නිවස කළා පුවත් අග්‍රගණ්‍ය ආනන්දය ජනගත වූ දා

අග්‍රගණ්‍ය ආනන්දය ජනගත වූ දා

by Mahesh
September 5, 2024 12:30 am 0 comment

ආදි ආනන්දීය, ප්‍රවීණ මාධ්‍යවේදී, සරසවිය ප්‍රධාන කර්තෘ, ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් වසර 8 ක කාලයක් වැය කොට රචිත ‘අග්‍රගණ්‍ය ආනන්දය : ආනන්ද විද්‍යාලයීය වංශය’ ග්‍රන්ථය පසුගියදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ජනගත කෙරේණි.

මෙම ග්‍රන්ථය ඉමාෂි ප්‍රකාශන වෙනුවෙන් විමල් දිසානායක මහතා විසින් ප්‍රකාශයනයට පත්කරන ලදි. ජනගත කිරීමේ උලෙළේ බැතිබර අනුග්‍රහය මාතර ෆ්‍රීලන් ආයතනය විසින් සිදුකෙරිණි.

මෙම ජනගත කිරීමේ උත්සවය මහාචාර්ය ජේ.බී දිසානායක, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා සහ කීර්තිමත් ආදි ආනන්දීයයන්, කලාකරුවන්, සම්භාවනිය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහි මුඛ්‍ය දේශනය රන්වල බලකායේ ආදි ආනන්දිය සහන් රන්වල පැවැත්විය.

ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් විරචිත 18 වැනි ග්‍රන්ථය වන මෙහිදී පළමු පිටපත ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතාට සහ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතාගේ මව වන ප්‍රවිණ ගායන ශිල්පිණි දමයන්ති ජයසුරිය මහත්මියට ඔහුගේ මවට පිරිනැමිණ.

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT