තරුණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන විශ්වා බාලසූරිය චීනයේ පැවති ඒඵඪච ර්‍ථචඵඪටඪජ ජ්ඪතථ ජ්ඥඵබඪමචත හි ඕඥඵබ ඛ්ඪදඥථචබධඨපචනඩර සඳහා ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගත්තේය. ඔහු මෙම සම්මානය හිමි කරගෙන ඇත්තේ සංජීව පුෂ්පකුමාරගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ ‘ආසු’ චිත්‍රපටය සඳහාය. ‘ආසු’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන චරිතයක් වන කරු ජයසූරිය මහතාගේ දියණියගේ ජිවිත සමුගැනීම ඇසුරෙන් නිර්මාණය වූවකි.
සුනාමි, සරිගම, ජංගි හොරා, මින්නු, සිංහබාහු ඔහු විසින් කැමරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකි. නර්තනාචාර්‍ය චන්න විජේවර්ධනයන්ගේ නර්තනයෙන් හැඩවූ මුද්‍රා නාට්‍යයක ස්වරූපයෙන් නිර්මාණය වූ ‘සඳකඩ’ විශ්වා විසින් අධ්‍යක්ෂණය සහ කැමරාකරණය සිදුකළ නවතම චිත්‍රපටයයි. ඔහු විසින් කැමරා අධ්‍යක්ෂණය කළ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ කපුටු කොහෝ චිත්‍රපටය නුදුරේදීම තිරගත වීමට නියමිතයි.
-නයනාංජලි