මේ දිනවල විකාශය වන සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් නිර්මාණය වූ “හෙළිදරව්ව” සහ “33 කාමරය” ටෙලිකතා මාලාවන්හි රංගනයෙන් දායක වන ඔහු නව යොවුන් රංගන ශිල්පියෙකි. ටෙලිනාට්‍යවලට මෙන්ම මියුසික් වීඩියෝ සඳහා ද සිය රංගනය එක්කරන හෙතෙම නමින් විරාජ් මධුසංඛයි. හොටෙල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වන විරාජ්, රංගනයෙන් දිගු ගමනක් යාමට සැරසී සිටියි. ඔහු සිය කලා දිවිය පිළිබඳ කතා කිරීමට සරසවිය හා මෙසේ එක්විය.
මේ දිනවල ඔබේ නවතම කලා කටයුතු මොනවාද….?
මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන “හෙළිදරව්ව” ටෙලිනාට්‍ය මාලාවේත් “33 කාමරය” ටෙලිනාට්‍ය මාලාවේත් රංගනයෙන් දායක වෙනවා. ‘හෙළිදරව්ව’ ටෙලිනාට්‍ය මාලාව සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් නිර්මාණය වූවක්. අපරාධ, මිනීමැරුම්, මත්ද්‍රව්‍ය වැනි සිදුවීම් පිළිබඳත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරයත් මෙහි පෙන්වනවා . මෙය කාලීන වටිනාකමකින් යුත් නිර්මාණයක් කියා මා සිතනවා. ඒවගේම “33 කාමරය” ටෙලි මාලාවත් වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් අගනා නිර්මාණයක් ලෙස සලකන්න පුළුවන්. මේ ටෙලි කතා මාලාවන් දෙක සඳහා ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඊට අමතරව “මුල් හිමිකාරී” නමින් මියුසික් වීඩියෝවකටත් රංගනයෙන් දායක වුණා . ඒවගේම නවතම චිත්‍රපටයකට ආරාධනා ලැබී තිබෙනවා
රංගනයෙන් දායක වූ නිර්මාණ අතරින් වඩාත් කතාබහට ලක්වූ නිර්මාණ ගැන කීවොත් ….?
මේවෙද්දී මම නිර්මාණ 25කට පමණ රංගනයෙන් දායකවී තිබෙනවා. මියුසික් වීඩියෝ කිහිපයකට, චිත්‍රපට දෙකකට, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වුණා. ඒ අතරින් ප්‍රේක්ෂක කතාබහට ලක්වූ නිර්මාණ විදිහට ධනුෂ්ක රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ “Bio” ටෙලිනාට්‍යයේ චරිතයත්, “ඇගේ කතාව” ටෙලිනාට්‍ය මාලාවත් හඳුන්වා දෙන්න පුළුවන්
නිර්මාණයකට දායකවීමේදී විශේෂයෙන් සලකා බලන කරුණු තිබෙනවද……..?
ප්‍රේක්ෂකයාට පෙන්වන්න පුළුවන් හොඳ නිර්මාණයක් නම් ඒ ගැන දෙවරක් සිතන්නේ නැතිව ඊට සම්බන්ධ වෙනවා සහ එයට මගේ රංගනයේ උපරිමය ලබාදෙනවා .විශේෂයෙන් සලකා බලන කරුණු හෝ තෝරාගැනීමක් හෝ සිදුවන්නේ නැහැ
මේතාක් දායක වූ නිර්මාණ අතරින් ඔබට වඩාත් සුවිශේෂී නිර්මාණ එහෙමත් ඇති …..?
“ගුත්තිල” චිත්‍රපටයටත් “Bio, ඇගේ කතාව, අඩෝ, නීල පබළු, ඔබ නිසා” වැනි නිර්මාණ සුවිශේෂී නිර්මාණ ලෙස මට හැඟෙනවා
රංගනයේදී අධ්‍යක්ෂවරයා සමඟ ඔබේ ගනුදෙනුව කවරාකාරද …..?
අධ්‍යක්ෂවරයා තමයි මට බොහෝ නිර්මාණවලට ආරාධනා කර තිබෙන්නේ . අධ්‍යක්ෂවරුන් සමඟ සමීපව සම්බන්ධ වෙලා මම වැඩකරනවා.ඔවුන් මට රඟපෑමේදී කළයුතු, නොකළ යුතු දෑ පිළිබඳ මනා අවබෝධයක් ලබාදෙනවා
කලාවට යොමුවූ ආකාරය ගැන සිහිපත් කළොත් …?
මම කලාවට පිවිසුණේ දිල්රුක්ෂි වීරපරාක්‍රම මහත්මිය හරහායි. ඇය තමයි මට “ගුත්තිල” චිත්‍රපටයේ රංගනයට කතා කළේ.
මේ ආ ගමනේදී අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති ….?
අමතක නොවන සිදුවීමක් මට මේ මොහොතේ සිහිවෙනවා. ඒ නිර්මාණයේ දර්ශනයක් තිබෙනවා මාව වතුරේ ගිල්වලා මරන අවස්ථාවක් . එහිදී මාත් එක්ක රඟපෑ අනෙක් සහෝදර රංගන ශිල්පිනියට තමයි මාව වතුරේ ගිල්වන්න තිබ්බේ. ඒ සීන් එක තුන්වරක් විතර රූගතකිරීම් කළා. එහිදී මට වතුර යට විනාඩි 2ක් විතර ඉන්න වුණා. එම අවස්ථාවේ හතර පස් වතාවක් විතර ඇය මාව වතුරේ එඹුවා. මට වතුරත් පෙවුණා. රූගතකිරීම අවසන් වෙද්දි මට හරිම මහන්සියක් දැනුණා. මට ඒ මොහොතේ මැරේවි කියලත් සිතුණා. (සිනහවෙමින්) එම සිදුවීම නම් අමතක වෙන්නේ නැහැ
පාසල් සමයේ කලා කටයුතුවල නිරත වී සිටියාද…..?
පාසල් කාලයේදී මම රංගනයට ආසයි. වේදිකා නාට්‍යවලටත් කැමැතියි .ඒත් පාසලේ රංගන කටයුතුවලට කවුරුවත් මාව සම්බන්ධ කරගත්තේ නැහැ
රූපරචනාවලටත් දායක වී තිබේද….?
රූපරචනා දෙකක් කළා. එකක් නලින් ලියනගේ අයියගේ “මගේ පැටියෝ” ගීතයට. අනික කසුන් දෙහිඕවිට මල්ලිගේ “මුල් හිමිකාරී” ගීතයට. ඒවගේම කසුන් දෙහිඕවිට මල්ලිගේ නවතම වැඩකටත් දායක වුණා.එහි රූගතකිරීම් අවසන්
සිනමාවට ඔබේ දායකත්වය මොනවගේද …….?
“ගුත්තිල” චිත්‍රපටයේ රඟපෑවා. ඉදිරියේදී තව චිත්‍රපටයකට කතාකරලා තියෙනවා
වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද…..?
වේදිකාවට ගොඩවෙන්න අදහසක් තිබෙනවා. ඒත් මම වෙනත් රැකියාවකුත් කරන නිසා කාලය යෙදවීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඉදිරියේදී සමහරවිට වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නත් ඉඩ තිබෙනවා
“33 කාමරය, හෙළිදරව්ව” වැනි ටෙලිකතා තුළ ඔබ නිතරම දකිනවා. එයට සම්බන්ධ වූ අයුරු කීවොත් …..?
ඒ නිර්මාණවලට නිතරම සම්බන්ධ වෙන්න හේතුව එහි අධ්‍යක්ෂවරුන් වන ලසිත් සර් සහ මලින්ද සර් මට බොහෝ උදව් කළ නිසා. ඔවුන් දෙදෙනාව මට හඳුන්වලා දුන්නේ අංජලී අක්කා. ඒ අධ්‍යක්ෂවරුන් දෙදෙනා මුල සිටම මගේ රඟපෑම්වල අඩුපාඩු පෙන්වලා රංගනයට මාවත සකසා දුන්නා. ඔවුන් දෙදෙනාගේ නිර්මාණවල චරිතයක් මට බොහෝදුරට ලැබෙනවා
ගායනයේත් නිවේදනයේත් යෙදී තිබෙනවා නේද…..?
ගීත ගායනයට මගේ යම් හැකියාවක් තිබෙනවා .යම් යම් වේදිකාවල ගීත ගායනා කර තිබෙනවා. පෞද්ගලික ආයතනයක පැවැති අවුරුදු උලෙළක වේදිකාවේ ගීත ගායනා කළා. නිවේදන කටයුතු වෘත්තියමය වශයෙන් නම් මම කරලා නැහැ . ඒත් ඒ හැකියාවත් මට තිබෙනවා කියා සිතනවා.
කලාවට පිවිසෙන නව පරපුර ගැන නොයෙක් චෝදනා එල්ලවෙනවා. ඒ ගැන ඔබේ දෘෂ්ටිය මොනවගේද …..?
මෙහෙමයි, දවසින් දවස කලා ලොවට අලුත් අය එකතුවෙනවා. ඒවගේම රංගනය වැනි දේ උගන්වන පාඨමාලා රැසක්ම ලංකාවේ තිබෙනවා . කලාවේ රැඳීසිටින්න දක්ෂතාව වගේම තමන්ගේ වාසනාවත් බලපානවා කියා මට සිතෙනවා. අද වෙද්දී බොහෝ පිරිසක් කලාවේ සිටියත් ඒ තුළ දීර්ඝකාලීනව රැඳී සිටිනවා අඩුයි.
විරාජ් මධුසංඛ නම් ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් , අධ්‍යක්ෂවරයෙක් අපට අනාගතයේදී දැකගන්න ලැබේවිද….?
ඔව්, කවදාහරි දවසක මම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඒවගේම නිෂ්පාදනයටත් දායක වේවි.
කලා ලොවේදී ඔබට ගුරුහරුකම් ලබාදුන් පිරිස ගැන කීවොත් …?
මලින්ද රත්නායක, ලසිත් සමරතුංග සර් වගේම දිල්රුක්ෂි වීරපරාක්‍රම මහත්මියත් කලා ලොවේ ගුරුවරුන් සේ මම සලකනවා. ආනන්ද අතුකෝරල, සමනලී ෆොන්සේකා, රන්දික ගුණතිලක, චමීර ලියන්ගේ වැනි බොහො පිරිසක් මේ මොහොතේ සිහිපත් කරනවා. ඔවුන්ගේ ගුරුහරුකම් මධ්‍යයේ තමයි මම කලා ලොවේ යම් දුරක් හෝ පැමිණ තියෙන්නේ.
රඟපෑමට අමතරව වෙනත් රැකියාවකත් යෙදෙනවා නේද….?
ඔව්, මම හොටෙල් ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරයකු ලෙස සේවය කරනවා.
මනෝජ් රුක්මල් කුමාරසිංහ