Home » වියරු සිතට සීමා මායිම් නැත ඉරානි

වියරු සිතට සීමා මායිම් නැත ඉරානි

by Mahesh
October 24, 2024 12:30 am 0 comment

සිරිලක අසිරි සිරිය විඳගැනීමේ අරමුණින් යුතුව සංචාරයේ නියැළීම පිණිස ඔහු මෙරටට පැමිණෙන්නේ, සිය බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දියණිය ද සමඟිනි. ඔවුන් සතුටින් සංචාරයේ නිරත වන අතරතුර කඳුකර ප්‍රදේශයකදී ඔහුගේ බිරිඳ සහ දියණිය පැහැර ගැනීමට ලක්වේ. මැර පිරිස ඔහුට පහරදී පලා යයි. වනාන්තරයේ අතරමං වන ඔහු සිහිසුන්ව ගං ඉවුරක ඇද වැටේ. සුනඛයකුගේ මඟ පෙන්වීම මත වනාන්තරයේ පතල් කපන්නෙකු පැමිණ ඔහු රැගෙන ගොස් සාත්තු කර යලි යථා තත්ත්වයට පත් කරනා මුත්, ඔහුට යෑමට ඉඩ නොදී ඔවුන්ගේ පතල් වැඩ සඳහා බලෙන් රඳවා ගනී. වසර විස්සකට පසුව ලද අවසරයකින් පතලින් පලායන ඔහු තේ වතු ආශ්‍රිත ගම්මානයකට සේන්දු වෙයි. ඒ මේ අත සැරිසරන ඔහුට මෙම ප්‍රදේශයේදී තම බිරිඳ සහ දරුවා පැහැරගත් අතීතය සිහිපත් වේ. තමාගෙන් දුරස්කළ තම එකම දියණිය සහ බිරිඳ සොයාගැනීමටත් එම අපරාධකරුවන්ගෙන් පළිගැනීමටත් ඔහු සැලසුම් කරයි. ඔහුගේ සැලසුමට අනුව අපරාධකරුවන් සොයා ගැනීමට හැකිවේද සහ දිගු කලකට පසු ඔහු සොයා යන බිරිඳ සහ දරුවා ඔහු හඳුනා ගනීවිද යනු “ඉරානි” තුළින් ප්‍රේක්ෂකයාට පහදා දෙනු ඇත.

ජෙගන් සුබ්‍රමනියම් දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ නියැළී සිටින්නෙකි. 2007 වසරේ තිරගත වූ “අන්ධ ගිම්හාන නිවාඩුව” (ANDHA SUMMER LEAVLELA) චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම්කරු ලෙසින් සිනමා ක්ෂේත්‍රයට එක්වන ඔහු, තිර පිටපත් රචකයකු සේම රංගන ශිල්පියෙක් ශිල්පියෙකුද වෙයි. 2011 වසරේ තිරගත වූ “වර්ණම්” චිත්‍රපටයේ සහය නිෂ්පාදකවරයාද වූ ඔහු, එමී සම්මානලාභී ඇල්ෆොන්ස් රෝයි සහ බලාජී තරණිතරන් වැනි ප්‍රකට අධ්‍යක්ෂවරුන් යටතේ ඔවුන්ගේ නිර්මාණයන් හා එක්වෙමින් සිනමා නිර්මාණකරණය පිළිබඳ හසල දැනුමක් ලද නිර්මාණවේදියකු වන අතර, ඉන්දු ශ්‍රී ලංකා සිනමාත්මක සුසංයෝගයක් වන “ඉරානි” ජෙගන් සුබ්‍රමනියම්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි.

රංගන දායකත්වය
රාජ් කුමාර්, ජයනී වීරසිංහ, ධනු ඉනාසිතම්බි, අනිල් ජයසිංහ, මාරුතු පාන්ඩියන්, රෙජීනා ක්‍රිස්ටෝපර්, සහන් දේවා හේවා, විජී තෝමස්, සෆීනා භානු, හැරී මානික්කන්දන්, ජෙගන් සුබ්‍රමනියම්, තුෂාර ජයසූරිය, හර්ෂ ශ්‍රී විජේතුංග, රුක්මන් ගජනායක, ගුණරත්න ගමගේ, සමිත් මධුශාන්, දිනේෂ් මුණසිංහ, රුවන් මංජු, චමින්ද ගුණසේකර, එස්.එම්. දේශප්‍රිය, සමන් වසන්ත කුමාර, නිහාල් ශන්රා, තීබන් ශර්මා, හෙන්රි ප්‍රේමරත්න

කාර්මික තොරතුරු
තිර රචනය සහ අධ්‍යක්ෂණය –
ජෙගන් සුබ්‍රමනියම්
නිෂ්පාදනය – විෂ්ණු ප්‍රසන්න, ජෙගන් සුබ්‍රමනියම්
සම නිෂ්පාදනය – තුෂාර ජයසූරිය, ජන්නානියි ප්‍රෙඩ්රික්
විධායක නිෂ්පාදනය – බී.පී.එන්. රාජ්, සුනිල් වකීල්, බාලු
කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනය – ප්‍රවීන් ජයරත්න
සහය අධ්‍යක්ෂණය පළමු / දෙවන –
නුවන් පෙරේරා, අකලංක කළුආරච්චි
සහය අධ්‍යක්ෂණය – ජෙනශන් රාජේෂ්වර්,
වී.ජේ. තමිෂාන්ද ආකේශ්
අංග රචනය – හෙන්රි ප්‍රේමරත්න
කලා අධ්‍යක්ෂණය – රොෂාන් අබේගොඩ
ශබ්ද නිර්මාණය – ක්‍රිෂ්ණචන්ද්‍රන් සී
හඬකැවීම් අධ්‍යක්ෂණය – අනුරුද්ධ බස්නායක
ඇඳුම් නිර්මාණය – එම්.කේ.ඩී. චතුරංගි
නිශ්චල ඡායාරූප – චානක රත්නායක
නිෂ්පාදන සම්බන්ධීකරණය – අනුර දයාන්ජිත්
ෆොලේ ශබ්ද – රකේෂ් ජනර්ධනන්,
ජීනේෂ් කේ.කේ.
නළු නිළියන් සම්බන්ධීකරණය – ටීනාජෝ
සංගීත අධ්‍යක්ෂණය – අරුන් ධ්‍යාන්
ගීත රචනය – ලාල් ආනන්ද අබේධීර
ගීත ගායනය – රොකී ජරොව්, නිවනි දේදුණු ශ්‍රී
කලා සහය – එම්.බී. විජිතසිරි
අංග රචනා සහය – සත්සරණි, අමංජලී
කැමරා සහය – නුවන් කුමාර, සුරේෂ් කුමාර

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT