72
මෙරට වෘත්තීය සිනමා සංසද ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ජාතික සිනමා පාසැලක ආරම්භය පසුගිය දා සනිටුහන් කරන ලදි.
එහි විෂය නිර්දේශය සකස් කිරීමේ මූලික සාකච්ඡාව එහිදී සිදු කරන ලදි. චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැවගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට චිත්‍රපට තිර රචනා, සංස්කරණය, කැමරා, ශබ්ද පරිපාලන යන සංසදයන් මේ සඳහා සහභාගී වූහ.
සිනමා පාසැලක අවශ්‍යතාවය සක්‍රීය කරමින් සංස්ථා පරිශ්‍රයේ මූලික සිනමා පාඨමාලා රැසක් ආරම්භ කිරීමට සංස්ථාව බලාපොරොත්තු වේ.