ජ්‍යේෂ්ඨ සිනමා සහ ටෙලිනාට්‍ය නිෂ්පාදන කළමනාකාර සරත් විජේසේකර ඇගැයීම් උලෙළ අගෝස්තු 10 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ සුදර්ශී ශාලාවේදී පැවැත්වේ.
මෙම උලෙළට සමගාමීව එදින උදෑසන 10.30ට මහගෙදර, සවස 2.30 ට විරාගය චිත්‍රපට ද්විත්වය ප්‍රදර්ශනය කෙරේ. එදිනම සවස 6 .00ට පැවැත්වෙන ඇගැයීම් උලෙළෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලක විසිනි. ටෙලි නාට්‍ය අධ්යක්ෂ සුදත් රෝහණ , ප්‍රවීණ රංගවේදිනී ශ්‍රියාණි අමරසේන සහ ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ සහ කළුතර දේශීය කලා හවුලේ සභාපති ලාල් ෆොන්සේකා මහතා එහිදී අදහස් දැක්වීමට නියමිතය.
නිෂ්පාදන කළමනාකාර සරත් විජේසේකර ඇගැයීම් උත්සවය සහ සිනමා දැක්ම සංවිධානය කරනු ලබන්නේ සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති සමන්ප්රිය මාරසිංහ ඇතුළු සංවිධායක මණ්ඩලය විසිනි.