2024 නොවැම්බර් මස 19 වැනිදාට සිය ජීවන ගමනේ 66 වැනි වියට පාතබන අද අපේ කතා නායකයා මේ මහා කලාකෙතේ බොහෝ ඇසූ පිරු තැන් ස්පර්ශ කළ පුද්ගලයෙක් විය. සංගීත අධ්යක්ෂවරයෙක්. වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයෙක් පිටපත් රචකයෙක්. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, හඬ කැවීම් ශිල්පියෙක්. වේදිකාව, සිනමාව, පුංචි තිරය රංගනයෙන් හැඩ ගන්වන නළුවෙක් වන ඔහු නමින් සරත් කුලාංගය, කලා ක්ෂේත්රයේ අතිශයින් ජනාදරය දිනූ කලා ශිල්පියකු වන සරත් කුලාංග මහතාගේ කලා දිවියට වසර පණහකි. අඩසිය වසක් පුරා මේ මහා කලා කෙතට විවිධ අයුරින් නිර්මාණශීලි දායකත්වයන් එක්කළ ඔහු පිළිබඳ ඉංගී්රසි භාෂාවෙන් ලියවූ චරිතාපදානයට A QUANTUM LIFE නමින් ඔහුගේ හැට හයවැනි උපන්දිනය දා. මහවැලි කේන්ද්‍රයේ දී දොරටු වඩිනු ලැබීය. සම්මානනීය කලාකරුවකු වන සරත් කුලාංග කලකට පසු සරසවිය හා කෙරෙන කතා බහකි මේ.
මෙවර ඔබේ හැටහයවැනි උපන්දිනය ඔබට සුවිශේෂි නේද?
මොනවද කියන්නේ මගේ උපන්දිනය දවසේම මා ගැන ලිය වූ මගේ චරිතාපාදානය එළි දැක්කා. ශෝන් මැක්සිමස් දිසානායක මහතා තමයි මේ ග්‍රන්ථය රචනා කළේ මෙහි තිබුණු විශේෂත්වය තමයි මේ ග්‍රන්ථය රචනා වී තිබුණේ. ඉංගි්රසි භාෂාවෙන්. එය නම් කරල තිබුණේ ‘අ කොන්ටම් ලයිෆ්’ නමින්. ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් සිනමාකරුවෙක් වූ ශෝන් මැක්සිමස් මට ත්‍යාගයක් වශයෙන් තමයි මේ පොත ලියා සම්පාදනය කළේ.
‘අ කොන්ටම් ලයිෆ්’ ශෝන් මැක්සිමස් රචනා කරන්නේ ඔබගේ ඉල්ලීමකට ද? නැතහොත් ඔහුගේ ඉල්ලීමකට ඔබගේ කැමැත්ත පරිදිද?
මට ශෝන්ව හමුවන්නේ මීට අවුරුද්දකට කලින් අප අතර දිගු සබදතාවයක් තිබුණේ නෑ. නමුත් ඒ වසරක පමණ සුළු කාලය තුළ ඔහු මාව සියුම්ව අධ්‍යයනය කර ලියපු දෙයක් තමයි මේ චරිතාපදානය. ශෝන් කියන්නේ නිකන්ම ලේඛකයෙක් නොවෙයි ඔහු විශ්ව සාහිත්‍ය, විශ්ව සිනමාව පිළිබඳ හොඳින් ගවේෂණය කරපු පුද්ගලයෙක්. ඒ වගේම බොහෝ කාලයක් විදේශගතව සිටි තැනැත්තෙක්. එහෙම පුද්ගලයෙක් වූ ඔහු තමයි මට යෝජනා කරන්නේ කුලාංග ඔයාගේ ගොඩක් විසිරිච්ච පැති තියනවා. අපි මේවා අධ්‍යයනය කරල මොනවහරි ලියමු ද කියලා මම මුලදි නම් ටිකක් අදිමදි කළා. නමුත් ඔහුගේ පෙරැත්තය නිසාම තමයි මෙවැනි දෙයක් කෙරුණේ. හැබැයි මට දැන් ආපසු හැරිල බලන කොට වැටහෙන දෙයක් තමයි මේක මට විතරක් නොවෙයි. සමස්ථ නළු නිළියන්ට මෙන්ම ශී‍්‍ර ලාංකික සිනමාවට වේදිකා නාට්‍යයට, රූපවාහිනියට කරපු ලොකුම සේවයක් කියල.
ඔබ හා ශෝන් අතර දිගු ඇසුරක් නොමැතිව ඔබ ගැන දීර්ඝ කාලයක අධ්‍යයනයක් නොමැතිව මේ ලියන කෘතිය ඔබ ගැන නමට පමණක් ලියන චරිතාපදානයක්ද?
නෑ. කොහෙත්ම නෑ. අප අතර කෙටි ඇසුරක් මේ වෙනකොට ගොඩනැගී තිබුණා. ශෝන් කවුද කියලා දෙපාරක් හිතන්න අනවශ්‍ය පුද්ගලයෙක් ඔහු විදේශ චිත්‍රපට පිළිබඳ විදේශීය සංගීතවේදීන් පිළිබඳ සිංහල බසින් පාඨකයන්ට බොහෝ ලිපි ලියපු කෙනෙක්. චිත්‍රපට දෙසීයකට ආසන්න ප්‍රමාණයක විවේචන හා විග්රහයන් කරපු පුද්ගලයෙක්. සංගීතවේදීන් පිළිබඳවත් විවේචන විග්රහ කරල තියන කෙනෙක්. මීට කලින් ඇල්ෆඩ් එදිරිමාන්නගේ, තිලකා රණසිංහගේ චරිතාපදාන දෙකක් ඔහු සිංහල භාෂාවෙන් රචනා කරල තිබුණා. පියදාස ගුණසේකර පිළිබඳ සිංහල භාෂාවෙන් ලියූ චරිතාපදානය ළඟදීම එළිදක්වන්න මේ වනවිටත් සූදානම් කරල තියනවා.
අනෙකුත් අයගේ චරිතාපදාන සිංහල භාෂාවෙන් රචනා කරන්නත් ඔබගේ චරිතාපදානය ඉංගි්රසි භාෂාවෙන් රචනා කරන්නත් විශේෂ හේතුවක් තිබුණ ද?
ශෝන්ට ඕනෙ කරල තිබුණ ලංකාවේ කලාව කොදෙව්වකට හිර කරන්නේ නැතිව මෙවැනි කලාකරුවන් ශ්‍රී ලංකාවෙන් ඉන්නවා කියල ජාත්‍යන්තරයට හඳුන්වා දෙන්න. ඒ නිසාම තමයි ඔහු දේශීය නාට්‍යකරුවන්, නළුවන් හා සංසන්දනය කරමින් මගේ රංගන ක්ෂේත්රය ඔහු විග්රහයට ලක් කරනවා.
ඔබ ගැන ලියවෙන චරිතාපදානය ඔබගේ නිර්මාණ ඔබගේ රංගන හැකියාව වෙනත් නළුවන් හා සංසන්දනය කරමින් විවේචනාත්මක කරුණු ඇතුළත් කෘතියක් හැටියට ද මේ කෘතිය නිකුත් කරන්නේ?
නෑ. එහෙම නොවෙයි. සමහර තැන්වල දී එහෙම සංසන්දනයන් කරන අවස්ථා තියනවා. උදාහරණයක් කිව්වොත් ෆීනික්ස් කියන නළුවා රඟපාන ජෝකර් චිත්‍රපටයේ රඟපෑමත් මම රඟපාන මල් වඩම් අනවශ්‍යයි. නාට්‍යයේ මගේ රඟපෑමත් මෙහිදී සංසන්දය කරන අවස්ථා තියනවා. මෙතනදී ශෝන් පෙන්වා දෙනවා ෆීනික්ස් කියන නළුවා ඉපදෙන්නත් කලින් ඒ චරිත මම රඟපානවා කියනදේ. මම ඒ රංගන ශිල්පීය ක්‍රම කොහොමද මේ නළුවාටත් කලින් භාවිත කළේ. කියන දේ මේ අයුරින් ශෝන් ආශ්වාදයක් ලබමින් තමයි මේ පොත රචනා කරන්නේ.
ඔබව හමුවීමට පෙර ශෝන් ඔබ ගැන බොහෝ කරුණු සොයාගෙන තිබූ හැඩයි?
ඔව්. ඔහු දීර්ඝ අධ්‍යයනයක් මා හමුවීමට පෙර කරල තිබිල තියනවා.
කොපමණ පිටු ප්‍රමාණයක පොතක් හැටියට ද ඔබගේ චරිතාපදානය ඉංගි්රසි භාෂාවෙන් දොරට වැඩියේ?
පිටු එකසිය පණහක පමණ.
පිටු එකසිය පණහකට ඔබගේ කලාදිවිය සංක්ෂිප්ත කරන්න පුළුවන්ද?
ඔබ සියයට සියයක් තෘප්තිමත් ද ශෝන්ගේ මේ කර්තව්‍ය ගැන?
මම සියයට සියයක් තෘප්තිමත් යම් දෙයක් පිළිබඳ අපිට විග්රහ කරන්න පුළුවන් තැනක ඉඳල. නමුත් අපිට ඕනෙ වුණේ මේක ජාත්‍යන්තරයට ගෙන යන්න. පර්යේෂණ කරන අයට එක එක තේමාවන් ඔස්සේ මා ගැන පර්යේෂණ කරන්න. මේ පොත හරහා ශෝන් ඉඩදීල තියනවා. මේ පොතේම පරිවර්තනයක් ලෙස සිංහල භාෂාවෙන් ලබන වසරේ පොතක් නිකුත් වෙනවා.
මෙහි සිංහල පරිවර්තනයත් ඔබ ජනගත කරන්නේ ඔබේ කලාදිවියේ සන්දිස්ථානයක් සනිටුහන් කරමින්ද?
ඔව්. මගේ කලාදිවියට වසර පණහක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් සුවිශේෂි වැඩසටහනක් ලබන වසරේ මාර්තු මස කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. “සරත් සද” කියල සිංහල භාෂාවෙන් නිකුත් කරන්න බලාපොරොත්තු වන මගේ චරිතාපදානය නම් කරල තියෙන්නෙත් සරත් සඳ කියල එහි මීට වඩා කරුණු කාරණා විස්තරාත්මකව ඇතුළත් කරල තියනවා. හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේදී තමයි මේ සුවිශේෂී කටයුත්ත සිදුකරන්න සැලසුම් කරල තියෙන්නේ. ඉංගි්රසි මාධ්‍යයෙන් කරන විවරණයයි. සිංහල මාධ්‍යයේ විවරණයයි අතර ලොකු වෙනසක් තියනවා ඉංගි්රසි මාධ්‍යයෙන් අපිට බොහෝ දේවල් ඉදිරිපත් කරන්න අමාරුයි. නමුත් අපේ සිංහල මාධ්‍ය පොතේ කරුණු කාරණා සවිස්තරාත්මකව විස්තර කිරීමක් කරනවා. පොතේ පිටු ප්‍රමාණයත් වැඩිවෙනවා. ඉංගි්රසි මාධ්‍ය තුළ ලඝුවෙන කරුණු කාරණා සවිස්තරාත්මකව සරත් සඳ තුළ අන්තර්ගත වෙනවා. ඉංගි්රසි මාධ්‍ය තුළින් ලියැවෙනකොට තියන ප්රමිතියයි. සිංහල මාධ්‍ය තුළින් ලියවෙන කොට තියන ප්රමිතියයි වෙනස්.
මෙහිදි පෙන්වා දෙන ඔබ ගැන තියන පර්යේෂණාත්මක වටිනාකම මොකක්ද?
මෙහිදී ශෝන් පෙන්වා දෙනවා සරත් කුලංග කියන නළුවා මේ ලංකාව තුළ සැඟව සිටි කෙනෙක් කියන දේ අගය නොකරපු කෙනෙක්. නමුත් ඔහු ජාත්‍යන්තර තලයට යා හැකි පුද්ගලයෙක් කියන එක. මගේ සියුම් තැන් ස්පර්ශ කරමින් උදාහරණයක් ලෙසින් මගේ කටහඬ මගේ රංගන ශෛලිය මගේ රංගනයට එපිට ගිය සාහිත්‍ය විභවතාවයන් ඔහු හඳුනාගෙන කලා කාරයෙක් ගායකයෙක් වීම නළුවෙක් වීම පමණක් ප්‍රමාණවත් නෑ. එයට එහා ගිය පරිචයක් තිබිය යුතුයි. විශේෂයෙන් බහුශ්‍රැත භාවය නිරන්තරයෙන් අභ්‍යාස වල නිරතවීම මේ හැමදෙයක් පිළිබඳ මගේ වටිනාකම ඔහු පෙන්වා දෙනවා. පරණ සහ ප්‍රවීණ කියල හැඳින්වීමක් තියනවානේ අපේ නළුවෝ පරණ වුණාට ප්රවීණවෙන් නෑ. පරණ වෙච්ච කෙනෙක් මම ප්‍රවීණයි කියල යොදා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ. මම මේකට සුදුසු කෙනෙක් ද කියලා ප්‍රවීණත්වය කියන්නේ නිරන්තර අභ්‍යාසයේ යෙදෙමින් මැරෙන තුරාවට අභ්‍යාසවල නිරතවෙමින් අලුත් දේ සොයාගනිමින් එහි සියුම්තැන් ස්පර්ශ කරන්න ඕනේ.
සරත් කුලාංග කියන්නේ නිරන්තර අභ්‍යාසයේ යෙදෙන පුද්ගලයෙක්?
මම විශේෂයෙන් ගූගල් සර්ච් කරල පිටරටවල තියන චිත්‍රපට නාට්‍ය සහ සංගීතය පිළිබඳ අධ්‍යයනය කරනවා. විශේෂයෙන් සංගීතයේ තියන විවිධ ශානර විවිධ නාට්‍ය ශානර අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒක අපි රංගනයේ නියැලෙන කුඩා වපසරිය තුළ මේවා හොඳින් භාවිතා කරන්න පුළුවන්.
අධ්‍යයනය තුළ ඔබ ලබන දැනුම නිර්මාණකාර්යන්ට මේවන විටත් යොදාගනිමින් ඉන්නවද?
ඉදිරියේදී මට අතපය දිගහැරල මේ ලබන දැනුම යොදාගන්න අවස්ථාව උදාවෙලා තියනවා. ශෝන් මැක් සිමස් මහත්තයාගේ උදවුවත් සමඟ. බොහෝ කලක් විදෙස් ගතව සිට බටහිර බොහෝ නාට්‍ය, සංගීත ප්‍රසංග ඇස් දෙකට බලපු සිනමාව නරඹපු කෙනෙක් විධියට ඔහු අධ්‍යක්ෂණය කරන බාබරෙල්ලා චිත්‍රපටයත් සමඟ මේ වෙනස් බව ඇති කරන්න පුළුවන් වෙලා තියනවා. අපේ සිනමාව ජාත්‍යන්තරයට අරන් යා යුතුයි. අපි කොදෙව්වක හිරවෙලා ඉඳලා වැඩක් නෑ. දකුණු කොරියාව සංගීතය පැත්තෙන් බිලියන ගණන් උපයනවා ඇයි අපිට බැරි හොඳ දක්ෂ අධ්යක්ෂවරු සිටියදී සිනමා නිර්මාණ ජාත්‍යන්තරයට කිරීමෙන් ඒ සඳහා පර්යේෂණයක් විධියට තමයි බාබරෙල්ලා චිත්‍රපටය ශෝන් මැක්සිමස් පිටපත ලියා අධ්‍යක්ෂණය කළේ. ඒ හා සමානව තවත් පිටපත් දෙක තුනක් මේ වනවිටත් ඔහු රචනා කරල තියනවා. හැබැයි මේවා ෆයිට් සිංදු චිත්‍රපට නොවෙයි. අපේ ජාතක කතාපොත අරන් බැලුවහම ඔක්කොම දේවල් තියනවා. නමුත් අපි තවමත් ජාතක කතා පොත හරිආකාරව පරිහරණය කරල නෑ.
සුවිශේෂී හැකියාවන් බොහොමයකින් සපිරි සරත් කුලාංග නම් වූ මේ කලාකරුවා ප්‍රේක්ෂකයා ළෙන්ගතු සිතින් හඳුනාගන්නේ කවුරුන් හැටියට ද?
මගේ මූලික අඩි තාලම වේදිකාව. මෙහි කොපමණ දර්ශනවාරයක් රඟපෑවත් ලංකාව වගේ රටක ජනගහනය අනුව ලක්ෂ දහයක්වත් නරඹන්නේ නෑ. රූපවාහිනී මාධ්‍ය එක රැයකට ලක්ෂ දහයක් විතර අවමව බලනවා. අපේ අලුතින් එන නළු නිළියෝ අනුශාංගික ශිල්පින් කැමැතියි රූපවාහිනියට. ඊට හේතුව ඉතා ඉක්මනින් ජනපි‍්‍රයවීම අපිට ඔය අමාරුව මුල ඉඳලම තිබුණේ නෑ. නමුත් මාව පේ්රක්ෂකයා ළෙන්ගතු සිතින් හඳුනාගත්තේ වේදිකාව තුළ.
නවක පිරිස් වෙත තියන ඉක්මන් ජනපි‍්‍රයත්වය කියන අමාරුව ඇත්තෙන්ම ශිල්පියකුට නරකක්ද?
කෙටි කාලීන ජනපි‍්‍රය නාට්‍ය එතරම් හොඳ දෙයක් නොවෙයි. ඉතාම ඉක්මනින් ජනපි‍්‍රය වෙලා ඉතාම ඉක්මනින් නැති වෙන අවස්ථා තියනවා. ඊට හේතුව හරි පදනමක් නැතිකම. හරියට වැල්ලේ හදපු මාලිගා වගේ.
ඔබ කලාවට අවතීර්ණවන්නේ කොයි ආකාරයෙන් ද?
කාටුන් චිත්‍ර ශිල්පියෙක් වශයෙන් කිව්වොත් නිවැරිදියි. 1972 දී මුල්ම සතුට චිත්‍රකතා පත්තරයට මම කාටුන් ඇන්දා. එවක එහි කර්තෘවරයා වුණේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා කාටුන් ශිල්පියෙක් හැටියට කලාවට අත්පොත් තබන මම ඊට පස්සේ යොමු වන්නේ සංගීතය පැත්තට මගේ ගෙදර තිබුණා. සංගීත කණ්ඩායමක් ‘රේන්ජස්’ කියල මගේ අයියා කෙනෙක් වූ ලාල් ලක්ෂ්මන් ප්‍රනාන්දු තමයි ඒක කරගෙන ගියේ. අනිල් භාරතී. වර්නන් පෙරේරා ආදීන් එහි සාමාජිකයන් වෙලා හිටියා. මගේ පියා තමයි මේ සංගීත කණ්ඩායම හදල දුන්නේ. මම එහි සාමාජිකයෙක් වෙලා හිටියා. ඔය අතරේ මම උසස්පෙළ හදාරන්න. හොරණ තක්ෂිලා මහා විද්‍යාලයට ගියහම තමයි මම යායුතු හරි මඟ හඳුනාගත්තේ. මට සුදුසු වේදිකාව කියන දේ.
ගෙදර තිබුණු රේන්ජස් සංගීත කණ්ඩායමේ ඔබ කවුරු හැටියට ද කටයුතු කළේ?
වාදකයෙක් හැටියට. මම එහි ඩ්‍රම්ස් වාදකයා ලෙස කටයුතු කළා. මම සංගීත ක්ෂේත්රයට මුලින්ම අත්පොත් තබන්නේ ඩ්‍රම්ස් වාදකයෙක් ලෙස.
ඔබ යා යුතු මඟ වේදිකාව බවට පසක්කරගත් පසු ඒ ඔස්සේ ගමන පටන් ගත්තේ කොයි ආකාරයෙන්ද?
මම හොරණ තක්ෂිලාවේ ඉගෙන ගන්න කාළේ. මගේ යාළුවෙක් හිටියා. ප්‍රේමකුමාර කරුණාරත්න කියල. ඔහු කෙටි නාට්‍යයක් කළා. කොක් සන්නිය කියල. මේ කාළේ හරියට කෙටි නාට්‍ය ජනපි‍්‍රය වෙලා තිබුණා. ඉහළ ප්‍රමිතියෙන් යුතු නාට්‍ය. නමුත් රාජ්‍ය අනුග්‍රහයක් ඒ සඳහා ලැබිල තිබුණේ නෑ. මම 1976 දී මේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළා. ඒ තමයි මගේ වේදිකා ගමනේ ආරම්භය.
සංගීත අධ්යක්ෂවරයකු ලෙස නාට්‍ය ක්ෂේත්රයට හා පුරා කියා පැමිණෙන ඔබ මුල්ම නිර්මාණකරණයෙන්ම සම්මානනීය වනවා නොවේද?
1976 දී මම ‘කොක්සන්නිය’ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලබනවා. 1977 දී දිග අඩුකාරයෙක් කෙටි නාට්‍යයේත් මම හොඳම සංගීත අධ්‍යක්ෂක හැටියට එවක සම්මාන ලැබුවා. මේ නාට්‍යයේ සංගීතය තුළ මම වෙනසක් ඇතිකළා. ඒ විශේෂත්වය තමයි කිසිම සම්මත සංගීත භාණ්ඩයක් නොමැතිව සංගීතය නිර්මාණය කිරීම. මමම හොයාගන්න අසම්මත සංගීත නිර්මාණයක් තමයි එහි තිබුණේ.
අසම්මත සංගීත රටාවක් සොයායන කොට හිතට චකිතයක් දැණුනේ නැද්ද?
නෑ. ඒ වෙලාවේ බයක් දැනුණේ නෑ. මම ජනපි්රයත් නෑ. වැරදුණත් කෙලවුණත්කමක් නෑ. දැන් කරන්න ගියොත් තමයි බය වෙන්න ඕනේ.
හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලබාදෙන්නේ කවුරුන්ද?
නව මඟක යන්නෝ, රංගන කලා කේන්ද්‍ර සභා නම් වූ කෙටි නාට්‍ය උලෙළ සංවිධායක සමාජ වලින්. 1983 දී යෞවන සම්මාන නාට්‍ය උලෙළේදී අබුද්දස්ස කෝලම නාට්‍ය සඳහා හොඳම සංගීතයට සම්මාන ලැබුවා.
සරත් කුලාංග කියන්නේ සම්මාන පිට සම්මාන ගහපු නිර්මාණ කරුවෙක්?
සංගීතය සඳහා අනන්ත අප්‍රමාණ සම්මාන හම්බවෙලා තියනවා. නමුත් රංගනය සඳහා මට කිසිම කුසලතා සම්මානයක් තියා කුසලතා සහතිකයක්වත් මෙතෙක් ලැබිල නෑ. මේ තාක් අවුරුදු හැටහයක් වයස මට මගේ රංගන ජීවිතයට අවුරුදු පණහක් පිරෙන කොටවත් මේතාක් රංගනයට කිසිම ඇගැයීමක් ලැබිල නෑ. තාම මගේ කුසලතාවයක් දකින්න ලැබිල නැතුව ඇති. අඩුම තරමින් කුසලතා සහතිකයක්වත් ලැබිල නැත්තේ. මෙන්න මෙහෙම කෙනෙක්ගේ පොතක්නේ ශෝන් මැක්සිමස් ලියන්නේ.
රංගනයට කුසලතා සහතිකයක්වත් නැති ඔබට සංගීතය වෙනුවෙන් රාජ්‍ය සම්මානත් ලැබෙනවා නේද?
1988 දී තමයි මුලින්ම මට රාජ්‍ය සම්මානය ලැබෙන්නේ. රාජ කපුරු නාට්‍යයේ හොඳම සංගීතය වෙනුවෙන්.
සංගීත අධ්‍යක්ෂණයේ වඩාත් ජනපි‍්‍රය වූ නිර්මාණ මොනවද?
රාජකපුරු, මල්වඩම් අනවශ්‍යයයි. අබුද්දස්ස කෝලම, රූකඩ රාජ්‍ය, දෙයියොත් දන්නෑ, ඕවගේ බොහොමයක් තියනවා.
අඩ සියවසක රංගන චාරිකාව තුළ ඔබ කොපමණ නිර්මාණ ප්‍රමාණයකට දායක වෙලා ඇති ද?
වේදිකා නාට්‍ය හැටකට එහා කරල තියනවා. ටෙලි නාට්‍ය සියයකට ආසන්න කරල ඇති. චිත්‍රපට අටක ඉතාම කෙටි චරිත රඟපාල තියනවා.
චිත්‍රපට වල ඉතාම කුඩා චරිත රඟපෑ ඔබ තව නොබෝ කලකින් ප්‍රධාන චරිතයක් ඔස්සේ සිනමා නිර්මාණයකට එක්වෙනවා නේද?
ශෝන් මැක්සිමස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ‘බාබරෙල්ලා’ චිත්‍රපටය තමයි මම ප්‍රධාන චරිතයක් රඟපාන මුල්ම චිත්‍රපටය. මේ චිත්‍රපටයේ අවසන් නිර්මාණ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා. මේ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟපානවා වගේම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයත් සිද්ධ කරනවා. මම චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරන ප්‍රථම නිර්මාණයත් ‘බාබරෙල්ලා’ ලබන අවුරුද්දේ මුල් මාසයේදී විතර චිත්‍රපටය තිරගත කරන්න සැලසුම් කරල තියනවා. මුලින්ම මෙය විදේශිය රටවල තමයි තිරගත කරන්න සැලසුම් කරල තියෙන්නේ.
මුල් වරට ඔබ සිනමාවට පා තබන්නේ කුමන නිර්මාණයන් සමඟ ද?
විජයධර්මශ්රීගේ ගුරුගෙදර චිත්‍රපටයෙන්.
ටෙලි නාට්‍ය සංගීත අධ්යක්ෂණයට ඔබට ආරාධනා ලැබුණේ නැද්ද?
ජයලත් මනෝරත්නගේ තුන්දෙනෙක්, ඕල්වේස් බ්රේක් ඩවුන් (දේශපාලන ප්‍රහසනය) ඇතුළු නිර්මාණ තුනක හතරක තමයි සංගීත අධ්යක්ෂණයට අවස්ථාව උදාවුණේ. ටෙලි නාට්‍ය වලට මගෙන් රංගනය ලබාගත්තා හැරෙන්න සංගීත අධ්‍යක්ෂණය භාර කළේ නෑ.
පුංචි තිරයේ ප්‍රධාන චරිත රඟපාන්න ඔබට අවස්ථාව විවෘත වුණේ නැද්ද?
වේදිකාවේ මට ප්‍රධාන චරිත රඟපාන්න ලැබුණා. නමුත් ටෙලි නාට්‍යවල උප චරිත තමයි ලැබුණේ.
ප්‍රාසංගික ඒකාංගික සියයකට සමීප ටෙලි නාට්‍ය ප්‍රමාණයක් රඟ පා ඇති ඔබ වඩාත් ප්‍රේක්ෂකයා අතර ජනපි‍්‍රය වූ නිර්මාණ මොනවද?
නාලන් මෙන්දිස්ගේ දූ දරුවෝ නිර්මාණයේ විරිදු කාරයාගේ චරිතයෙන් තමයි මාව රූපවාහිනී පේ්රක්ෂකයා අතර මුලින්ම ජනපි‍්‍රය වුණේ. ඊට පස්සේ මේ මෑතකදී සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ කෝලංකුට්ටම නිර්මාණයේ සිරිමාන්න ගේ චරිතය. මේ චරිතය මට රිසිසේ රඟපාන්න ලැබුණා. සද්ධාමංගල සූරියබණ්ඩාරගේ පිටපත් රචනයේ රාජ්‍ය සේවකයාගේ ක්‍රියා කලාපය මට හොඳට කරන්න ලැබුණා. සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ මන්ත්‍රි හටනෙත් මම යමක් කළා. මේ වගේ ගොඩක් නිර්මාණ තියනවා.
ආරම්භයේ පටන් ඔබ කලාව වෘත්තිය කරගත්තද?
මම වෘත්තියෙන් ගුරුවරයෙක්. සිංහල පුහුණු ගුරුවරයෙක් ලෙස තමයි මම ගුරුවෘත්තියට එන්නේ. අවසානයේ මම ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගත්තේ. සහකාර විදුහල්පතිවරයෙක් ලෙසින්. මම අපොස සාමාන්‍යපෙළ දක්වා ඉගෙන ගත්තේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ. ඒ විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරයෙක් ලෙසින්ම තමයි මම ගුරු සේවයෙන් විශ්‍රාම ගියෙත්.
සරත් කුලාංග කලාකාරයෙක් වගේම උපදේශකයෙක් ලෙසත් සුවිශේෂී කාර්යභාරයක් කරන පුද්ගලයෙක් ද?
ඔව්. මම ශිෂ්‍ය උපදේශනය හා මාර්ග උපදේශනය පිළිබඳ උපදේශකයෙක් ලෙසත් කටයුතු කරනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ මම මේ පිළිබඳ දීර්ඝ පුහුණවක් ලැබුවා. 2014 වසරේ මම ගුරු වෘත්තියෙන් සමුගත්තත් අදත් ලැබෙන ආරාධනා වලට උපදේශනය සඳහා සහභාගි වෙනවා. මම කලාකාරයෙක් වීමම මේ සේවය ලබාදෙන්න ලොකු ආශිර්වාදයක් වෙලා තියනවා.
කලාකරුවකු ලෙස ගුරු වෘත්තියේ නියැලීම ඔබට දැනුණේ කොහොමද?
දරුවන් සමඟ දෙමාපියන් සමඟ ගණුදෙණු කිරීමේදී මම කලාකාරයෙක් වීම මට හරි පහසුවක් වුණා. මට තිබුණ පිළිගැනීම මම ජනපි‍්‍රය ගුරුවරයෙක් වීම. මගේ කවුන්සිලින් කටයුතු වලටත් ලොකු ආශිර්වාදයක් වුණා. සර්ට වගේම මා තුළ සිටි නළුවටත්.
අදටත් ඔබ වඩාත් අභිරුචියෙන් කතා කරන්නේ ගුරුවෘත්තීය පිළිබඳවඳ කලාකටයුතු පිළිබඳවද?
ඇස් දෙකෙන් මොන ඇහැද හොදඳ කියල ඇහුව වගේ දෙයක් ඔය ප්රශ්නය. අදටත් මම පාසල් වලට ගිහින් ආරාධනාවලට දේශන කටයුතු කරනවා.
හොරණ තක්ෂිලාවේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක්ව සිටි ඔබ අසීමාන්තිකව නාට්‍ය කලාවට යොමුවෙන්න ඔබට උත්තේජනයක් වන්නේ කුමක්ද?
පාසලේ පුස්තකාලයේදී මට හම්බ වුණා හෙන්රි ජයසේනගේ කුවේණි කියන පොත. ඒ අනුසාරයෙන්ම මම අන්ද භූත කියල නාට්‍යයක් ලිව්වා. ඒක තමයි මගේ පළමු වේදිකා නාට්‍ය රචනය. ඒක පාඨශාලා අතර නාට්‍ය උලෙළට ඉදිරිපත් කළා. මම රචනා කර අධ්‍යක්ෂණය කළ පළමු නාට්‍ය මේක. ඊට පස්සේ මම මිදිවැල කියල නාට්‍යයක් රචනා කළා. ඔය අතරේ අපේ සමකාලීනයන් වූ ජනක් පේ‍්‍රමලාල් හොරණ විද්‍යාරතනයේ සද්දා උත්පලකන්දගේ හොරණ ශ්‍රී පාලියේ මම හොරණ තක්ෂිලාවේ අපි හැන්දෑවට එකතු වෙනවා. අපේ ඉස්කෝලේ අපි ඉස්කෝල තුනක් එකතු කරල හදපු නාට්‍ය කණ්ඩායම තමයි හොරණ නාට්‍ය කණ්ඩායම අපේ කණ්ඩායමේ පළමු නිර්මාණය තමයි අබුද්දස්ස කෝලම. ඒ තමයි අපි කළ ජාතික මට්ටමේ නාට්‍යය මේ නාට්‍ය රචනා කළේ ජනක් පේ‍්‍රමලාල්ගේ තාත්තා සිරිසේන පේ‍්‍රමලාල්, රවීන්ද්‍ර යසස්, විනීවෙත්තසිංහ ඔය වගේ පිරිසක් අපිත් එක්ක එකට හිටියා. මම මේ නාට්‍යයට සංගීතයෙන් හා රංගනයෙන් දායක වුණා.
දෙස් විදෙස් රටවල පවා ඔබ අධ්‍යක්ෂණය කරන නාට්‍ය වේදිකාගත වෙනවා?
2014 වසරේ මම දෙයියොත් දන්නෑ කියල නාට්‍යයක් රචනා කරනවා. එහි අධ්‍යක්ෂණයත්. සංගීත අධ්‍යක්ෂණයත් මගේ මීට අමතරව මම මෙහි රඟපෑමත් කරනවා. මේ නාට්‍ය විතරක් දර්ශන වාර දහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට දෙස් විදෙස් හි වේදිකා ගත කරල තියනවා.
වයසින් හැට හයවැනි වියට පා තබා ඇති ඔබ කලා ජීවිතයට අඩසිය වසක් සපුරා ඇති මොහොතක අද ආපසු හැරිල ආ මඟ දෙස බලන කොට මොකද හිතෙන්නේ?
මම ගැන මට සතුටුයි අඬන්න වැලපෙන්න දෙයක් නෑ. නමුත් මට අවුරුදු හැට හයේදී තමයි. මට හරි මඟ ලැබුණේ ශෝන් මැක්සිමස් කියන උතුම් මිනිසා සමඟ එකතු වීමත් සමඟ ඔහුත් සමඟ මට ජාත්‍යන්තරයට යන්න පුළුවන් කියන විශ්වාසය මට තියනවා.
සරත් කුලාංග කියන නිර්මාණකරුවාගෙන් රංගවේිදියාගෙන් අපේ කලාවේ උන්තියට තව විශාල දායකත්වයක් ලබාගන්න තිබුණානේ කියන පසුතැවිල්ල අපේ පේ්රක්ෂක ප්‍රජාවට දැනෙනවා නොවේද?
එහෙම ඇති. මගෙන් ගන්න ඕනෙ වැඩේ අපේ නිර්මාණකරුවෝ ගත්තේ නෑ. ඒ ගැන කලකිරීමක් මට තියනවා. අපේ තියෙන්නේ කල්ලි වාදය ඒ තුළ අපිට නිදහසක් නෑ. ඒ කල්ලිවලට අභියෝග කරල ගමනක් යන්න මට අවශ්‍ය නැති නිසා මගේ පාඩුවේ මම ගමනක් යනවා.
නොලැබීමේ ගමන තුළ ආපසු හැරිල බලනකොට අද මොකද හිතෙන්නේ?
අපි ජීවත්වෙන කාලය පොඩියි. ඒ නිසා ඉතාම ඉක්මනින් අපිට තියන රික්තකය පුරවා ගන්න ඕනේ. මට තව ගොඩක් දුරයන්න තියනවා. මම දන්නවා ඒ යන්න පුළුවන් දුර මගේ කැපෑසිටි එක. ඒ දේ අපිට එකතු වෙලා එහෙම නැත්නම් මමම හදාගන්නවා මිසක් කවුරුවත් දෙනකම් බලා ඉඳල වැඩක් නෑ.
මේ ක්ෂේත්රයට එන නවක පරපුරට ඔබදෙන පණිවිඩය?
සාහිත්‍ය හදාරන්න ඕනේ සාහිත්‍ය තුළ අලුත් චරිත හමුවෙනවා. ඒ චරිත ක්‍රියාත්මක වෙන ආකාරය නවකතා කෙටි කතා වල තියනවා. ඒවා හදාරන්න ඕනේ. අලුත් චරිත අපූර්වත්වයෙන් යුතුව නිර්මාණය කරන්න එවිට පුළුවන් වෙනවා. සාකච්ඡා කරන්න ඕනේ. ඇසූ පිරූ බහුශ්‍රැතභාවය වැදගත් චරිත නිරූපණයට පමණක් නොවෙයි හැමදේකටම විශේෂයෙන් පිටපත් රචනයට, අංග රචනයට අනුශාංගික හැම කලාවකටම බොහෝ ඇසූ පිරුතැන් අත්දැකීම් වැදගත්.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන