ශී‍්‍ර ලාංකේය කථානාද සිනමාවට 78ක් සැපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53ක් සපිරීම නිමිත්තෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් පසුගිය 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.
බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ප්‍රවීණ සිනමාවේදී සුදත් මහදිවුල්වැව මහතාගේ උපදේශකත්වයෙන් සහ සිනමා ක්ෂේත්රයේ කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.
එහිදි 1972 වර්ෂයේදී සංස්ථාව ස්ථාපිත කළ දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සේයාරුවට මල්මාලාව පැලඳ වීම සංස්ථාවේ ජ්‍යේෂ්ඨතම නිලධාරීන් දෙදෙනෙකු වන අජිත් කිරිවත්තුඩුව සහ ටී.ජී තලගල විසින් සිදු කළ අතර පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම විෂය භාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් සිදු කරන ලදී. මෙම උලෙළට සමගාමීව සිනමා ක්ෂේත්රයේ ජේ්‍ය්ෂ්ඨ කලාකරුවන් තිදෙනෙකු වන ප්‍රවීණ රංගනවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ රංගනවේදිනී වසන්ති චතුරාණි, ප්‍රවීණ රංගන හා ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා, මෙහිදී ඇගැයීමට ලක් කිරීම සහ තිළිණ ප්‍රදානයක් ද මුදල් ප්‍රදානයක් සිදු කරන ලදී. නාමල් ප්‍රසන්ත විසින් රචිත වාර්තා චිත්‍රපට වංශය සහ චිත්‍රපට සංස්ථාවේ ප්රකාශනයක් ලෙස එළිදකින චිත්‍රපට සඟරාව 2025 පළමු කලාපය ද එදින එළිදක්වන ලදී.
සේයාරූ – නිශ්ශංක විජේරත්න