42
සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ මොහාන් නියාස් අධ්‍යක්ෂණය කරන ‘වර්ෂා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල මාර්තු 6 දා බෞද්ධාලෝක මාවතේ Vito wood Fried Pizza හිදී පැවැත්විණ.
මේ සඳහා සනත් ගුණතිලක, රවීන් කණිෂ්ක, පියුමාලී එදිරිසිංහ ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති. වර්ෂා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය භාතිය සහ සන්තුෂ් ගෙනි. ගායනයෙන් උමාරියා සිංහවංශ සමඟ භාතිය සහ සන්තුෂ් දායක වෙති. දිල්ෂාන් ෆිල්ම්ස් වෙනුවෙන් කමල් දිල්ෂාන් නිෂ්පාදනය කරන වර්ෂා චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිර රචනයද මොහාන් නියාස් විසිනි.
සේයාරුව – සුදත් නිශාන්ත
- නයනාංජලි දෙහිපිටිය