ආර්ථික පීඩනයන් සහ කලකිරීම්වල සිරවී සිටින සසිත නම් තරුණයා විදේශ ගත වීමේ උන්මාදයෙන් දිවි ගෙවන්නෙකි. ගමෙන් නගරයට සංක්‍රමණය වී තම අපේක්ෂාවන් කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, ලංකාවෙන් පිටත සිට ලැබෙන තෑගි ඇනවුම් බෙදාහරින අන්තර්ජාලය පදනම් කරගත් ව්‍යාපාර ආයතනයක් වන ගිෆ්ට්නෙට් හී බෙදාහැරීමේ සේවකයෙකු ලෙසින් සේවයට එක්වෙයි. සමාජ මාධ්‍ය හරහා ගණුදෙනු පවත්වාගෙන යනු ලබන ඔහු, අදාළ ත්‍යාග ලබාගන්නන් සමඟ විවිධ ක්‍රමවේදයන් හරහා සබඳතාවන් ගොඩනගා ගනී. තෑගි ලබන්නෝ බොහෝමයක් කාන්තාවෝ වෙති.කලකට පසුව යම් හේතුවක් මත සසිතව සේවයෙන් නෙරපා හරිනු ලබන ආයතන හිමිකරු, ඔහු වෙනුවට ආයතනයට බඳවා ගනු ලබන්නේ, තම ලිංගික ශ්‍රමයද ඔහු වෙනුවෙන් ලබාදීම සඳහා කැපවී සිටින, සසිතගේ පැරණි පෙම්වතියයි. ඇයගේ පූර්ණ අපේක්ෂා වන්නේ, ඉහළ වැටුපක් නොව කෙසේ හෝ ජීවන සහකරුවෙකු සොයා ගැනීමයි. සමකාලීන ලාංකීය යාන්ත්‍රික ජන සමාජයේ තාක්ෂණික ගෝලීයකරණ විප්ලවයේ සංස්කෘතික ධනවාදය ඔස්සේ අත්පත්කරදී තිබෙන ස්මාට් ෆෝන්, ලැප්ටොප්, සුඛෝපභෝගී යාන වාහන නිවාස සමඟ තාරුණ්‍යයේ ජීවන දෘෂ්ඨිය ද බහුචිතවාදි ස්වරූපයක් ගනී. සමාජ මාධ්‍යජාලා ආරම්භ වූ මුල් අවදියේදී පැවැති ලාංකේය තාරුණ්‍යය හා සමාජ ජීවිතයේ එක්තරා පැතිකඩක් මෙතුළින් පිළිඹිඹු කෙරේ. විධිමත් අධ්‍යාපනයක් නොලැබීම නිසා රැකියා සුරක්ෂිත භාවයක් නොමැති කමින්, මුදල් උපයා ගැනීමේ පහසු මාර්ගයන් සොයා විදේශගත වීමේ අපේක්ෂාවෙන් නගරයට පැමිණි සසිතගේ ජීවිතයේ හෙට දවස කෙලෙස තීරණය වේද යනු බහුචිතවාදියා තුලින් පෙන්වා දී ඇත.
සම්මානනීය තරුණ චිත්‍රපට තිර රචකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන මාලක දේවප්‍රිය, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු මෙන්ම කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකු ද වෙයි. ෆිල්ම් වීඩියෝ සහ නිව් මීඩියා සඳහා ජර්මනියේ බාර්ඩන් වෲටන්බර්ග් ශිෂ්‍යත්වය සහ කොරියාවේ නැෂනල් මියුසියම් ඔෆ් කන්ටෙම්පරි ආර්ට් හී දකුණු ආසියානු ෆෙලෝ ශිෂ්‍යත්වයත් හිමි කරගෙන ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිධාරීයෙකු වන මාලකගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි “බහුචිතවාදියා” චිත්‍රපටය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස සිටි අවධියේදී, ඊශ්‍රායලයේ ටෙල්-අවිව්හි පැවැති 10 වන අන්තර්ජාතික ශිෂ්‍ය සිනමා උලෙළේදී ” ලයිෆ් සර්කල් ” නම් වූ කෙටි චිත්‍රපටය ඉදිරිපත් කරමින්, ශ්‍රී ලාංකීය සිසුවෙකුගේ නිර්මාණයක් අන්තර්ජාතික චිත්‍රපට උළෙලකට ඉදිරිපත් කල පළමුවැන්නා වීමට සමත් විය. ඉන් නොනැවතුණ ” ලයිෆ් සර්කල්” නෙදර්ලන්තයේ සිනේ ස්ටුඩ්, ඉන්දියාවේ ඕෂියන් සිනෙ ෆෑන් සහ ඇමරිකාවේ නිව්යෝක් චිමෙරා ඇතුළු සම්මාන උලෙළයන් රැසක්ම නියෝජනය කිරීමට අවස්ථාව උදාකරගෙන ඇත. මාලක විසින් නිර්මාණය කරන ලද “එක්ස්චේන්ජ්” කෙටි චිත්‍රපටය, ටෝකියෝ සිනමා උලෙළට සමගාමීව පැවැත්වෙන ශෝට්ස් ෂෝට්ස් චිත්‍රපට උලෙළේ ” රිදී ටෙන් සම්මානය ” දිනාගත් අතර, පාකිස්තානයේ කරා සිනමා උළෙල නියෝජනය කිරීමට ද වරම් ලද ඔහු විසින් ජර්මනියේ ඇකඩමි ෂ්ලෝස් සොලිටියුඩ්හී දී සාදන ලද “ටුඩේ” කෙටි චිත්‍රපටය ඉතාලියේ සිනමාදමාරේ සිනමා උලෙළේ අවසන් වටයට තරඟ කිරීමටද සුදුසුකම් ලබා ඇත.
රංගන දායකත්වය
කලණ ගුණසේකර, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සමනලී ෆොන්සේකා, දමිතා අබේරත්න, ඩී.බී. ගංගොඩතැන්න, ගීතා අලහකෝන්, රජිත හේවාතන්ත්රි, සුලෝචනා විතානාරච්චි , ඕමාලි රාධිකා, රෙක්ස් හැමිල්ටන්, සුජිත් පතිරගේ, තිළිණ සමරසූරිය, ඊ.එම්.ඩී.උපාලි, උපුල් කොරටුවෙල, කුමුදු කුමාරසිංහ
කාර්මික දායකත්වය
තිරරචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – මාලක දේවප්‍රිය
සම නිෂ්පාදනය – දයානන්ද බෝඹුවල
සහය නිෂ්පාදනය – හිරන්ති ගුණවර්ධන, සූරේන් දෙව්මිත් රත්නායක, ප්‍රියන්ත කොළඹගේ, ඩබ්.එස්.විජේසිංහ
ඉදිරිපත් කිරීම – කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය
සහය අධ්‍යක්ෂණය – ඩබ්.රවින්ද්‍ර, වර්නන් අබේසිංහ
කැමරා අධ්‍යක්ෂණය – චින්තක සෝමකීර්ති
කැමරා සහය – නලින් ධම්මික, ආනන්ද බණ්ඩාර හේරත්, හේමන්ත රත්නායක
සංස්කරණය – හර්ෂ දිසානායක
වර්ණ සංයෝජනය -මේඝ කාවින්ද කොළඹගේ
ශබ්ද සංයෝජනය – ශසික රුවන් මාරසිංහ
සංගීත අධ්‍යක්ෂණය – චිත්‍රාල් සෝමපාල
අංග රචනය – සුරේෂ් හර්ෂජීව
පසුතල හා ඇඳුම් නිර්මාණය – සංජීව කරුණාරත්න
නිෂ්පාදන කළමණාකරණය – රෝහණ වර්ණකුලසූරිය, තිළිණ පෙරේරා
දෘශ්‍ය ප්‍රයෝග – රවීන් වෙත්තසිංහ
නිශ්චල ඡායාරූප – ජයන්ත් ධර්මවර්ධන
ආලෝකකරණ සහය – කෝසල මනෝජ්, ගිහාන් බුද්ධික, කුලරුවන් ගමගේ, සංජීව විකුම්, දිලංග දිනුෂාන්, නාලක නදීශාන්
පරිවර්තනය – සරත් කැල්ලපත, අතුලසිරි සමරකෝන්
ඩී.සී.පී.පිටපත් කිරීම- දිනිඳු ජාගොඩ
වෙනත් සහය-දිනේෂ් ප්‍රියන්ත, සුගත් ප්‍රසන්න වික්‍රමසිංහ , සුරේෂ් මධුසංඛ ලක්මාල්, සෙනරත් දිසානායක, චමින්ද තෙන්නකෝන්, සංජය නාවුල්ලගේ, ලලිත් විජයසේකර, ජගත් නන්දන විතානගේ, ජූඩ් ගෝමස්, ලීල් චන්දන, මලීන් ඕපනායක, ජී.ප්‍රේමරත්න, ගයාන් ඉන්දුම, අරුණ සංජය, රංජිත් පෙරේරා, මිතූන් කරුණාතිලක.
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු