රන්ජන් ප්‍රසන්නගේ දෙවැනි සිනමා නිර්මාණය වන සඳුන් දොලමුල්ලගේ නිෂ්පාදනයක් වන ‘සුපෙම් සුළඟක්’ මුහුරත් උළෙල පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි. තිරපිටපත සුනෙත් මාලිංග ලොකුහේවා සමඟින් ප්‍රියනාත් විදානපතිරණගෙනි.
ලවන් අභිෂේක්, නෙත්මි රෝෂෙල් සහ සචින්තනී කෞශල්‍යා, සිනමාවට හඳුන්වා දෙන ‘සුපෙම් සුළඟක්’ සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, සේමිණී ඉද්දමල්ගොඩ, දුලානි අනුරාධා ඇතුළු ප්‍රවීණයෝ රැසක් රංගනයෙන් එක්වෙති.
කැමරාකරණයෙන් ස්ට්‍රයින් ඇඩම්ස්, සංස්කරණයෙන් ශාන් අල්විස්, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න විජේසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, අංග රචනයෙන් බුවනෙක රණවක, සංගීත අධ්‍යක්ෂණයෙන් කේෂාන් පෙරේරා, ශබ්ද පරිපාලනයෙන් ශෂින් ගිම්හාන් පෙරේරා, රේඛීය නිෂ්පාදනයෙන් දමින්ද ඩි. මඩවල, විධායක නිෂ්පාදනයෙන් තුසිත් රුවින් බණ්ඩාර එක්වන ‘සුපෙම් සුළඟක්’ නිශ්චල ඡායාරූපකරණය ඉන්දික මල්ලවආරච්චිගෙනි.