ආදි නාලන්දීය 89 කණ්ඩායමේ ප්රකාශනයක් ලෙස එළි දකින, කොළඹ නාලන්දා විද්‍යාලයේ සිය වසරක ඉතිහාසය විමර්ශනය කෙරෙන ‘විද්‍යාලය නාලන්දා’ පර්යේෂණ ග්‍රන්ථය හෙට පස්වරු 02.30ට නාලන්දා විද්‍යාලීය මල්ලසේකර රඟහලේදී ජනගත කෙරේ.
මෙහි මුලසුන හොබවනු ලබන්නේ නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර වන අතර ස්නායු ශල්‍ය වෛද්‍යය විශේෂඥ ප්‍රසන්න ගුණසේන විසින් මූලාසනයේ දේශනය පවත්වනු ලබයි.
මේ පර්යේෂණ ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ලේඛකයෙකු හා විචාරකයකු වන ආදීනාලන්දියකු වන අජිත් ගලප්පත්තියි.
නාලන්දා විද්‍යාලය පිළිබඳව මෙතෙක් විමර්ශනය නොකෙරුණු ඓතිහාසික කරුණු මෙම ග්රන්ථයට ඇතුළත්ය. බෞද්ධ අධ්‍යාපනය පුරෝගාමී පාසල් අතර නාලන්දා විද්‍යාලයේ ආරම්භය පිළිබඳ ඓතිහාසික ලේඛන හා මෙතෙක් පළ නොවූ දුර්ලභ ඡායාරූප සමග පරිච්ඡේද 66කින් සමන්විත අනුමාතෘකා 307 කින්යුක්ත වේ. ඇම්.ඩී. ගුණසේන සමාගමේ නවීන තාක්ෂණයෙන් යුතු මුද්‍රණය වු ග්‍රන්ථය රුපියල් 7500කි.