35
සුප්‍රකට ලේඛක Willi Heinrich විසින් රචිත SAVAGE MOUNTAIN හි සිංහල පරිවර්තනය වන බිඳුණු කඳුපෙළ කෘතිය ඔක්තෝබර් 03 වෙනිදා කොළඹ නිදහස් මාවත, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත වේ. මෙම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ ප්‍රවීණ ලේඛක නිහාල් වීරසිංහ විසිනි.
මෙම ජනගත කිරීමේ උලෙළේදී චූලානන්ද සමරනායක, පුබුදු ජාගොඩ සහ සරසවිය පුවත්පතේ නිදහස් මාධ්‍යවේදි මලින්ත විතානගේ දෙසුම් පවත්වති.