කෝවිලගේ ජීවාන් කුමාරතුංග හෙවත් ජීවන් කුමාරතුංගට රංගනය පිළිබඳව ආසාව, ඇල්ම ඇතිවන්නට වූයේ තම බාප්පා වන විජය කුමාරතුංගයන්ගේ හා සිඩ්නි කුමාරතුංග සිය පියාණන්ගේ රඟපෑම් දැකගැනීමෙන් අනතුරුවය..
සීදූව, පල්ලියවත්ත ඔහුට වඩාත් හුරුපුරුදු තැනකි. එහි තරුණ පිරිස සමග එක්ව පොල් කොට වේදිකාවක් තනා එහි නාට්‍ය පෙන්නුවේය..’ රන් මැණිකේ නුඹ නාඬන් ‘ ඇතුළු තවත් නාට්‍ය ඉදිරිපත් කෙරිණි..
තනිතරුව චිත්රකතාවේ රූපයට සමාන රුවක් සොයමින් සිටියදී රත්නවීර ද සිල්වා එහි ප්‍රධාන චරිතයට ඔහු තෝරාගත්තද නැවත පැමිණි රත්නවීර ජීවන්ට කීවේ නවක මුහුණක් ප්‍රධාන චරිතයට ගන්නට නිෂ්පාදකවරයාගේ අකැමැත්ත නිසාවෙන් ප්‍රධාන චරිතය අහිමිව යන බවය.. ඒ වනවිට ගමේ හන්දියේ ටේලර් සාප්පුවකට චිත්රකතාවේ සඳහන් අයුරින් එක් එක් මෝස්තරයෙන් ඇඳුම්ද මසාගෙන තිබීමෙන් හා වඩාත් ඔහු කම්පනයට පත්වුයේ ගමට මුහුණ දෙන්නේ කෙලෙසකදැයි කියාය.. මේ හේතුවෙන් රඟපෑම අත්හැර දමා රට රස්සාවකට යාමටද ඔහු ගුවන් ගමන් බලපත්‍රය පවා සූදානම් කරගනිද්දී සුනිල් සෝම පීරිස් ඇතුළු සමිප හිතවතුන් පිරිසක් එම තීරණය වළකාලූයේය.. තනි තරුවේ දුෂ්ටයාගේ චරිතයට තෝරාගත් බව ඇසීමෙන් අමුතු සතුටක් නැතිවුව ද හේ තීරණයකට එළැඹ දුෂ්ට චරිතය රඟපෑමට කැමැත්ත දුන්නේය.. එහෙත් එහි දුෂ්ටයාගේ චරිතයෙන් ඔහුගේ සිහිනය සැබෑ කළේය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ සනත් ගුණතිලකය..
“සනත් නිසා මාව දුෂ්ටයාට කොටු වුණා” පසුකලෙක ජීවන් කීවේය..
සිනමා නිර්මාණ 12 ක පමණ ජීවන් රඟපෑවේ දඩබ්බර චරිතයන්ය..යසපාලිතයන්ගේ ‘ නැවත හමුවෙමු ‘ චිත්‍රපටයේ ද දඩබ්බර විශ්ව විද්‍යාල සිසුවා වූයේද ජීවන්ය.. මහාචාර්යවරයා ලෙසින් එහි ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංගයන්ය.. ජය සිකුරුයි, ඔබට දිවුරා කියන්නම්, සුරදූතියෝ, ප්‍රාර්ථනා, රූමතියයි නීතියයි, ආදී චිත්‍රපට ඔහුගේ දඩබ්බර දුෂ්ට චරිත රංගනයම වුවද රෝයි ද සිල්වාගේ ‘හිත හොඳ කොල්ලෙක් ‘ චිත්‍රපටයේ ඔහු වීරයකු (Hero) ලෙසින් හඳුන්වා දුන්නේය..
දුෂ්ට චරිතවලින් මිදීමට ජිවන් ස්ථිරවම අදිටන් කරගත්තේ බිරිඳ ෂෙරීන්ගේ ඉල්ලීමකට සවන් දීම හේතුවෙනි. වඩාත් ක්‍රියාදාම චිත්‍රපට රංගනයෙන් කැපී පෙනුණු ජීවන් ත්‍රාසජනක අවස්ථා රූපගත කිරීම්වලදී (Stunt) ආදේශක ශිල්පියකු යොදවා නොව තමන් විසින්ම එම ජවනිකාවට පෙනී සිටින්නට බොහෝ විට ඉදිරිපත් විය..
අති සාර්ථක චිත්‍රපටයක් වූ ‘හිත හොඳ චණ්ඩියා’ ජීවන්ගේය..එය ඉහළම ආදායම් (Box office) වාර්තා පිහිටුවමින් ජීවන්ගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වූයේය..
ඉන් ඔහු තරුවක් ලෙසින් සිනමාවේ ස්ථාවර වන්නට හේතුපාදක විය.. නැව ගිලුණත් බෑන් චූන්, මමයි රජා, නො 17, ඔක්කොම රජවරු, හොඳ හොඳ සෙල්ලං, රජ දරුවෝ, කම් ඕ ගෝ චිකාගෝ වැනි චිත්‍රපට ඔස්සේ (1987-1993) වකවානුව තුළ ජීවන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟී එමින් නැවත අපි එක්වෙමු, කෙළිමඩල, සයනයේ සිහිනය, සුරනිමල, තුන්වැනි ඇහැ, සීතල ගිනිකඳු, ආදී චිත්‍රපටවලින් තම රංගන කුසලතාවය ඔප්නංවා ගනිමින් කිහිපවාරයක්ම සරසවිය සම්මානයටද පාත්‍ර වූයේය..
1990 වසරේ පැවැති 18 වැනි සරසවිය සම්මාන උලෙළේදී ජීවන් 1989 වසරේ ජනපි‍්‍රය නළුවා ලෙස ද කිරුළ පැළඳියේය. ඔහු රඟපෑ නැවත අපි එක්වෙමු, සයනේ සිහිනය චිත්‍රපට රංගනය සඳහා ද සරසවිය කුසලතා සම්මාන දිනා ගන්නා ලදී. 1992 වසරේ පැවැති 20 වැනි සරසවිය සම්මාන උලෙළේදී ‘කෙළිමඩල’ චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම සහාය නළුවා ලෙසින් සරසවිය සම්මානය ලබන්නට තරම් ජීවන් වාසනාවන්ත විය.
සිනමාශාලා හිමිකරුවකු මෙන්ම චිත්‍රපට රාශියක්ද නිෂ්පාදනය කළේය.. යුග යුග බිහිවූ නළු නිළි යුග පිළිබඳව සැලකීමේදී ‘ජීවන්-අනෝජා’ යුගය සඳහන් කළ හැකිය..රන් කහවණු, සුදු පරෙවියෝ, හිඟන කොල්ලා, ඇතුළු පුංචි තිරයේ නාට්‍ය රාශියකටද රංගනයෙන් එක්වූ හේ වරක් ජනප්‍රිය නළුවා සුමති ටෙලි සම්මානයටද පාත්‍ර විණි.
1993දී පළාත් සභා මැතිවරණයෙන් දිනූ ජීවන් පො.එ.පෙ. මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය.. පො.එ.පෙ රජයේ යෞවන කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැතිධූරයද යෞවන කටයුතු ඇමැතිධූරයද හෙබවීය..එමෙන්ම නිදහස් සන්ධාන රජය යටතේ ඔහු ක්‍රීඩා අමාත්‍යවරයකු ලෙසින්ද කටයුතු කර ඇත.
සේයාරුව තිලක් පෙරේරා
අමල් යශෝමන් ජයසිංහ