Home » රන්ජන් රාමනායක OIC ගඩාෆි හදයි

රන්ජන් රාමනායක OIC ගඩාෆි හදයි

by Thanushika
August 14, 2025 9:34 am 0 comment

ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමා පටය OICගඩාෆි රූපගත කිරීම් මේ දිනවල සිදුකෙරෙමින් පවති.

මාතලේ, කොළඹ, මීගමුව යන ප්‍රදේශ රූපගත කිරීම් සදහා තෝරාගෙන ඇත. මෙය රන්ජන් රාමනායකගේ පස්වැනි සිනමා අධ්‍යක්ෂණයයි.

OICගඩාෆි සඳහා රේඛීය නිෂ්පාදනය දමින්ද ඩි.මඩවල, කැමරාකරණයෙන් ධම්මික රත්නායක, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න විජේසිංහ, කලා අධ්‍යක්‍ෂණයෙන් ජනක ප්‍රසාද්, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක, වස්ත්‍රාභරණයේ රමේෂා ඕෂනී, සටන් අධ්‍යක්‍ෂණය වසන්ත කුමාරවිල, සංගීත අධ්‍යක්‍ෂණය සුගත් ජයසිංහ, සංස්කරණය අජිත් රාමනායක, වර්ණ සංයෝජනය දිනිඳු ජාගොඩ, විශේෂ ප්‍රයෝග කසුන්, ශබ්ද පටිගත කිරීම ශසික රුවන් මාරසිංහ, නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්න, නිෂ්පාදන කළමනාකරණය ලකී වීරසිංහගෙනි.

රන්ජන් රාමනායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහින්ද පතිරගේ, ගිහාන් ෆර්ඩිනැන්ඩු, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, ඩිලුක්ෂි වීරපෙරුම, වසන්ත මොරගොඩ, කුමාර තිරිමාදුර, පියුමි බොතේජු, අසංක පෙරේරා, සමන් හේමරත්න, සරත් කුලාංග, චතුර පෙරේරා, වසන්ත මොහන්දිරම්, රුක්මන් තිලකරත්න, අනිල් ජයසිංහ, රංග සම්පත්, රවින්ද්‍ර ප්‍රදීප්, සම්පත් දැඩැල්ලගේ රංගනයෙන් එක්වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT