වර්තමාන සිනමා ක්ෂේත්‍රෙය් සිනමා කැමරා ශිල්පින් අතර කැපී පෙනෙනම චරිතයක් වනුයේ රුවන් කොස්තාය. ඔහුගේ කැමරාව මෙරට සිනමා ක්ෂේත්‍රයට නිර්මාණය කරන්නාවූ අති ආකර්ෂණීය දසුන් පිළිබඳ අමුත්වෙන් විග්‍රහ කල යුතු නැත. පසුගිය කාලය ඇතුළත තිරගත වු චිත්‍රපටයන්හි කැමරාව පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කළ හොත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ වටහා ගත හැකිය. ඔහුගේ සිනමා ලැයිස්තුව මෙහි සඳහන් නොකරන්නේ එය වඩා දීර්ඝ වූ එකක් වන බැවිනි. එහෙත් මෑතකදි ඔහුගෙන් අපට ලැබෙන ආසන්නතම සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ ‘ මයි රෙඩ් කොම්රේඩ් ’ චිත්‍රපටයය.
දින තුනක් වැනි ඉතාම කෙටි කාලයක් ඇතුළත එකම දර්ශන තලයකදී රූ ගත කරන ලද මෙම චිත්‍රපටයේද ඔහු සිය අපුරු හැකියාවන් මොනවට ප්‍රදර්ශනය කර ඇත. එම චිත්‍රපටය පිළිබඳත්, ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳත් කතා බහකට පසුගිය දිනක අපි රුවන්ව හමු වුණෙමු.
ඔබ කැමරා අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය මේ දිනවල තිරගත වෙනවා. මේ චිත්‍රපටය ඔබ දකින්නේ කොහොමද?
ඇත්තටම ‘මයි රෙඩ් කොම්රේඩ්‘ කියන්නේ මට ලොකු අභියෝගයක් වුණු චිත්‍රපටයක්. මින් ඉහත මම කරපු චිත්‍රපටත් සමඟ බලනකොට මේ චිත්‍රපටය ඊට හාත් පසින්ම වෙනස් එකක්. මගේ නමත් සමඟ එක්තරා අන්දමකට ස්වභාව සෞන්දර්යයත් එක්ක යන ගමනක් තමයි මට මේ ක්ෂේත්‍රය පුරා නිර්මාණය වෙලා තියෙන්නේ. මට මේ වගේ චිත්‍රපටයකින් මොනවද කරන්න පුළුවන් කියන කාරණය මෙතනදි පැන නැඟුණා. නමුත් සුදත් මහදිවුල්වැවත් සමඟ මම ඔහුගේ පළමු චිත්‍රපටය වන ‘සුදු කළු සහ අළු‘ වල වැඩ කරලා තිබුණු නිසා මම හිතනවා ඔහුට මා කෙරේ යම් විශ්වාසයක් තිබුණා කියලා. ඔහු මේ ආරධනාව මට කළාම මටත් ඕන වුණා මේ චිත්‍රපටය ඔස්සේ මගේ ගමනත් වෙනස් කරලා පෙන්වන්න. ඇත්තටම ඒක ලොකු අභියෝගයක්. සමහරු හිතන්න ඇති මම මේ චිත්‍රපටය තුළත් බියුටි එක ගෙනෙයි කියලා. කොහොම වුනත් මට ඕන වුණේ අධ්‍යක්ෂවරයා හිතපු දේ මගේ කැමරාවෙන් කරලා දෙන්නයි. ඒ දේ මම කරලා දෙනවා කියලා අධිෂ්ඨානයක් ඇති කර ගත්තා. මේ චිත්‍රපටයේ තේමාවට අනුව මම රූපගත කරන්න ඕන ඉතාම අඩු ආලෝක තත්වයක් යටතේ. මම කිසියම් ආලෝකකරණයක් කරලා තියෙනවා කියලා දැනෙන්න හොඳ නෑ. ස්වභාවික ආලෝක පරිසරයක් සමඟ, එක රැයක් තුළ, වර්ෂාවත් එක්ක තමයි මේ චිත්‍රපටයේ රුපරාමු ගලාගෙන යන්නේ. ඒ තත්වය ප්‍රේක්ෂකයන්ට දැනෙන් ඕන. වැස්ස වහිනවා කියලා ශබ්දයෙන් දැනෙනවා වගේම රූපයෙනුත් දැනෙන් ඕන.කාමරය ඇතුළට ගියාමත් එළියේ වහින බව දැනෙන් ඕන. මේ දේවල් රූපයට නඟන එක තමයි මට තිබුණු අභියෝගය. අපි මේකට කලර් පැලට් එකක් හැදුවා. අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරමින් වර්ණ අඩු කර ගත්තා. අධ්‍යක්ෂවරයාට ඕන වුණා රතු වර්ණය පාවිච්චි කරන්න. ඔහුගේ සිහිනයට ළඟාවෙනවිට වෙනම වර්ණයක් ගෙනාවා. මේ හැම දේම සැලසුම් කරන්නත් අපට තිබුණේ බොහොම කෙටි කාලයයි. අපි මේ චිත්‍රපටය දින තුනෙන් රූ ගත කරන්නත් ඕන. කොහොම නමුත් මම විශ්වාස කරනවා අධ්‍යක්ෂවරයාගේ අභිමතාර්ථය ඉෂ්ට වෙන පරිදි මේ අභියෝගය මම ජය ගත්තා කියලා මම විශ්වාස කරනවා.
ඔබ බොහෝ විට අති ආකර්ෂණීය දර්ශන තලවල රූ ගත කිරිම්කරමින් ආකර්ෂණිය කැමරා කෝණ සිනමාවට ගෙනාපු කැමරා අධ්‍යක්ෂවරයෙක්. මේ චිත්‍රපටය එකම දර්ශන තලයක සිට රු ගත කළ එකක්. වඩා ලේසි කුමක්ද?
ඇත්තටම මේක හරිම අමාරු කාර්යයක්. එකම දර්ශන තලය වුණාට විවිධ කැමරා කෝණ. මෙතනදි අධ්‍යක්ෂවරයා මා කෙරේ තැබු විශ්වාසය මට ලොකු හයියක් වුණා. ඔහුගේ පළවෙනි චිත්‍රපටයේ සිට මා ගැන දැනගෙන හිටි නිසා ඔහු මගේ ස්වභාවය දැනගෙන හිටියා. සමහර විට වෙන අධ්‍යක්ෂවරයකුට නම් බය හිතෙන්න තිබුණා. මේ වගේ චිත්‍රපටයකට මම මොනවගේ රූප මවයිද? කියලා. සුදත් මහදිවුල්වැව මට ඒඅභියෝගය දුන්නා. මම දිවුලට කිව්වා මම ඒක කොහොම හරි ජය ගන්නවා කියලා.
ඉස්සරහට මොනවද ඔබේ අලුත් සිනමා නිර්මාණ?
ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා සහ සුරිය කුසුම එන්න තිබෙනවා. ඒ සමඟම තේජා ඉද්දමල්ගොඩ කළා ක්ලැරන්ස් විජේවර්ධනගේ ජිවිත කතාව ඇසුරින් චිත්‍රපටයක් ඒකත් එන්න තියෙනවා. මේ සියල්ලම එකිනෙකට වෙනස් සිනමා නිර්මාණ. මට චිත්‍රපටයක් ලැබුණම ඒ චිත්‍රපටය කලාත්මකද, වාණිජද, කොමඩිද කියලා මම බලන්නේ නැ. මේ හැම එකක්ම මට චිත්‍රපට. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ අභිමතාර්ථය ඉෂ්ට වෙන පරිදි රූප රාමු ගන්න එක තමයි මගේ රාජකාරිය වෙන්නේ. මම ඒකට ඕන කරන රූප රාමු නිර්මාණය කරනවා.
ඔබේ නිර්මාණ ජිවිතය තුළ ඔබ ආස කරන නිර්මාණ මොනවද?
මම මගේ සියළුම නිර්මාණයන්ට එක වගේ කැමැතියි. මම නිර්මාණයක් බාර ගන්නේ ඒක මගේ කරගෙන. අකමැත්තෙන් කරපු නිර්මාණ මට නෑ. මම හැම චිත්‍රපටයකම කැමරා කරලා තියෙන්නේ බොහොම ආදරෙන්. ඒක වාණිජද, කලාත්මකද කියලා මට අදාළ නැ. මම බලන්නේ මම හදන ෆ්‍රේම් එකට මම කැමැතිද කියලයි. මට ඒ ෆ්‍රේම් එක තුළ ආදරය දැනෙනවා නම් බිය දැනෙනවා නම්, දුක දැනෙනවා නම්, සතුට දැනෙනවා නම්, ප්‍රේක්ෂකයන්ටත් ඒක දැනෙන්න ඕන. මට දැනෙන්නේ නැත්නම් ප්‍රේක්ෂකයන්ටත් දැනෙන්නෙ නෑ.
මේ විෂය හැමදාමත් අලුත් වෙන විෂයක්. ඔබ කොහොමද ඒකට සුදානම් වෙන්නේ?
මම හැම මොහොතෙම අධ්‍යයනයත් එක්ක ඉන්න කෙනෙක්. තාක්ෂණයේ දියුණුවත් එක්ක නවීන උපකරණ ලෝකයේ බිහිවෙනවා. අපි ඒ හැම දෙයක් පිළිබඳවම අවදියෙන් ඉන්න ඕන. ඊට සමගාමිව යන්න අපි සුදානම වෙන්න ඕන. නැතිනම් අපිට මේ ගමන යන්න බැරි වෙනවා. අධ්‍යයනයෙන්, තාක්ෂණයෙන් ලබා ගන්නා දේවල් මම නිර්මාණ සඳහා බද්ධ කරනවා. රෙඩ් කොමරේඩ් චිත්‍රපටයටත් මම කළේ ඒකයි.
තාක්ෂණයේ දියුණුවත් සමඟ අලුත් අලුත් උපකරණ පැමිණියාට පමණක් අපට ඉස්සරහට යන්න බෑ නේද?
අනිවාර්යයෙන්ම. තාක්ෂණය කොච්චර දියුණුවෙලා , අලුත් උපකරණ පැමිණියත් නිර්මාණශිලි මිනිසුන් නැතිනම් ඒ ගමන අපට ඉදිරියට යන්න බෑ.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න