කඳු හෙල් සිසාරා හැපි හැපී ගැඹුර නොදැන ගලායන ගඟක් වගේ තමයි අපේ ජීවිත . සිතුම් පැතුම් බොඳවී මැකී යන්නට ගතවන්නේ නිමේෂයක් පමණයි. දුර දිග නොබලා ගන්නා තීන්දු තීරණ නිසා, බොහෝ දුරට අපේ ජීවිත ඉරණම නොපතන, නොසිතන මානයකට ඇදී යනවා. මේ කතාවේදී ප්‍රේක්ෂකයාට හමුවන, ජාතික ක්‍රීඩා ශූරියක් වු ශාලු, ක්‍රීඩාව වෙනුවෙන් මුළු ජීවිතයම කැපකළා සේම, ආදරය වෙනුවෙන් දෙවරක් නොසිතා ක්‍රීඩාව අත්හළ සොඳුරු යුවතියක්. ඒ, සුහුඹුල් තාරුණ්‍යයේ දොරකඩදීම පිදූ ආදරයට, පැතූ සෙනෙහස අහිමිවීම හේතුවෙන්. එනමුදු අහිමි වූ ආදරයේ ප්‍රතිඵලය සුරැකිව පෝෂණය කිරීමට මාතෘත්වයේ නාමයෙන් ශාලු තීරණය කරනවා.සුන්දර යෞවනියකට කිසි ලෙසකත් තනිව ගමන් කළ නොහැකි ඒ කටුක ගමනට ඇයට සරණක් වන්නේ, ස්ත්‍රීත්වය වැලඳගත් සත්‍යා නම් යෙහෙළියයි. මෙකී අම්මාවරුන් දෙපොළ එක්වී, විජයග්‍රාහි දැරියක බිහිකිරීමේ රළුමුත් තිර ගමන අරඹයි. සමාජයේ සරදමටත්, ගැරහුමටත් ලක්වූ සත්යාටත් , අනපේක්ෂිත ජීවිත සරදමකට මුහුණ දුන් ශාලුටත් මේ ගමන ලේසි පහසු වේවිද ? එලෙස, දුක් විඳීමින් ලොකු මහත් කරණ දැරිය පසුව කවුරුන් වේවිද ?
අනූෂ සංජීව එදිරිමුණි වසර 25 කට අධික කාලයක් කලා ක්ෂේත්රයේ වෘත්තීය දිවියක් ගත කරන දක්ෂ නිර්මාණවේදීයෙකි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වෙයි. මෙරට ජනප්‍රිය රූපවාහිනී නාළිකාවක් වන ස්වර්ණවාහිනීයේ ආරම්භක සාමාජිකයෙකු වන අතර, එහි වසර 15 ක් පුරා වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු මෙන්ම විධායක නිෂ්පාදකවරයෙකු දක්වා වෘත්තීයමය සේවාවක් සිදුකර ඇත. චිත්‍රපට ප්‍රවර්ධකයෙකු සහ අලෙවිකරුවෙකු ලෙස පුළුල් අත්දැකීමක් සහිත ඔහු, සිනමා ක්ෂේත්රයේ දශක දෙකකට අධික විශේෂිත දැනුමක් ලබා ඇත. එම වෘත්තීය කාලය තුළ, ඉහළම ආදායම් වාර්තා තබන තත්ත්වයට පැමිණීම සඳහා චිත්‍රපට 24 ක් සාර්ථකව ප්‍රවර්ධනය කර ඇත. එසේම සිනමා කර්මාන්තයට මරු පහරක් වැදී, දිවයින පුරා සිනමා ශාලාවන් වසා දමා තිබූ අවධියක, එම තත්වයෙන් මුදවාලීම සඳහා ඊ.ඒ.පී. චිත්‍රපට මණ්ඩලයේ උපදේශකයකු ලෙස කටයුතු කරමින්, වසර දෙකක කාලයක් තුළදී, එම ආයතනය ලාබ ලබන තත්ත්වයට රැගෙන ඒමට ඔහු කටයුතු කර ඇත. 2021 වසරේ තිරගතවූ “colombo” චිත්‍රපටය ඔහුගේ නිෂ්පාදනයක් වන අතර “මදර් ලංකා” ඔහු විසින් අධ්‍යක්ෂණය කිරීමට යෙදුන ප්‍රථම සිනමා නිර්මාණයයි.
රංගන දායකත්වය
තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, ශෙනුකි දිශල්‍යා (හඳුන්වාදෙන), බිමල් ජයකොඩි, හේෂානි ලියදිපිට, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, නුවන් ගුණසේකර, කලණ ගුණසේකර, නවින්දි රැපියෙල්, විචින්ත ඉලංගකෝන්, හර්ෂිකා රත්නායක, සුධීක්ෂා සමාධි, චතුරංග කොඩිතුවක්කු, ධර්මප්‍රිය ඩයස්, සරත් කොතලාවල, හිරාන් යටෝවිට, මාධිනි මල්වත්ත, මෙතික නවීක් සෙනරත් (ළමා), තේෂාලි දෙව්මිනි, සාරා අබේගුණවර්ධන, කුසුම් පෙරේරා, නෙතුලි පෙරේරා, අනුර බණ්ඩාර රාජගුරු
කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය – අනූෂ සංජීව එදිරිමුණි
නිෂ්පාදනය – ඉෂාන් පෙරේරා
කතාව සහ තිර රචනය – ක්‍රිෂාන්ති කුලසූරිය
කැමරා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම – රංග එස් බණ්ඩාර
සහය අධ්‍යක්ෂණය – නිරෝශන් එදිරිමාන්න
අංග රචනය සහ කොන්ඩා සැකසීම – නයන උජිත්
නිෂ්පාදන කළමණාකරණය – ලක්රුවන් ලොකුහපුආරච්චි
වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
ශබ්ද සැකසුම – සශික රුවන් මාරසිංහ
සංස්කරණය – ඉන්ෆිනිටි කට්ස්
කලා අධ්‍යක්ෂණය – විහඟ දෙව්වින්
සංගිත අධ්‍යක්ෂණය – එරංග ජයවර්ධන
ගී පද රචනය සහ ගායනය – අභිෂේකා විමලවීර
නිශ්චල ඡායාරූප – රජිත ලක්ෂාන්
නැටුම් අධ්‍යක්ෂණය – ලසන්ත ප්‍රමුදිත සිල්වා
ඇඳුම් නිර්මාණය – සුපුන් දේවින්ද, ටිල්ෂි සොනාලි
නිෂ්පාදක විධායිකා – වාසනා පෙරේරා
නිෂ්පාදන සම්බන්ධීකරණය – නෙතුලි පෙරේරා, ජනුද ගුණරත්න
දෙවන සහය අධ්‍යක්ෂණය – සුසන්ත හේමචන්ද්‍ර, ධනුෂ්කා රණසිංහ
සහකාර අධ්‍යක්ෂක – ලසන්ත ප්‍රැන්සිස්
විශේෂ ප්‍රයෝග ශිල්පි – රමේෂ් ප්‍රනාන්දු
අංග රචනා සහය – ජනක බණ්ඩාර
කොණ්ඩා සැකසුම් සහය – සන්තුෂ් නිමේෂ්
පළමු, දෙවන කැමරා සහය -අසංක මුණසිංහ, මනෝජ් එදිරිසිංහ
ඩ්‍රෝන කැමරා – බුද්ධික අබේධීර
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු