215
ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ මෙන්ම ප්‍රවීණ නිවේදිකාවක් වූ සුමනා නෙල්ලම්පිටිය පසුගිය අභාවප්‍රාප්ත විය.
1967 වර්ෂයේදීය සහන නිවේදිකාවක් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වන ඇය එකල ගුවන් විදුලියේ අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වූ ‘පිබිදෙන ගායක පරපුර’ මෙහෙය වූයේය. පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව බවට පත්වූවාය. සුමනා නෙල්ලම්පිටිය මියයන විට අසූවෙනි වියේ පසුවූවාය. අවසාන කටයුතු පසුගිය දා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.