Home » වාලම්පූරි හෙට සිට

වාලම්පූරි හෙට සිට

by Thanushika
April 24, 2025 12:54 pm 0 comment

කුඹියෝ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් ලක්මාල් ධර්මරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ගීත හත හමාරක් සමඟ වාලම්පූරි සිනමාපටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දින හැව්ලොක් සිටි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන භූමිකාවේ නියැළුණු කලාකරුවන් සහ මාධ්‍යවේදීහු රැසක් සහභාගී වූහ.

මෙයට සමගාමීව එළඹෙන 25 වැනිදා සිට LFD මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම අරඹන වාලම්පූරිහි, ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, දිල්හානි අශෝකමාලා, තුමිදු දොඩන්තැන්න, අශාන් ඩයස්, අංජන ප්‍රේමරත්න, දර්ශන් ධර්මරාජ්, වසන්ත මොරගොඩ, කිං රත්නම්, උදයන්ති කුලතුංග, ජනිතා පෙරේරා, දයා තෙන්නකෝන් ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.

අසංක දොඩම්තැන්න හා ප්‍රදීප් පෙරේරාගේ විධායක නිෂ්පාදනයක් වන වාලම්පූරි ග්‍රීන් ලයිට් ෆිල්ම්ස් නිෂ්පාදනයකි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT