උපුල් මාමා හෙවත් උපුල් වීරසිංහ සහ අංග රචනා ශිල්පි තාරක අධිකාරි එක්ව අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණය සිහින සරුංගල් ළමා සිනමා පටය හෙට 26 වැනි දා සිට දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය ඇරඹේ .
තම සීයාගේ සෙනෙහස් සෙවණේ හැදී වැඩෙන, දෙමව්පියන් අහිමි පාසැල් වියේ පසුවන දිරිය දරුවෙකුගේ ජීවන කතා පුවතක් සිහින සරුංගල් සඳහා පාදකව ඇත. ළමා රංගන ශිල්පීන් වන මෙතික සෙනරත්, ඔමාෂි චාතූර්යා, සස්නිත දෙව්මුතු වන්නිආරච්චි, ලඛිඳී හෙසන්යා වීරසිංහ, සිතුම්දි විහස්නා අධිකාරි, සදිනි දිලස්නා අධිකාරි ප්‍රධාන ප්‍රවීණ රංගන ශිල්පීන්වන රොෂාන් රණවන, හේමසිරි ලියනගේ, ජනක රණසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, චමීර සිල්වා, කුමාර තිරිමාදුර, ආනන්ද අතුකෝරාළ, මනෝහාරි විමලතුංග, ශිරෝමිකා ප්‍රනාන්දු, උමා කරඳගොල්ල, උපුල් වීරසිංහ ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවෙති.
තිර රචනයෙන් සනත් භාෂ්වර කරුණාරත්න, කැමරාකරණයෙන් මංජුල පද්ම කුමාර, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස්, ශබ්ද සැළසුම්කරණයෙන් තනුෂ්ක කහඳවල, සංගීත අධ්‍යක්ෂණයෙන් කිත්සිළු වික්‍රමසිංහ, අංග රචනයෙන් ජනක රණසිංහ සමඟින් සකුෂ් රාජපක්ෂ, සහය අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් චන්දන එදිරිසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් චන්දන ප්‍රියංකර, ඇඳුම් නිර්මාණයෙන් ලක්මාල් අතුකෝරාළ , ගේය පද රචනයෙන් පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි , ගීත ගායනයෙන් ගමිත් නිසංස සහ ලඛිඳී හෙසන්යා වීරසිංහ එක්වී ඇති සිහින සරුංගල් නවීන් රත්නායක සමගින් රෝහණ වන්නිආරච්චි එක්ව නිෂ්පාදනය කරති.