ජනකාන්ත රූපණවේදියකු හා මානව හිතවාදියකු වූ විජය කුමාරතුංගයන්ගේ තිස්හත් වැනි ගුණ සැමරුමට සමගාමීව පළමු වතාවට විජය සිනමා නමින් සිනමා ශාලාවක් ප්‍රේක්ෂකයන්ට පසුගියදා විවෘත කෙරිණ.
විජයට ආදරය කළ වීරසිරි අධිකාරි විසින් එය ජනගත කිරීම පසුගිය දින මිනුවන්ගොඩ ගල්ලෝලුව හංදියේ සිදු කරන ලදී.
ඒ සදහා ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් හා කාර්මික ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ. V.V.I.P ආසන 30ක්ද සාමාන්‍ය ආසන 186 සමඟ ආසන 216ක් සහ Dolby 7.1 sound system සහ දැනට ලංකාවේ පවතින දෙවැනි 2k projector සමඟ සිල්වර් ස්ක්‍රීන් තිරය පවතින එකම සිනමා ශාලාව වන්නේ ‘විජය සිනමා ශාලාවයි.
නිශ්ශංක විජේරත්න