Home » ‘සිනමා අධ්‍යක්ෂණය’ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක්…

‘සිනමා අධ්‍යක්ෂණය’ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක්…

by Thanushika
October 2, 2025 12:30 am 0 comment

‘ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය’ විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පසුගිය දින කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි. වසර 14 කට ආසන්න කාලයක් දේශීය සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වෘත්තීය සංවිධානයක් ලෙස පෙනී සිටින, ක්ෂේත්‍රයේ අභියෝග වෙනුවෙන් ඍජුව මැදිහත් වන, ‘ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය’ අනාගත සිනමා පරපුරේ, සිනමා අධ්‍යාපනය වෙනුවෙන් මෙම ඩිප්ලෝමා පාඨමාලාව මෙහෙයවනු ලබයි.

එහි පළමුවන ශිෂ්‍ය කණ්ඩායම, තම ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කළ අවස්ථාවේ දී – සංසදයේ ගරු සභාපති උදයකාන්ත වර්ණසූරිය, ගරු ලේකම් සුනෙත් මාලිංග ලොකුහේවා, ගරු භාණ්ඩාගාරික සුරංග ද අල්විස්, පාඨමාලා අධ්‍යක්ෂ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, පාඨමාලා සම්බන්ධිකාරක කසුන් පතිරණ සමඟ අරුණ ජයවර්ධන, වෛද්‍ය කපිල සූරියආරච්චි සහ මහේෂ් මුණසිංහ යන සිනමා අධ්‍යක්ෂවරුන් සමග සමූහ ඡායාරූපකට පෙනී සිටි අයුරු.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT