36
සඳුදා වැටෙන්නෙ සිකුරාදාට නාට්‍යයෙන් පසු චාලක රණසූරිය රචනා කොට අධ්‍යක්ෂණය කරන අටවන බුවනෙක වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය දින Script House ආයතනයේදී පැවැත්විණි. කාලීන සමාජ දේශපාලන ක්රමයේ පවතින ගැටලු අර්බූද සියුම්ව ප්‍රහසනාත්මකව දිගැහැරෙන මෙම වේදිකා නාට්‍යය මෙම වසර මැද වේදිකාගත කිරීමට නියමිතය. ජගත් චමිල, නයෝමි තක්ශිලා, අකලංක ප්‍රභාශ්වර, මනෝජා ෆර්ඩිනැන්ඩු රංගනයෙන් එක්වෙති. සංගීතය ළහිරු මාඩිවිල, අංග රචනය ශාලිත ගුණවර්ධන, වේදිකා පසුතල රංග කාරියවසම්, රංගාලෝකය සමන් මලලසේකර, වේදිකා පරිපාලනය බුද්ධික රණතුංග සමඟ යොමාල් චමුපතිගෙනි.