Home » මගේ කලින් පොත්වලට ව‍ඩා ප්‍රතිචාර මේ ග්‍රන්ථයට ලැබුණා

මගේ කලින් පොත්වලට ව‍ඩා ප්‍රතිචාර මේ ග්‍රන්ථයට ලැබුණා

වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි

by Thanushika
March 6, 2025 12:02 pm 0 comment

පුරා වසර තිහකට නොඅඩුව වෛද්‍යවරයකු ලෙසින් ද කටයුතු කරමින් ලක්දිව ඉතිහාසය පිළිබඳ ද තත්කාලින විමර්ශනයෙන් සාහිත්‍යකරණයෙහි නිරත අපූර්වතම සාහිත්‍යධවේදියකු පසුගියදා අපට හමුවිණි. ඉතිහාසය පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදෙමින් ‘සෙනෙවියකු පාමුල’ නමින් ඔහු ලියූ නවතම කෘතිය පිළිබඳ සහ ඊට පසුබිම් වූ තොරතුරු පිළිබඳ ද එහි කතුවර කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශය භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහින්ද වික්‍රමාරච්චි මහතා සමඟ කරන ලද සංලාපයකි මේ.

වෛද්‍යතුමණි…ඔබ ජනගත කළ මේ යොවුන් නවකතාව ගැන යම් හැඳීන්වීමක් කළොත්..?

මේ ‘සෙනෙවියකු පාමුල’ මගේ දසවන කෘතියයි. 2013 දි මම සමන්මලි..සුව පහසු..හා සුව පහස. නාගර සිත්තම්.. නමැති සඳැස් නිසඳැස් කවි කෘතින් ත්‍රිත්වයක් එළි දැක්වූවා..එය ජපන් ජ්ඪමඥ ඉ සංකල්පය ගැනද කියැවෙන්නක්..ඉන්පස්සේ ඕලුගංතොට යාදින්නී..සූර්ය සෙවණ ..සිංහරාජ..නවකතා කෘතින් ජනගත කළා..ඔය ඕලුගංතොට යනුවෙන් හැඳීන්වෙන්නේ රාම රාවණා යුද්ධයෙදි කඳීන් වෙන්වුණු රාවණාගෙ හිස වැටුණු බලංගොඩට නුදුරු තැනක්..අපේ වතුවල උක් වගාවෙන් දිවිසරිකරගත් මිනිසුන් ගැන උක්ගහෙන් උපන් මිනිස්සු යන කෘතිය ලියුවෙ..එතකොට මම චන්ද්‍රිකා වැව රෝහලේ ඩී.එම් ඕ හැටියට සේවය කළේ..”

ඔබගේ සාහිත්‍යකරණයේදී ඔබ ලද අත්දැකීම් එකතු කිරීම පිළිබඳ සඳහන් කළොත්…?

ඔව්..මගෙ සමන්මලී නවකතාව ගැන කීවොත් එය සිල් ආරාමයක් වටා ගෙතුණු කතාවක්..ඔය ගාල්ල මාපලගම අපේ ගමේ ගේ කිට්ටුව මෙහෙණින් වහන්සේලා දෙනමක් එහි වැඩසිටියා. අපෙ අම්මා එක්ක මමයි නංගියි ඒ ආරාමයට නිතර යනවා..අපට රසවත් කතන්දර කියා දෙනවා..තාත්තාත් එහි ප්‍රධාන දායකයෙක්..සමන්මලී නවකතාව ගෙතුණේ එහෙමයි..ගැහැනු දරුවකු සමාජගත කිරීමේදී නිවැරැදි මග පෙන්වාදෙන එය යොවුන් නවකතාවක්..ඒව ලියුවෙ මගෙ කැම්පස් කාලෙදි..

ඔබ වෛද්‍යවරයෙක්..එම වෘත්තීය හා සාහිත්‍යකරණය අතර ලොකු පරතරයක්ද තිබෙනවා..ඒ පිළිබඳ කතා කළොත්…?

ඇත්ත..වෛද්‍ය වෘත්තීය කෙළින්ම සත්‍ය සමඟ ගනුදෙණු කෙරෙන්නක් .. ඒ කියන්නෙ විද්‍යාත්මකව රෝග සහ නියමිත ඖෂධ ප්‍රතිකාරයන් හා බද්ධව තිබෙන්නක්..එය රසවත් වුණත් නීරස වුවත් ප්‍රතිකාර ක්‍රමෝපායයන් මතකයේ තබාගැනීම අවශ්‍යමයි. රෝගියා ඉන් සුවපත් වනු දැකීමයි ලොකුම සතුට..

සාහිත්‍යකරණයෙහි නිර්මාණ පරිකල්පනය මත පිහිටා තිබෙන්නක්..මට මේ කටයුතු වෙනුවෙන් මගේ බිරිඳ වෛද්‍ය ශිරෝමි වික්‍රමාරච්චි මහත්මිය වගේම පවුලේ අයගෙන් මට ලැබෙන සහයෝගය ඉමහත් නිසා නිරවුල්ව මේ කටයුතු කරගන්නට මට හැකිවී තිබෙනවා.

ඉතිහාසය විෂය විද්‍යාත්මකව විශ්ලේෂණය කරමින් අවබෝධයට ගැනීමේදී ඇතැම් කරුණුවල පරස්පරතාවන් වගේම ඇතැම් කාරණාවල අසත්‍යතාවන් බව අපට තේරුම් යනවා..මගේ මෙම සෙනෙවියකු පාමුල කෘතියත් අපේ මහාවංසයේ සමහර තැන් ගැන සාකච්ඡා කෙරෙන්නක්..

ඔබගේ දසවැනි කෘතිය සෙනෙවියකු පාමුල පිළිබඳ තවදුරටත් පැහැදිලි කළොත්..?

මා ලියු මෙම පොතට වෙනත් පොත්වලට වඩා ලද ප්‍රතිචාර හොඳ මට්ටමක තියෙනවා.. රටේ දරුවන්ගේ ප්‍රතිචාරත් අඩුවක් නැහැ. අපේ මහාවංශය විශිෂ්ටයි. මේ මහාවංශයේ පසුකාලීන දේවල් ඇත්තක්. මහානාම හිමියන් වසර අටසියයකට ඉහත කතාවන් කටකතාවන් තුළින් ලියා තිබෙනවා.. මෙන්න මේ කරුණු මගෙ කෘතියට පාදක වුණේ..මෙහෙම හිතමු..සීගිරිය කාශ්‍යප රජු හැදුවා කීවාට ඉතිහාසය විමර්ශනය කිරීමේදි රාවණාගේ රාජධානිය සීගිරිය බවට සැලකෙන්නේ. ධාතුසේන රජුට විවාහ දෙකයි. එක කුමරියක් තම රජ පෙළපත රැකගැනීම වෙනුවෙන්..දෙවන විවාහක කුමරිය දේශපාලන සමතුලිතභාවය රැකගැනීම වෙනුවෙන් ..කාශ්‍යප වසර 17ක් රජකම් කළා.

සීගිරිය ගැන හොඳීන් බැලුවොත් එක පැත්තක් පමණයි කැණීම් සිදුකර තිබෙන්නේ..පසුව කුවේර පැමිණ ලංකාව ඇල්ලුවා..ලංකාවෙ රාජධානි හතරක් තිබුණා .. කයිකේෂී බිසවගේ පුත්‍රයා රාවණා ලංකාවට ආවිට කුවේර පලා ගියා..රාවණා සිගිරියෙ ඉතිරිය තැනුවා .කුවේර ඉන්දියාවට පලා ගිහින් සිගිරිය හැදුවා..එය තමා ආලකමන්දාව..රාවණා අපෙ සිගිරිය අලුත් කළා.. මෙහි තාක්ෂණ නිර්මාණකරුවා රාවණාගෙ කෙනෙක්..

මැලේසියාවේ බටු ගුහාව නමින් සිගිරියක් තියෙනවා. ලංකාවේ මුල්ම පුරා විද්‍යාඥයා එච්.ජී. වේල්ස්..ඔහු අපේ පුරාවිද්‍යාත්මක ගවේෂණයට ගිහින් එහි වටිනා දේවල් රැගෙන ගියා..සීගිරියේ සිංහපාදය නැවත ප්‍රතිසංස්කරණය කර තියෙනවා.. කලක් සීගිරිය කැලයටම නතුව තිබුණා. අලුතින් හදාපු සිංහපාදයේ ඇඟිලි තුනයි. සීගිරියේ සිංහ මුඛය අසල ඇති කුහරය පිළිබඳ සොයා බලන්නේවත් නැතිව විවිධ මත ඉදිරිපත් කර තිබෙනවා..

යටගිය ඉතිහාසය සම්බන්ධ සිද්ධි ක්‍රියාදාමයන් අතර ඔබ දකින තවත් වෙනස්කම් මොනවාද…?

පුරාවිද්‍යාත්මක තොරතුරු ගවේෂණයේදී පරණවිතාන ශූරීන් අතින් අක්ෂර කියැවීම්වල අඩුපාඩු සහිතයි. කොටින්ම අපෙ රටේ සංහිඳීයාව පිළිබඳ තතු සෙවීමේදී සිදුකර ඇති විද්‍යාත්මක ගවේෂණ හොඳටම මදි..යටගිය අපේ පුළුල් ඉතිහාසය මීට වඩා ඉහළයි.. නිසි පරීක්ෂණයකින් තොරව කරුණු පැවසීම අවිද්‍යාත්මකයි..එය වැරදියි.

ඔබගේ සෙනෙවියකු පාමුලෙන් සත්‍යය විද්‍යාත්මකව ඔප්පු කරවීමට ඔබ ගත් උත්සාහයක් සේ හැඳීන්විය හැකිද…?

ඔව්..මෙහෙම කියමුකො.. ලේඛනගත ඉතිහාසය ..කැණීම් ඉතිහාසය …හා ජනශ්‍රැති ඉතිහාසය යන ත්‍රිත්වයක් තුළ මේ මතවාද පවතින්නක්..අනෙක් කාරණය අප ඉතිහාසය හැදෑරීමට උනන්දු කරවිය යුතුයි. ඒ පණිවුඩයයි මෙම කෘතියෙන් කියැවෙන්නේ.

දැන් බලන්න..අප විජයගෙන් පැවත ආවාය කියන කාරණයම. විජය කියන්නෙ ඉන්දියාවෙන් නෙරපා දැමූ මංකොල්ලකාරයෙක්..විජය සමග 700ක පිරිසක් මෙරටට පැමිණි බවක් කියැවෙනවා. අප පැවත එන්නේ විජයගෙන් නොවන බවයි මගෙ තර්කය..අප ආර්යයන් හැටියට හඳුන්වනවා..වසර අටසියයකට පසුව උඩුයටිකුරු කළ කතා. අපේ යටගිය පුළුල් ඉතිහාසය මීට වඩා සැබැවින්ම ඉහළයි…මේවා අවිද්‍යාත්මකයි..නිසි අධ්‍යයනයකින් නිසි පරීක්ෂණයකින් තොරව යමක් පැවසීම වැරැදියි..

ඔබ වෛද්‍යවරයෙක්…ලේඛන කලාවෙත් ඉන්නවා.. ඔබ රටට ඉටුකරන තවත් කාර්යයන් තිබේද…?

තහංචි කියා කිසිවක් නැහැ…බොහෝ විට මගෙ ලිවීම මහපාරෙදි…එතකොට මම රෝහල් කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ කටයුතුවලත් ඉන්නවා..ඒ අතර ජනතාවට ආචාරශීලී වීම..මනුෂ්‍යයන් සමඟ ගනුදෙනු කිරීම… සන්නිවේදනයේ වැදගත් කම.. දැන් හදන්න වෙලානෙ තියෙන්නෙ ඒවාම තමයි..

මේ ටිකත් කියන්නම්කෝ. ගුවන් විදුලියේ “වෙද නලාව ” වැඩ සටහනට වරින්වර මාව කැඳවූවා..පස්සෙ එම වැඩ සටහන කරන්න මටම පැවරුවා…2002 සිට 2006 දක්වා රූපවාහිනීයේ එය මා කළා ..මගෙ නවකතා කටයුතු වලදි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුගත් මොරගහකුඹුර මට ඇවැසි සහය ලබා දුන්නා…

ඔබටත් පේනව ඇති රෝහල් භූමියෙ පලතුරු වගාව…බොහෝ රෝගින් පවා සමහර පලතුරු පැළ වර්ග මට ගෙනැත් දෙනවා. ළමුන්ට දක්නටවත් නැති දුර්ලභ පැළ වර්ග ලැබී තිබෙනවා… අපේ රෝහල් අධ්‍යක්ෂ ඩී.ජි. විජේසූරිය මහතාගෙත් අවසරය ඇතිව මේ කටයුතු කළේ…

හදිසි අනතුරු පිළිබඳ දැනුම්වත් කිරීමේ හා තම දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද යනුවෙන් හා තවත් පොත් කිහිපයක් ම ලියා ඇති වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි තම ලේඛන කටයුතු වෙනුවෙන් ඇවැසි නිදහස හා සහය ලබාදෙන ප්‍රිය බිරිඳ වෛද්‍ය ශිරෝමි වික්‍රමාරච්චිට ද කෘතවේදි වෙමින් සිය පුතුන් දෙදෙනා ද දියණියද සිහිපත් කරමින් අපට සමුදුන්නේ තවදුරටත් තමන් ලේඛන කලාවෙන් පාඨකයා දැනුම්වත් කිරීම තම සතුට බවද පවසමිනි.

 

[email protected]

සේයාරූ – නිශ්ශංක විජේරත්න

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT