිචඩ් මානමුදලි, රත්නා ලාලනි ජයකොඩි, අනුර බණ්ඩාර රාජගුරු, වික්‍රම සෙනෙවිරත්න, වසන්ත කුමාරසිරි, අමිල කරුණානායක, හැරී විමලසේන, සරත් දික්කුඹුර, අනෝජා වීරසේකර, කීර්ති රංජිත් පීරිස්, දයා වයමන්, මල්ෂා දිව්‍යාංජලී (හඳුන්වා දෙන ළමා නිළි), සුගත් මෛත්‍රී, රංජිත් ජයසේකර, සීනිති අකිලා කෞශල්‍යා සමරසිංහ, දීපාල් ලියනාරච්චි, මංජුල ගුණවර්ධන, ගයාන් ජයවර්ධන
කාර්මික තොරතුරු
කතාව, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – ප්‍රියන්ත සමරකෝන්
සහය නිෂ්පාදනය – ලාල් විජේනායක, රංජිත් නිමල් විජේනායක, පත්මකාන්ති විජේනායක
කැමරාකරණය සහ ආලෝකකරණය – තිලක් රංජන්
සංස්කරණය – ප්‍රවීන් ජයරත්න
සහය අධ්‍යක්ෂණය – ඉන්ද්‍රජිත් චන්ද්‍ර කුමාර, විශ්ව නවෝද්, නලින් ජානක පෙරේරා
අංග රචනය සහ කොණ්ඩා සැකසුම – හෙන්රි ප්‍රේමරත්න
කලා අධ්‍යක්ෂණය – විජිත බණ්ඩාර බෙරලපනාතර
නර්තන නිර්මාණය – නිලාන් මලිගැස්ප, නිපුණි ජේ. විල්සන්
5.1 ශබ්ද සංකලනය – සශින් ගිම්හාන් පෙරේරා
සංස්කරණ මැදිරි තාක්ෂණ සහය – තනුෂ්ක කහඳවල
දෙබස් රචනා සහය – රුවන් මදනායක
නිෂ්පාදන කළමනාකරණය – මංජුල ගුණවර්ධන
නිෂ්පාදන සැලසුම්කරණය – දර්ශන නයනජිත්
නිශ්චල ඡායාරූප – උපුල් ගුණසේකර
සංගීත අධ්‍යක්ෂණය – දිනේෂ් සුභසිංහ
ගී තනු නිර්මාණය – නාලක අංජන කුමාර
ගී පද රචනය – බන්දුල නානායක්කාරවසම්,
ඉඳුනිල් වීරරත්න, ප්‍රියන්ත සමරකෝන්
ගීත ගායනය – චලනි ලක්ෂිකා ද සිල්වා, සනුජි සනායා වෙල්ගම
ගීත පටිගත කිරීම – ගයාන් පෙරේරා
ශබ්ද ප්‍රයෝග – ඩබ්.ජී. පොඩිරත්න
ශබ්ද ප්‍රයෝග සහය – කෝකිල ගයාන්
නිෂ්පාදන කළමනාකරණ සහය – සුමිත් මැල්සිරිපුර, බන්දුල වැලිකන්න, චින්තක ප්‍රනාන්දු
කැමරා කණ්ඩායම – පැතුම් ධනංජය, නෙවිල් නිශාන්ත, චමල් වික්‍රමසිංහ
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු