Home » රාවණ රූගත කිරීම් ඇරැඹේ

රාවණ රූගත කිරීම් ඇරැඹේ

by Thanushika
August 21, 2025 12:30 am 0 comment

මේඝ සූරියආරච්චි රාවණ වෙයි

තුෂාර තෙන්නකෝන් කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය

තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරන ‘රාවණ’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට ආරම්භ කර ඇත. මෙය ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වේ. මෙහි කැමරාකරණය සහ ආලෝකකරණය විශ්වජිත් කරුණාරත්න ගෙනි. බුවණෙක රණවක අංග රචනයෙන් දායක වන මෙහි ඇඳුම් නිර්මාණය මනෝජ් වීරසිංහගෙනි. රාවණ චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සිදත් විශ්වජය වන අතර නරේන්ද්‍ර හේරත් විසින් නර්තය අධ්‍යක්ෂණය කරනු ලබයි. විශේෂ ප්‍රයෝග කසුන් මාලින්ද විසිනි.

පසුගිය 36 වැනි සරසවිය සම්මාන උලළේදී ජනප්‍රියම නළුවා සහ නැඟී එන නළුවා යන සම්මාන ද්විත්වයටම හිමිකම් කියූ මේඝ සූරියආරච්චි මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. මීට අමතරව නිහාල් පෙරේරා, සෞම්‍ය ලියනගේ, උද්දික ප්‍රේමරත්න, අඛිල ධනුද්දර ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

‘රාවණ ‘චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම්කරණය ධම්මික හේවදූවවත්ත විසිනි. නිෂ්පාදන කළමනාකරණයෙන් රොනිත් අධිකාරි දායක වේ.

උදය ප්‍රසන්න මෙහි සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර ‘ රාවණ ‘ ශාන්ත ගීතදේවගේ නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT