Home » සිංහලෙන් පළ කළ මගේ නවකතාව නැවත ඉංග්‍රීසියෙන් ලියනවා

සිංහලෙන් පළ කළ මගේ නවකතාව නැවත ඉංග්‍රීසියෙන් ලියනවා

ලේඛක, මාධ්‍යවේදී චන්න බණ්ඩාර විජේකෝන්

by Mahesh
October 17, 2024 12:30 am 0 comment

– ආචාර්ය අජන්තා රණසිංහ මගේ පුවත්පත් කලා ජීවිත‍ෙය් ‘අ’ යන්න ‘ආ’ යන්න කියාදුන් පළමු ගුරුවරයා
– නිදහස් ලේඛකයකු සහ නිදහස් මාධ්‍යවේදියකු ලෙස පැමිණි ගමන ගැන බොහොම තෘප්තිමත්
– ‘සම්මුකී’මගේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණය
– ලේඛකයකු විදියට එකම විෂය පථයකට කවදාක්වත් සීමා වෙලා ලියල නැහැ
– පාඨකයාගේ රුචිකත්වය වැඩිවෙන නිර්මාණ බිහිකිරීම තමයි ලේඛකයකුගේ කාර්යභාරය

පරිවර්තන සාහිත්‍යකරණයේ නියැළෙන ලේඛකයකු ලෙස පාඨකයා අතර වඩාත් ජනප්‍රියත්වයට අද ඔහුගේ නම පත්ව ඇත්තේය. ස්වතන්ත්‍ර නිර්මාණකරණයට වඩා පරිවර්තන ලේඛන කලාව අතිශය ගැඹුරු කර්තව්‍යයකි. ලාංකේය පරිවර්තන නිර්මාණකරණයේ යෙදෙන කිහිපදෙනා අතර එක් පරිවර්තකයෙකු ලෙස ඔහුද හැඳීන්විය හැකිය. දශක ගණනාවක් ලේඛකයකු හා මාධ්‍යවේදියකු ලෙස හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කිරීමෙන් ලද පන්නරය ලේඛකයකු වන්නට ඔහුට උපකාරී විය.

ළමා වියේ සිටම නිසැඟ හැකියාවන් පෙන්නමින් ඉදිරියට ආ ඔහු සමාජයේ කතිකාවක් ඇති කරන්නට ගතවන හැම තත්පරයක් පාසාම උත්සාහ ගත්තේය. එහි අතුරුඵලයක් ලෙස ලේඛකයකු ලෙස කෘතින් රැසක් සමාජගත කරන ඔහු නවයුගය සඟරාවෙන් ඇරැඹි මාධ්‍යකරණය ච්චඪතර ව්ඥඹඵ සහ ඵභදඤචර ධඡඵඥපමඥප වැනි ඉංග්‍රීසි පුවත්පත්වල මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය. සිංහල සහ ඉංග්‍රීසි භාෂාව යන ද්වි භාෂාවෙන්ම එක ලෙස ලිවීම හා කියවීමද ඔහු ලද සහජ දක්ෂතාවයකි. මේ ඔහුගේ ලේඛන කලාවේ නවතම කෘතීන් ගැන සරසවිය සමඟ කළ සාකච්ඡාවයි. ඔහු නමින් චන්න බණ්ඩාර විජේකෝන්ය.

ඔබේ ජීවිතයේ මුල් කාලය කොහොමද?

මම කොළඹ පරිසරයට අනුගත වෙලා හැදිච්ච කෙනෙක්. මේ කාල සීමාවේදී මම පාසල් තුනක අධ්‍යාපනය හදාරනවා. මුලින්ම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයත්, ඉන් පසු නුගේගොඩ හයිලන්ඩ් විද්‍යාලයත්, හතර වසරේ සිට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපන කටයුතු නිම කරන්නේ රාජකීය විද්‍යාලයෙන්. මේ කාල සීමාවේදී මම පොත පත කියවන්නට දැඩි ප්‍රියතාවයක් දැක්වූවා. එයට මූලික අඩිතාලම වැටුණේ මගේ අම්මාගෙන්. අම්මා ගුරුවරියක් නිසා මගේ කියවීමේ රුචිකත්වය වැඩි කරන්නට සරසවි හා අනිකුත් පොත් මැදුරු වලට ගිහිල්ලා පොත් අරන්දීමට පුරුද්දක් කරගෙන සිටියා. ඒ අතර ර්චපමඥත ඛ්ධථඪජඵ සහ ඊඪද,ඊඪද මට මුලින්ම අරන් දුන් පොත් අතර වුණා. වැඩියෙන්ම කියවන්න ප්‍රිය කළේ නම ගිය ලේඛකයන්ගේ ඉංග්‍රීසි පොත් වගේම සිංහල, නවකතා, පරිවර්තන කෘති, සඟරා, චිත්‍රකතා පොත්ද ඒ අතර තිබුණා. ඒ නිසා පොත පතට ක්‍රීඩාවට සහ විනෝදය සමඟ ජීවිතේ ගෙවී ගියේ ඒ ආකාරයෙන්ය.

පරිවර්තන කෘති කියවන්නට ඔබ ප්‍රිය කළේ ඇයි?

මගේ අප්පච්චි ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරා තිබුණු නිසා ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමට මට ලොකු පිටිවහලක් හැම මොහොතකම අප්පච්චිගෙන් ලැබුණා. ඒ මඟ ගිය හින්දා මට ගොඩක් පරිවර්තන පොත් කියවීමේ රුචිකත්වය ද වැඩි වුණා. මේ කාල සීමාවේදී පොත පතට මෙන්ම ඉංග්‍රීසි සිනමා පට නැරඹීමටද අප්පචිච් අපිව එක් කරගෙන යන්න අමතක කළේ නැහැ. ඉංග්‍රීසි සිනමා පට අතර ඉචථඵධද චදඤ ච්ඥතඪතචඩ නැරැඹු සිනමාපටය අදටත් මතකයේ රැඳෙනවා. ඉංග්‍රීසි භාෂාවට දැඩි ප්‍රියතාවයක් ඇති කරන්න තමයි අප්පච්චි මේ විදිහට අපිට ට්භඪඤඥතඪදඥ එකක් දුන්නේ. කුඩා කාලයේ සිටම ඉංග්‍රීසි භාෂාව කියවීම හා ලිවීම නිසා ලේඛන කලාවට යොමු වුණා.

පුවත්පත් කලාවට යොමුවුණේ කොහොමද?

තරුණයකු හා තරුණියකට ජීවිතයේ සන්ධිස්ථාන ගොඩක් තියෙනවා. ඒ සන්ධි ස්ථානවලින් එකක් තමයි ඔහුගේ ජීවිතය තීරණය කරන ප්‍රේමය සහ විවාහය. ජීවිතයේ ආදරය, ප්‍රේමය ජීවිතයන් තදින් අල්ලා බැඳී ගැන්නවා. ඒ තුළින් ඒවා කඩා ඉහිරේ ගිය පසු යළි ජීවිත ගොඩනඟාගන්නේ කොතනින්ද කියලා තීරණය ගන්න ටිකක් කල් යනවා. මට එවැනි වකවානුවක් ගෙවා දමන්නට සිදුවුණා. ඒ දැඩි කම්පනයත් නිසා කරපු රැකියාවෙන් ඉවත් වීමද සිදුවෙනවා. ආදරය, ප්‍රේමය, විරහව තුළ කවි ලියන්න පටන් ගත්තා. ගොඩක් දෙනෙක් පරාජිතයන් බවට පත්වෙනවා. ඒ වෙනුවට මට හිතුණේ සමාජයට සමාජගත කරන්න පුළුවන් දෙයක්. මගෙන් විය යුතුයි කියලයි. ඒ හරහා මම ලේක්හවුස් ආයතනයේ නවයුගයේ සඟරාවට නිසදැස් කාව්‍ය ලියන්න පටන් ගත්තා. ඔබේ නිර්මාණ අපට එවන්න කියලා නවයුගයේ දැන්වීමක් පළ වුණා. ඒ හරහා මාස ගණනාවක් පෝස් කාඩ්වල නිසදැස් කාව්‍ය ලියා යැව්වා. මාස ගණනාවකට පසු එවකට කර්තෘ ධූරය හෙබවූ ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් මුල්ම වරට නිසදැස් කාව්‍යයක් පළ කරනවා. මගේ නම ලොකුවට දමා එළිසමයවත් නැති කවි පබඳුමක් නවයුගය සඟරාවේ පළ කළා. ඊට ටික කලකට පසුව 88,89 ඉඳ හිට තැපෑලත් වැඩ කරන කාල කාලවකවානුවක්. ජංගම දුරකතනයක් වත් නොමැති පසුබිමක දිනක් මගේ අතට පෝස්ට් කාඩ් එකක් එනවා. හැකි ඉක්මනින් ලේක්හවුස් ආයතනයට ඇවිත් මාව මුණගැහෙන්න කියල. ලේක්හවුස් පඩිපෙළ පළමුවරට නැඟ එන මම ආචාර්ය අජන්තා රණසිංහයන් හමුවීමෙන් පසු රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ නිසා ඉංග්‍රීසි භාෂාවත් සමඟ මගේ තියෙන දක්ෂතාවය ඔහු එදා පරීක්ෂණයකට භාජනය කරනවා. පරීක්ෂණය අවසානයේ හිමිවන්නේ මට පරිවර්තන ලිපි ලියන්නට නව යුගයට අවස්ථාවක් දිමයි. ඒ මගේ ජීවිතය ‘අ’ යන්න ‘ආ’ යන්න පුවත්පත් කලාවේදී මා හට කියාදුන් පළමු ගුරුවරයා වන්නේ ද ඔහුයි. නිසදැස් කාව්‍ය, රැඩිකල් කාව්‍ය, අප්පච්චිගේ පොත් රාක්කෙ තිබ්බා අඥචඤඥපඵ ච්ඪඨඥඵබ පොත් සෑහෙන සංඛ්‍යාවක පරිවර්තන ලිපි ලිවීම එතනින් ආරම්භ කළ පුවත්පත් කලාවේ ගමන අද පරිවර්තන ලේඛකයකු ලෙස මාව දන්න බොහෝ දෙනා හඳුනන්නේ. මේ ගමනේදී මට සමුදුර පුවත්පත හරහා බන්දුල පද්මකුමාර, භාරතී වීරසිංහ හඳුනා ගන්නට ලැබෙනවා. සුජීව දිසානායක, ප්‍රදීප් කුමාර බාලසූරිය, රසික සෝමරත්න, බර්නාඩ් ගුණරත්න, සන්ධ්‍යා කහලකලාව, පසන් සේනානායක, ජනක කුමාර, ෂමෙල් ජයකොඩි මහත්මිය යන අය ඇතුළු විශාල පිරිසක් පුවත් පත්වලද පුවත්පත් කලාවේදීන් මට අත දුන් අය අතර වෙනවා. මේ ගමනේදී මම පරිවර්තනය කළ කෘතියක් වන ‘උඩුබුරුලෑම’ කොටස් වශයෙන් ‘ලක් ජනතා’ පුවත්පතේ පළවෙනවා. අලෙවිකරණය හදාරලා අලෙවි කරන රැකියාවක් කරමින් පූර්ණ කාලීන ලේඛකයෙකු නොවී නිදහස් ලේඛකයකු සහ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ඒ ආපු ගමන අද වන විට හරිම තෘප්තිමත්.

පළමු පරිවර්තන කෘතිය ජනගත කරන්නේ කොහොමද?

හොලිවුඩ් අධ්‍යක්ෂ ප්‍රැන්සීස් ෆෝඩ් කොපොල්ලා හදපු ඩ්‍රැකියුලා සිනමාපටයේ තිර පටපතින් ලියූ නවකතාව විජිත යාපා පොත් මැදුරේදී මා අතට පත්වෙනවා. ඒ කාල සීමාවේදී ජනක ඉනිමංකඩ මට අඳුර ගන්න ලැබෙනවා. ජනක ඉනිමංකඩ පොත් ප්‍රකාශකයෙකු ලෙස ආපු මුල් කාලයද එයයි.හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයා කළ ඩ්‍රැකියුලා සිනමා පටය, තිර පිටපත නවකතාවක් බවටත් සිංහල භාෂාවෙන් පරිවර්තන කෘතියක් බවට පත්වන්නේ මා අතින්. මගේ පළමු කෘතිය ලෙස දොරට වඩින්නේ “සිටුවර ඩ්‍රැකියුලා”යි. මේ කෘතියේ ගොඩක් වෙනස්කම් සිදු කරලා තමයි අපි ජනගත කරන්න තිරණය කළේ. ජනකගේ නම් දැමිල්ලත්,සිනමා පටයේ එන වර්ණ ඡායාරූප පහක් කෘතියට ඇතුළත් කරන්නත්, මගේ සංකල්පයකට අනුව මීනාගේ ඡායාරූපයත් සමඟ මුල් කවර නිර්මාණයත් සිදුවුණා. මගේ දෙවන පරිවර්තන නිර්මාණය” උඩුබුරුලෑම” සිදුවුණේ ජනක සමඟයි. මේ පරිවර්තන කෘති දෙකම සිනමා පටවීම විශේෂත්වයකි. ජනක ඉනිමංකඩ සමඟ කෘති දෙකක් පළකර ඉවර වූ පසු නැවත මම සරසවි ප්‍රකාශකයන් සමඟ එකතුවෙලා කෘති කිහිපයක් ජනගත කරනවා. ඉන්පසු මම දිගටම ලේඛන කලාවේ නිරත වීමසිදුවුණා.

සදීපා ප්‍රකාශකයන් සමඟ කළ පරිවර්තන නිර්මාණවල විශේෂත්වය මොකක්ද?

සදීපා ප්‍රකාශනයේ වන්නිඅච්ච් මහත්තයා මුණගැහෙන්න දවසක් මම සදීපා පොත් හලට ගියා. ඔහුට මාව හඳුන්වා දීලා

මම කිව්වේ මම ජනක ඉනිමංකඩ සහ සරසවිය එච්.ඩී ප්‍රේමසිරි මහත්වරුන් සමඟ පරිවර්තන කෘති කිහිපයක් එළිදැක්වූවා. මම කැමතියි සදීපා පොත්හල සමඟත් කෘතියක් එළි දක්වන්න කියලා.එහිදී වන්නිඅච්ච් මහතා මා ගැන දෙපාරක් නොසිතා “ඊඩඥ ‘ඩ්ඪතත ර්‍ථපධනපඪඵධදඥප කෘතිය මගේ අතට ලබා දුන්නා. පරිවර්තනය කළ අවසන් වූ පසු භාරතී වීරසිංහ ඝන පිහිටවලා කෘතියට ‘සසල සිරකරු’ ලෙස සිංහලෙන් නම දැම්මා. 2016 වසරේ පැවැත්වුණු ගොඩගේ සම්මාන අවසන් වටයට නිර්දේශ වූ පරිවර්තන නවකතා හතරෙන් එකක් බවට ‘සසල සිරකරු’ පත්වීම තමයි විශේෂත්වය.

ගොඩක් පාඨකයන් කියවූ කෘතියක් බවටද සසල සිරකරු පත්වුණා.

මේ වන විට කෘතීන් කීයක් ජනගත කරලා තියෙනවද, ඒ මොනවද?

මේ වන විට මම කෘතීන් දහයකට වැඩි ප්‍රමාණයක් ලියලා තියෙනවා.

පරිවර්තන කෘතීන් ලෙස සිටුවර ඩ්‍රැකියුලා.උඩුබුරුලෑම, සොල්දා දුවාගේ දූපත, කෝන්වෝල් අභිරහස සහ පුවාරෝ ගේ තවත් වික්‍රම, ධ්ඉධ්ඉ භිම රාජ්‍යය, 2016 වසරේ පැවැත්වුණු ගොඩගේ සම්මාන අවසන් වටයට නිර්දේශය වූ පරිවර්තන නවකතා හතරෙන් එකක් වන සසල සිරකරු, පස් අවුරුදු කෝටිපති සැලැස්ම, මාරක පැතුම සහ චරිතාපදානයන් අතරට එක් කෘතියක් ඇතුළත් වෙනවා. ඒ අපරාජිත අලියි. මගේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණය ලෙස ගෙන එන්නේ ‘සම්මුකී’ නවකතාවයි. පරිවර්තන ගණනාවක් කළ මම මේ නවකතාව හරහා විශාල පාඨක පිරිසක් මා වටා එකතු වුණා. ඔවුන්ගේ ඉල්ලීමද වන්නේ පරිවර්තන කෘති වගේම ස්වතන්ත්‍ර නිර්මාණත් පාඨකයා හමුවට ගෙන එන ලෙසයි. ඉදිරියේද එන නිර්මාණ කිහිපයක්ම ස්වතන්ත්‍ර නිර්මාණ ලෙසට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

එකම විෂය පථයකට සීමා වෙලා ලියන කෙනෙක් නේද?

ලේඛකයෙක් හැටියට එකම විෂය පථයකට කවදාක්වත් සීමා වෙලා ලියල නැහැ. එහෙම ලේඛකයන් ලෝකේ ඉන්නවා. එකම විෂයක් තෝරා ගෙන ඒ හරහා ගවේෂණාත්මක කෘතීන් ජනගත කිරීම අද වන විටද සිදුවෙනවා. ලෝකයම ප්‍රසිද්ධ කරගත්ත එවැනි ලේඛකයන්ගේ කෘතීන්වලට හොඳ ඉල්ලුමක්ද තියෙනවා. පාඨක රුචිකත්වයද ඒවාට වැඩියි. මම නිදහස් ලේඛකයෙක් හැටියට මගේ විෂය පථය විවිධයි. ඒ නිසා මම පාඨකයන් වෙත ගෙන එන්නේ විවිධාකාර කෘතීන්.එකම විෂය පථයකට සීමා වුණා කියලා ඔහු අදක්ෂයෙක් කියලා කවදාවත් තක්සේරුවක් දෙන්නේ නැහැ කවුරුත්. ඒ ලේඛකයා ඒ විෂය පථයේ ප්‍රාමාණිකයෙක් ලෙස දකින්නේ.

කෙටි කතා ලිවීමටත් දක්ෂතාවයක් දක්වනවා නේද?

මගේ මුල්ම කෙටි කතාව පළවන්නේ නවයුගයේ සඟරාවේ. මාධ්‍ය ජීවිතයේ මගේ ගුරුවරයා ලෙස සලකන ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් එයට ‘පාපොච්චාරණය’ යන නම දානවා. පාඨකයන් ඒ කාල සිමාවේදී දැඩි ලෙස කෙටිකතා කියවීමට ඇලුම් කළා. මේ සියලු දේවල් මම ලියන්නේ මහජන බැංකුවේ සහ බැංකුකරුවන්ගේ ආයතනයේ හා යූනියන් ඇෂුරන්ස් එකේ සේවය කළ කාලේ. මගේ දෙවැනි කෙටිකතාව පළ කරන්නේ කමල් පෙරේරා රාවය පත්තරේ. මේ කෙටි කතා දෙකම කියවපු මගේ හොඳම හිත මිතුරෙක් තමයි අප අතරින් වෙන් වී ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය. මේ කෙටි කතා දෙකම කියවපු ප්‍රදීප් අයියා මට ආරාධනාවක් කරනවා. ඔහුගේ පුවත්පතටත් කෙටිකතා සංග්‍රහයක් ලියන්න. යාළුකම සහ මිත්‍රත්වය මත ගොඩනැඟෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අපි කියන්නේ හරියට මහා පර්වතයක් බදාගත්ත හා සමානයි කියලා. එහෙම නැත්නම් ගහට පොත්ත හා සමානයි කියලයි. නුගේගොඩ ධ්ඛ්ර්ඉ ආයතනයේ පවත්වාගෙන ගිය සක්වළ පුවත්පතට ඒ මිත්‍රත්වයේ කියමන පිළිගෙන ‘මාරක කතා’ කියලා සීරියස් එකක් ලියනවා. විවිධ රටවල නම් පාරවල් සහ ඒ රටවලට අදාළ චරිතවල නම් දාලා. ඒ යොදපු නම් ගම් නිසා ගොඩක් අය මේ කතා හිතුවේ පරිවර්තන කතා කියලායි. ඒ කිසිදු කතාවක් පරිවර්තන කතා නෙවේ. මගේ කුඩා කාලයේ ජීවිතය හා තරුණ කාලේ මම ආච්චිලා, සීයලා සහ අම්මා, අප්පච්චි, යාළු මිත්‍රාදීන් නෑදෑ හිතවතුන් රස කර කර කියපු කතා තමයි මම ඒ සීරියස් එකට යොදාගත්තේ. සාහිත්‍යය රසයද එයට මුසු කර ගනිමින් චරිත අතර දෝලනය වන ත්‍රාසය හා භීතිය මුල් කරගනිමින්. ඒ කියවපු කෙටි කතා අදටත් හරිම රසවත් කියලයි කියවපු හැමදෙනාම මට කියන්නේ. මේ හා සමානම කෙටිකතා සංග්‍රහයක් ඉදිරියේදී මම ලියන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අප්පච්චි අපව හැරදායාම නිසා මගේ ජීවිතයේ ගොඩාක් වෙනස්කම් සිදුවුණා. නිදහස්ව පූර්ණකාලීන ලේඛකයකු වන්නට අප්පච්චිගේ වෙන්ව යෑම තදින්ම බලපෑවා.

ඔබ කළ පරිවර්තන පාඨකයා මෙච්චර වැලඳගන්න හේතු වුණ කාරණය මොකක්ද?

මම කෘතියක් පරිවර්තනය කරන විට කිසිදු විටෙක වචනයෙන් වචනයට පරිවර්තනය කළේ නැහැ. ඒ හැම කතාවක්ම අනුවාද ලෙසයි පරිවර්තනයට ලක් කළේ. ඒ නිසා කියවන පාඨකයාට කියවන වාරයක් පාසා දැනෙන්නේ ඔහු ජීවත්වන පරිසරය හා ඒ රටේ ස්වභාවික සෞන්දර්ය පරිසරයත් එක්ක බැඳුණු ජීවිතයි. ඒ නිසා තමයි පාඨකයන් පරිවර්තනය නොවන ආකාරයට මගේ කෘති කියවන්න පටන් ගත්තේ. ඒ ලීවීමේ දිගුවක් ලෙස පාඨකයන්ගේ ඉල්ලීම මත හා මටම හිතුණා මගේම කියලා ස්වතන්ත්‍ර නිර්මාණයක් කළ යුතුයි කියලා. ඒ ඇතිවුණු සිතිවිල්ල තමයි ‘සම්මුකී’ මගේ පළමු නවකතාව ලියා ජනගත කරන්නේ.

සම්මුකී නවකතාව ලියවීම කොහොමද සිදුවෙන්නේ?

මේ නවකතාවට පාදක කර ගන්නේ මම අනුරාධපුරේ රන්මසු උයනට ගිය වෙලාවක මමද රජ කාලෙට ගියා හා සමානව දැනුණ නිසාත්, උඩරට ඇදුමෙන් සැරසුණු මනාල යුවළකගේ දර්ශනයකින්. ඒ වගේම රන්මසු උයනේ තාරකා දොරටුව විශ්වය සමඟ කරන ගනුදෙනුව හරහා සක්වල තරණය කරන බවයි, රාවණා රජතුමාගේ කාලයේ සිට පැවත ඒම නිසා මෙහි සැබෑ තොරතුරු ජනකතා, ජනශ්‍රැතිවලින් අසා දැනගෙන තිබුණ නිසා මටත් ඒ ප්‍රහේලිකාව දිග හරින්නට අවස්ථාවක් සොයමින් සිටින වපසරියකයි මේ නිර්මාණය වෙන්නේ. මම හිතුවා මේ හරහා කාල තරණයත් කරන්න පුළුවන් බව. ඒ 1982 වර්ෂය මෙහි වර්ෂයක් ලෙස සටහන් කරගෙන කතාව ඉදිරියට ගෙන යනවා. මැරලින් මොන්රෝ කියන චරිතය හිතේ තියාගෙන මම මර්ලින් මෙරෙන්ඩෝ කියන චරිතය විශ්වයේ සිට පැමිණෙන චරිතය ලෙස මෙහි ඉදිරියට ගෙන යන්නේ. නිදා ඉන්න තරුණයෙකු වන විශ්ව හීනෙන් දකින රූප රාමු දර්ශන මාලාවක් නිසා මේ නවකතාවේ මුල් පිරුම සිදුවන්නේ, ඇමරිකාවේ සිටින ප්‍රසිද්ධ නිළියක් බේරා ගැනීමට හැකිවන්නේ ඔහුට පමණක් යන කියමන සනාථ කරමින් ඔහුව රැගෙන යන්නට ඒමයි. ඔහු ඒ හරහා අවුරුදු සීයකට එහා කාල තරණයක් කරනවා. ඇය හමුවිමට යන්න.

“1982 මාර්තු 10 ගොම්මන් කළුවර වෙලාගෙන එන සීතල හුළඟ නුවර මාළිගාව අවට පරිසරය එක්කාසු කරලා තිබුණේ අමුතුම සිසිලසක්. එදා ඒ සීතල සුළඟත් එක්ක..හීං පින්නකුත් මුහුවෙලා තිබුණා.

නුවර වැවේ එහා ඉවුරේ තියෙන සිමෙන්ති බංකුවක මේ යාමේ නිවී සැනසිල්ලේ වාඩිවෙලා ඈතින් පේන මාළිගාව දිහා බලා ඉන්ට විශ්ව හරිම ආසයි.” (උපුටා ගැනීම අවසන්)

සම්මුකීහි ප්‍රධාන චරිතය වන්නේ විශ්වයි ඔහු වටා බැඳුණු මේ කතාන්දරය ගෙන එන්නේ සැබෑ චරිත හා එක්කාසු කරගෙනයි. සමහරක් වෙලාවට ලියාගෙන යන විට චරිත හිතුවක්කාර වෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ නවකතාව පාඨකයන්ට භාරකරනවා. ඒ චරිතය හිතුවක්කාර වුණේ මොන හින්දද කියල සොයා බලන්නට.

ද්විභාෂා පරිවර්තකයකු හා කෙටිකතා හා නවකතාකරුවකු ලෙස මෙම සම්මුකී කෘතිය ඉංග්‍රීසි භාෂාවට ලියවෙන් නැද්ද?

විශ්ව දන්දෙනිය අතීතය සමඟ ගනුදෙනු කරනා අයෙක්ද?ඒ පැනය මා මගෙන්ම අසා ගත් වාර ගණන අපමණය. විශ්ව මුණගැසීමට අතීතයේ සිට ආදරණීය පණිවිඩකාරියක් පැමිණියාද?එලෙස ආවා නම්, ඇය ඔහු වෙත රැගෙන ආ අමුතු පණිවිඩය කුමක්ද?විශ්වගේ මේ අතීතය හා කෙරෙන ගනුදෙනුව හුදු ඇබ්බැහියක්ද? එසේත් නැත්නම් කිසියම් ව්‍යාධියක්ද?

සම්මුකී ලියැවෙන්නේ මෙවැනි සංසිද්ධි දාමයන් මැද ඒ නිසා මෙය ඉංග්‍රීසි කෘතියක් ලෙස ඉදිරියේදී පාඨකයන් අතට පත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. හුදෙක් නවකතාවක් පරිවර්තන කෘතියක් නොවිය යුතුයි. ඒ නිසා නැවත ඉංග්‍රීසි පාඨකයාට ඉංග්‍රීසි භාෂාවෙන්ම එය ලිවිය යුතුයි. භාෂාව හා සංස්කෘතින් අතර තියෙන වෙනස්කම් තේරුම් ගෙන කෘතීන් රචනා කිරිම හා පරිවර්තනය සිදුකළ යුතුයි. එවැනි නිර්මාණ බිහි වුණොත් පාඨකයාගේ කියවීමේ රුචිකත්වයද වැඩි වෙනවා. ගෝලීය පරිසරයට හරියන ආකාරයේ ඉංග්‍රීසි කෘතියක් අපි ලියනවා නම් ලිවිය යුත්තේ. ඒ නිසා එහි ගැඹුර තේරුම් ගෙන මම එයට සූදානම් වෙනවා.

මේ ලියන කතාවල එන චරිත හැම එකක්ම මනඞකල්පිතව ගොඩනඟන්නේ ඇයි?

මේ ලියන සිද්ධි හා කතා දාමයන් සත්‍යය සිදුවීම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. බොහෝ කෘතීන්වල තියෙන්නේ මනඞකල්පිතව මවා ගත්ත චරිත පමණයි. සැබෑ ලෝකයේ ජීවත්වෙන සත්‍ය චරිත සහ අත්වින්ද දේවල් පදනම් කරගෙන පර්යේෂණාත්මක කෘතීන් රචනා කිරීම සිදු වෙනවා අඩුයි. ලේඛකයාගේ පරිකල්පන ඥානය ඔහු විසින් ගොඩනඟා ගත්ත චරිත සමූහයක් කෘතියට ඇතුළත් කර ඒ චරිත ජීවත් කරවීම හා මරා දැමිම තමයි කරන්නේ. අපි අදහන ආගම දහම සංස්කෘතිය සමාජීය පසුබිම විවිධ ජනවර්ගයන්ගේ පවතින සිද්ධි දාමයන්, එක් එක් චරිතාපදානයන් තමයි බොහෝ දුරට කතා වස්තූන් බවට පත්වන්නේ. ගොඩනඟාගන්න චරිත කුමක් වුවත් ලේඛකයාගේ භාෂාව හැසිරවීමේ ක්‍රමවේදය පාඨකයාගේ රුචිකත්වය වැඩිවෙනවා. එවැනි නිර්මාණ බිහිකිරීම තමයි ලේඛකයෙකුගේ කාර්යභාරය ලෙස දකින්න පුළුවන් වෙන්නේ.

ඉදිරි නිර්මාණ කටයුතු කෙසේ සිදුවෙනවාද?

මගේ අලුත්ම කෘති දෙක ලෙස තමයි ‘මාරක පැතුම සහ සම්මුකී’ කෘතීන් දෙක පසුගිය දින ජනගත කෙරුණේ. අගතා ක්‍රිෂ්ටිගේ කෘතීන් දෙකක් මම මීට ප්‍රථම පරිවර්තනය කළා. මේ මගේ නවතම පරිවර්තන කෘතිය. ඔහුගේ මාරක පැතුම ලෙස ජනගත කෙරෙන්නේ. සරසවි ප්‍රකාශනයක් ලෙසයි මේ කෘතින් දෙකම මේ වසරේ ජනගත කෙරුණේ. මේ දිනවල කෘතීන් කිහිපයක් පරිවර්තනය සහ මගේම ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයක් රචනා කරමින් පවතිනවා. ඊට අමතරව පුවත්පත්වලට ලිපි ලිවීම සහ පරිවර්තන ලිපි ලිවීමද සිදුවෙනවා. ලේඛනයට නැඹුරු වෙච්ච කෙනෙකුට කිසි දිනෙක ලේඛනය අත්හැරිය නොහැකියි.

මේ සියලු කර්තව්‍යයන් සඳහා මට උදව් කළ මගේ පවුලේ අයට සහ සියලු දෙනාටම මම මේ අවස්ථාවක් කර ගන්නවා ස්තුති කරන්න. ලේඛනයට මුල් තැන දුන්න ලේඛකයකුට ඔහුගේ ජීවිතයේ වටිනාම දේ ලේඛනයයි.

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT