Home » මිහිමිත් මිනිස්සු ජාතික ප්‍රසංගය ලබන වසරේ

මිහිමිත් මිනිස්සු ජාතික ප්‍රසංගය ලබන වසරේ

by Thanushika
October 24, 2024 9:36 am 0 comment

ලංකාව පුරා විසිරි සිටින උසින් අඩු මිනිසුන්ගේ සුහද හමුවක් සහ රසවින්දනාත්මක වැඩසටහනක් පසුගිය දින කොළඹදී කලාකරුවන් පිරිවරාගෙන පැවැත්විණි. මේ සඳහා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් එදිනට විශාල පිරිසක් සහභාගී වූහ. ගැයුමෙන් හා නැටුමෙන් එදින පැමිණි පිරිස රසවින්දනාත්මක වැඩසටහන වර්ණවත් කළ. මේ සඳහා මෙරට සිටින 10000 පමණ කුඩා මිනිසුන් හා අවාසි සහගත ප්‍රජාව වෙනුවෙන් ඉදිරි වසර තුළ මෙම (Little people Association) ප්‍රසංගය පැවැත්වෙන බවයි එහි සභාපති දර්ශනී නානායක්කාර සඳහන් කළේ. මෙම සංවිධානය සඳහා තවමත් එකතු වී නොමැති මිහිමිත් මිනිසුන් සියලු දෙනාට එකතු වෙන ලෙස එහි ප්‍රධාන ලේකම් ජනේෂ් චන්දිමාල් සරසවියට පැවසීය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT