මහේෂ් කරුණාරත්නගේ අධ්‍යක්ෂණයක් වූ ‘ප්‍රේමයේ සිත්තම්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදු කෙරෙමින් පවති. තරුණ පෙම් යුවළකගෙ ආදරය අතරතුර සිදුවන සිද්ධි මාලාවක් ගැන කියවෙන ප්‍රේමයේ සිත්තම් ටෙලි තිරයට රචනා කර ඇත්තේ ෂර්මිලා දිල්හානී විසිනි.
මෙහි සචින් ලියනගේ, සංජානා ඔනෙලි, කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර, තරුෂි පෙරේරා, රොෂාණා ඔන්ඩච්චි, ජගත් ඇපලදෙණිය, රයන් වැන් රෝයන්, රාධිකා ගුණවර්ධන, ගිහානී වීරසිංහ, නාලක දළුවත්ත ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති.
ප්‍රේමයේ සිත්තම් හි කලා අධ්‍යක්ෂණය හසිත වැල්ලවාය වන අතර වේශ නිරූපණය ජනාදර අලුත්ගමගේ විසිනි. කැමරා සහය මදුෂාන් මහගම ආරච්චිගෙනි. ඡායාරූපකරණයෙන් චාරුක පෙරේරා, සංස්කරණයෙන් තිවංක අමරසිරි සහ සංගීත අධ්‍යක්ෂණයෙන් අශාන් ප්‍රනාන්දු දායක වෙති. ප්‍රේමයේ සිත්තම් නිෂ්පාදනය Travel Eye Productions වෙතිනි.