Home » ප්‍රශ්න මතුවන තරමට මම ශක්තිමත්

ප්‍රශ්න මතුවන තරමට මම ශක්තිමත්

ගායන ශිල්පිනී කාංචනා ප්‍රියදර්ශනී

by Thanushika
October 24, 2024 9:57 am 0 comment

ඇය වටා කුඩා කල සිට ප්‍රබල පවුරක් ඇත. එය හරියට ඇත් රංචුවක දළ ඇතු ආරක්ෂා කරනවා වගේය. කුඩා කල සිටම සොබා දහමට ආදරේ කරන අය අතර ඇයද එක් චරිතයකි. පාසලේ සංගීතයට මෙන්ම නර්තනයට එක ලෙස දස්කම් දැක්වූ ශිෂ්‍යාවන් අතරින් ප්‍රධාන චරිත ගොන්නට එකතු විය. විෂය ධාරාවට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද එක ලෙස දස්කම් දැක්වූවාය. රුවනාරී මනහරි වගේ කන්කලු මිහිරි නාදය එදා සහ මේදා ප්‍රේක්ෂකයා උන්මාදයට පත් කරන්නේය. පාසල් වේදිකාවේ ලද ආභාසයන් තුළින් දෙරණ Dream star   සහ හිරු Star  වැඩසටහන් හරහා ඇගේ හඬ රැව් පිළි රැව් දුන්නේය. තරුවක් ලෙස පායා එන්නට ඇයට ගත වූයේ කෙටි කලකි. හීන දකින අය අතර ලස්සන හීනයක් දැකපු ඇයට හීනය හැබෑ කර කරගන්නටත් සුන්දර ජීවිතයක් ලැබාගන්නටත් රුවන්පුරවරයෙන් කලාවට දායාද කළ මිණි කැටයකි. ඇය නමින් කාංචනා ප්‍රියදර්ශනී. මේ දිස්නෙ දුන් මාණික්‍යයේ අලුත්ම වතගොත සරසවිය සමඟ බෙදා ගත් අයුරුයි.

රුවන් පුරෙන් සංගීත ක්ෂේත්‍රයට පායා එනා අලුත්ම සඳ ඔබද?

මගේ ජීවිතේ මම මේ ගමන ආරම්භ කරන්නේ කුඩා කාලයේ සිටමයි. මගේ බාල විය මා ගෙවා දමන්නේ සංගීතයට හා නර්තනයට සැකසුණු පරිසරයකයි. මගේ ජීවිතයේ යම් දෙයක් ප්‍රිය කළා නම් ඒ මගේ සංගීත දිවියි. කහාවත්ත මධ්‍ය මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, පැල්මඩුල්ල ධර්මාලෝක නවෝද්‍යා විදුහලෙන් ද්විතික අධ්‍යාපනයත් ලබපු මම දෙමව්පියන්ගේ ආශීර්වාදය නිසා වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ කරන්නට සිදුවුණා. ඒත් මට ලැබෙන ඉඩ ප්‍රස්ථාව තුළ මම සංගීතයට ඒ කාලසීමාව යොදා ගත්තා. පාසලේදී වාණිජ විෂය ධාරාවත් සංගීතයත් සමබරව කර ගත්ත නිසා අද මට මගේ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වුණා. මේ ගමන එන්න ලොකු කැප කිරිමක් කරමින් ධෛර්යවත්ව, බාධක මැඩගෙන ආවේ කිව්වොත් නිවැරැදියි. මගේ ගමන මම තනියම හදාගෙන මට යන්න ඕනේ පාරේ පමණක් මම ගමන් කරන කෙනෙක්. මේ ආපු ගමන හරිම කටුකයි. ඒ සියලු බාධකවල් මැඩගෙන ක්‍රමවත්ව යන ගමනක් මට තියෙන්නේ. කෙළින් කතා කරන කෙළින් තීරණ ගන්නා සෘජු චරිතයක්. මගේ ජීවිතයට ප්‍රශ්න මතුවෙන තරමට මම ශක්තිමත් වෙනවා. සමහර අය වැටෙනකොට මම නැගිටුණා. ඒ මගේ පාසල් ජීවිතයේ සිට තිබුණු එක්තරා ලක්ෂණයක්. මේ සියලු දේවල් පිටුපස සිටියේ මගේ දෙමාපියන් දෙදෙනා යෝධ ශක්තියක් වගේයි. මගේ විවාහ ජීවිතයෙන් පස්සේ මගේ මහත්තයා වින්දික නිරෝෂන් සහ පවුලේ සියලු දෙනා මේ ගමනට මට ලොකු ශක්තියක් වුණා.

තාත්තාගේ රැකවරණය වගේම මේ සිහිනයේ පිටුපස හිටියේ කවුද?

මගේ ජීවිතේ අම්මි තරම් මාව දිරිමත් කළ තවත් කෙනෙක් මේ ලෝකයේ නැහැ. ලෝකයේ කිසිම දරුවකුට මව තරම් ආදරය සෙනෙහස, දයාව, ලෙන්ගතුකම හදවතින් බදාගෙන තුරුලු කරගන්න කෙනෙක් නැහැ. ඒ උත්තරීතර මව් සෙනෙහස අද මගේ මේ ගමනේ නොතිබුණානම් රුවන්පුරෙන් මැණික් කැටයක හඬක් ඇහෙන් නැතිවෙයි.

අම්මි තමයි ගායිකාවක් වෙනව දකින්න ආස කළේ. ඇගේයි මේ සිහිනය, මම සිහිනය සැබෑ කරගත් එක තමයි කරගත්තේ. යම් අරමුණක් තියෙනවා නම් ඕනෑම කෙනෙකුට දෙමව්පියන්ගේ ආශිර්වාදය මැද කරන ඕනෑම දෙයක් ඒකාන්තයෙන්ම හරියනවා.

හැමදේටම පිටිපස්සෙන් හෙවණැල්ල වගේ ඉන්නෙ අම්මීගේ එකම දුව නිසා ඇයගේ බලාපොරොත්තු ඉටු කිරීම තමයි මගේ එකම අරමුණ වුණේ. මේ සිහිනය ඇගෙයි.

ඔබේ හැකියාවන් අඳුනගත්තේ කවුද?

මම පෙර පාසල් යන කාලයේ මට හොඳට ගීත ගායනයට සහ නර්තනය කරන්න පුළුවන් කියලා මට තේරෙන දවස්වල මගේ අම්මි කියලා තියෙනවා. ඉන්පසුව පෙර පාසලේ ගුරුතුමිය තමයි මගේ දක්ෂතාවයන් හොඳටම දැක්කේ. මේ කුඩා අවධිය මේ විදිහට ගෙවා දැමූ මම පාසල් අධ්‍යාපනයට යොමු වුණාට පසු පාසලේ විවිධ සෞන්දර්ය බාහිර ක්‍රියාකාරකම්වලදී කැපී පෙනෙන චරිතයක් බවට මම පත්වුණා. එක වසරේ සිට පහ වසර දක්වා නර්තනයත්, හයේ සිට එකොළහ වසර දක්වා සංගීත විෂය ධාරාවත් හැදෑරුවා. මේ කාලවකවානුවේදී රම්‍යා ද සිල්වා සංගීත ගුරුතුමිය තමයි අපිව නියම මාර්ගයට ගෙන ගියේ. ඉන්පසු 2000 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත් වූ ආධුනික ගී ප්‍රසංගයෙන් දෙවැනි ස්ථානය ගන්නට අවස්ථාව හිමි වුණා. මගේ ජීවිතේ පළමු වතාවට ප්‍රසංග වේදිකාවකට අඩිය තිබ්බේ මේ ආධුනික ගී ප්‍රසංගය හරහායි.එදා ආපු ගමන තමයි අද මෙච්චර දුර ඇවිත් තියෙන්නේ.

නර්තන ශිල්පිනියක් නොවුණේ ඇයි?

අපි ජීවිතේ තීන්දු, තීරණ ගන්නේ හරිම වෙනස් විදිහටයි. පාසල් කාලයේදී කරන සමහරක් දේවල් වලට අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමුදෙන්න වෙනවා. පාසල් කාලයේ මගේ සුන්දරම කාලය කිව්වොත් නිවැරදියි. මගේ වැඩි කැමැත්ත තිබුණේ සංගීතයට නිසා මම නර්තනයට වැඩි ප්‍රවණතාවයක් දැක්වුවේ නෑ. දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමින් ගන්නාවිට අපි සබරගමු පළාතටයි අයිති වෙන්නේ.ගායිකාවක් විදිහටත්, පාසල් අන්තර්පාසල් දිස්ත්‍රික්ක, පළාත්, සමස්ත ලංකා තරඟවලටත් ඒ කාල සීමාව තුළදී තරග කළා. ඒ ඉදිරිපත් වූ සමහරක් තරග වලින් අපිට ජයග්‍රහණද හිමි කරගන්නට පුළුවන් වුණා. ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් හෝ නර්තන ශිල්පිනියක් වෙනවා වෙනුවට වැඩි ඇල්මක් සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මම යොමු කළා. මට කවදාකවත් නොලැබුණ දෙවල් මේ ගමන හරහා මට ලැබුණා.

2014 සංගීත ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළනවා නේදද?

පාසල් කාලය නිමා කරන්න ළං වෙනකොට අපේ හිටපු කණ්ඩායම දැඩි ලෙස සෞන්දර්යයට කැමැත්තක් දැක්වුවා. පාසලේ සෞන්දර්යාත්මක කටයුතුවලට වගේම පිටත කලා කටයුතුවලට හැමවිටම පාසල් ශිෂ්‍යාවක් වශයෙන් ඉදිරිපත් වීමද සිදුවුණා. මේ කාලවකවානුවේදී තමයි මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියට ඉදිරිපත් වන්නේ. MG  අනුෂ්ක මම ඉදිරිපත් වූ සීසන් 5 Derana Dream Star  වැඩසටහනේ හොඳම ගායකයා ලෙස කිරුළ හිමි කර ගත්තේ. අවසන් 48 දෙනාගේ තරඟයට මමද තේරුණා. SMS මනාප පොරයත් එක්ක අපි තුන්වටයන් තරඟයෙන් ඉවත්වීමට සිදුවුණා. ලබපු ප්‍රතිචාරත් සමඟ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්ට දොරගුළු විවර වුණා. මේ අවුරුද්දේ තමයි මට රාජ්‍ය ආයතනයක රැකියාවක් ලැබෙන්නේ.

ඔබේ පළමු පත්වීම කොහොමද සිදුවුණේ?

වසරක් පාසා පවත්වනු ලබනා රාජ්‍ය ආයතනවල තරග විභාගයකට මම මුහුණ දුන්නා. මෙම තරග විභාගය සඳහා විශාල සංඛ්‍යාවක් පෙනී සිටිනවා. ඒ විභාගයට මුහුණ දුන්න දහස් සංඛ්‍යාවක් අතරින් ඉන්පසු ජයග්‍රහණය කරලා මම පළමු වැනි පත්වීම ලබන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ. අමාත්‍යාංශයේ රැකියාව කරන ගමන් සංගීතාංශයටත් වැඩි නැඹුරුතාවයක් දැක්වුවා.

ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයකු සමග විවාහ ගිවිස ගැනීම සිදුවෙනවානේද?

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රැකියාවෙන් අවුරුදු තුනකට පස්සේ 2017 දී මම සංගීත ක්ෂේත්‍රයටම සම්බන්ධ වින්දික නිරෝෂන් සමඟ විවාහ වෙනවා. ළමයින්ට දැනුම බෙදා දෙන ඔහු දක්ෂ සංගීත ගුරුවරයකු වෙනවා මෙන්ම, පද රචකයකු, වාදන ශිල්පියකු තනු නිර්මාපකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්ද වෙනවා. ඔහුගේ ඒ දක්ෂතාවයන් නිසා මගේ නවතම ස්වතන්ත්‍ර ගීතය නිර්මාණය වෙන්නේ ඔහු අතිනුයි. ඒ ගීතය තමයි “යන්නම් වෙන් වෙලා” දැනට ගීත කිහිපයක් ම නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ එකකටවත් රූප රචනා රචනා වෙලා නැහැ. ඉදිරියේදී මේ හැම නිර්මාණයකටම රූප රචනා කිරීමට තමයි අදහස් කරගෙන ඉන්නේ.

“යන්නම් වෙන් වෙලා” මේ ගීතයේ ජනගත වුණාට පස්සේ ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනි නාලිකාවල නිතරම ඇසෙන්නට ගත්තා. සංගීත වැඩසටහන්වලදී. සමාජ මාධ්‍ය ජාලා තුළදී හොඳ ප්‍රතිචාර මේ ගීතයට ලැබුණා. ගීත දර්ශකයේ ටෙ‍්‍රන්ඩින්වලින් ඉහළම තැනක තියෙන ගීතයක් බවට පත්ව තියෙනවා.

ගායන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණීම ගැන මොකද හිතෙන්නේ?

අද ආපු ගමනත් එක්ක ජීවිතේ නිහතමානී සුන්දර සතුටක් විඳීනවා. ක්ෂේත්‍රයට පිවිසිලා අවුරුදු විසිතුනක් විතර වෙනවා. ක්ෂේත්‍රය තුළ ඉඩ අවකාශ වැඩි හරියක් ලැබෙන්නේ දක්ෂතාවයට නෙවේ. බාහිර ආ ටෝ⁣පේයටයි. දක්ෂතාවන් තියෙන පිරිස් මුළු ගැන්විලා ඉන්නවා සමාජය තුළ. ඔවුන්ට එළියට එන්න බැරුව. ගායන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණීමත් සමග ජීවිතයේ ගොඩක් තැන්වල වෙනස්කම් කරන්නට සිදුවුණා. ඕනෑම ක්ෂේත්‍රයක් තුළ ජීවිතේ හැලහැප්පීම් නැතුව ගමනක් යන්නත් බැහැ කියලයි මම මේ ආපු ගමනේදී දැක්කේ. ඒ එන හැම දෙයක්ම උපේක්ෂා සහගතව දරාගන්නට සිදුවෙනවා. මේ කරන කියන දේවල් සියල්ලම හරි ආසාවෙන් කරන්නේ.

ප්‍රසංග වේදිකාවේ ඔබට හොඳ ඉඩක් තියෙනවා නේද?

දෙදහය වසරේ ආරම්භ වුණු මගේ ආධුනික ප්‍රසංග වේදිකාවත් සමඟ හා ච්ඥපචදච ච්පඥචථ ඉබචප තරගාවලියෙන් පසු ප්‍රසංග වේදිකාවේ ගී ගැයුමට ඉඩකඩමට ලැබුණා. විවිධ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල පවත්වනු ලබන පැදුරු පාටි, රස වින්දනාත්මක වැඩසටහන් ක්ෂේත්‍රයට එන අයට අත්වැලක් සපයනවා කිව්වොත් හරි.මගේම ස්වතන්ත්‍ර ගීත නිර්මාණ කිහිපයත් සමඟ කවර් ගීත තමයි මම වැඩි හරියක්ම මේ ප්‍රසංග වේදිකාවේ අද වෙන විට ගී ගයන්නේ.ප්‍රේක්ෂකයන් ගෙන්ද හොඳ ප්‍රතිචාර ප්‍රසංග වේදිකාවේදී මට ලැබෙනවා.මම කරන රාජ්‍ය ආයතනයේ රාජකාරී කටයුත්තත් සමඟ සෙනසුරාදා ඉරිදා යන දෙදින තමයි මම ප්‍රසංගවලට වඩාත් සහභාගී වෙන්නේ. දැනට ප්‍රසංග 75කට වැඩි ප්‍රමාණයකට මේ වන විටද සහභාගී වෙලා තියෙනවා. මේ සියලු ප්‍රසංග වලදි ඕනෑම ශෛලයකින් ගීත ගායනා කිරිම. අද වන විට සිදුකරලා තියෙනවා. ප්‍රවීණයන්ගෙන් ද හොඳ සහයෝගයක් අද වනවිට මට ලැබෙනවා. අපිට ගමනක් ක්ෂේත්‍රය තුළ යන්නට හොඳ අවකාශයක ඉඩ ප්‍රස්ථාව සලසා ගන්න නම් හැම විටම ප්‍රවීණයන්ගේ අනුශාසනා සහ උපදෙස් අපි ලබාගත යුතුයි. ක්ෂේත්‍රයේ තියෙන පරිණත භාවය ඔවුන්ගේ අපි හැමවෙලේම අගය කළ යුතුයි. ඔවුන් අපේ ගුරුවරුන් ලෙසයි මම හැමදාම දකින්නේ.

ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම මේ ගමනේදී හරිම වැදගත් වෙනවා.

2022 හිරුස්ටාර් තරගාවලියේදී මොකද වුණේ?

මගේ නවතම ගීත ටික නිර්මාණය කරන ගමන්, ප්‍රසංග වේදිකාවේ ප්‍රසංගවලට සහභාගි වෙන ගමන්ම හිරු නාලිකාව ඔස්සේ ගෙන එනු ලබන හිරුස්ටාර් සහභාගි වෙන්නට ඕනෑ කියලා හිතුණා. මේ මගේ ච්ඥපචදච ච්පඥචථ ඉබචප තරගාවලියෙන් පසුව නැවත මම 2022 හිරුස්ටාර් තරගාවලියට සහභාගී වෙන රියලිටි වැඩසටහනයි. මේ තරගාවලිය විවෘත තරගාවලියක් නිසා මට නිකමට ඉදිරිපත් වෙලා බලන්න හිතුනා. එහිදී තුන්වන අදියර දක්වා පැමිණියා.තුන්වන අදියර සඳහා සිය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් තමයි තේරුණේ.

කණ්ඩායම් වර්ගීකරණය යටතේ විශාරද නිරෝෂා විරාජණී කණ්ඩායමටයි මම තේරී පත් වුණේ. මෙම තරගය තරගය ඉර්ඉ මනාප ක්‍රමය යටතේ තරග වදින නිසා මනාප ප්‍රතිශතය අවම වීම නිසා තරඟයෙන් ඉවත් වෙන්නට සිදුවුණා. ඒත් අද වන විට රියලිටි වැඩසටහන් වලින් ජයග්‍රහණය නොකරපු අය තමයි ක්ෂේත්‍රයේ නමක් හදාගෙන ඉදිරියට ගොස් තිබෙන්නේ.ඔවුන්ගේ නිර්මාණ කවියද පුළුල් පරාසයක විහිදෙනවා.

ජීවිතය ප්‍රශ්න මතුවෙලා නැද්ද?

ක්ෂේත්‍රයේ හෝ මගේ පෞද්ගෙක ජීවිතය තුළ අත ගහපු වැඩේ ඉවර කරලා තමයි මම නැවත හැරිලා බලන්නේ. වරදින්න හෝ හරියන්න හිතලා අපි තනියම ගත්ත තීරණ ගොඩක් හරි ගිහිල්ලා තියෙන්නේ. ඒත් මට හරි කියලා හිතෙන දේ මම හැමවෙලේම කරන චරිතයක් ද නෙවේ. ආගම දහම සංස්කෘතිය තුළ මම ගොඩනඟා ගත්ත පදනමක් තියෙනවා. මා ළඟින් සිටිය බෝහෝදෙනා මා අතහැරලා ගියත්, කුඩා කාලයේ සිටම මගේ දේවල් මම පවුලේ අයත් සමග හා දැන් මගේ ස්වාමියා සමඟ එකතු වි කරගත්ත කෙනෙක්ය. ඒ නිසා ඉදිරියට තිබු පය පස්සට ගන්න කෙනෙක් නෙවෙයි. ලෝකයේ හිටපු හා දැනට ජීවත් වන සියලු දෙනාම තනියෙන් හෝ සාමූහික වශයෙන් ගත්ත තීරණ නිසා තමයි ඔවුන් සැබෑ ජීවිතයේ නැඟී සිටින්නේ. අපි හැමවෙලේම තීරණය කළ කළ යුතු වන්නේ නිවැරදි දේ පමණයි. කිසිවකුට මුළු ජීවිත කාලයම ඔහු හෝ ඇයව බලාගන්න බැහැ. මම ගොඩනඟාගන්න දේ ඉදිරියට ගෙන යාම තමයි මගේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ. ඒ නිසා තනියෙන් ජීවිතය ගෙනියන්න අපි ඕනෑම අවස්ථාවක මුහුණ දිය යුතුයි. මම ජීවිතේ සියලු දෙනා කියන දේවල් අහල හොඳට අවබෝධ කරගන්න කෙනෙක්. කලාවේ නිරත වන්නන් සැමවිටම සංවේදී හිත් තියෙන මනුෂ්‍යයන්. එනිසා ඒවා විඳ දරාගෙන ජීවිතය ගෙනයාම තමයි අපේ ඉලක්කය කියන්නේ.

නිර්මාණ ඇතුළත් යූටියුබ් චැනලයක්ද පවත්වාගෙන යනවා නේද?

ඔව් මේ වන විට මගේම කියලා යූටියුබ් නාලිකාවක් මා පවත්වාගෙන යනවා. ම්චදජඩචදච ර්‍ථපඪරචඤචපඵඩඪදඪ නමින් රධභබභඡඥ නාලිකාව පවත්වාගෙන යනවා. මේ හරහා හොඳ ප්‍රතිචාර මේ වනවිට ලැබෙනවා. අද ගොඩක් දෙනෙක් ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ යූටියුබ් නාලිකා වලින්ම තමයි තමන්ගේ නිර්මාණ ප්‍රේක්ෂකයා හමුවට ගෙන යන්නේ. සමාජ මාධ්‍ය ජාලා අද ප්‍රබල තැනක පවතින නිසා සුළු මොහොතක් තුළ මුළු ලෝකයම වැලඳගන්න නිර්මාණ බිහිවෙනවා. එය ක්ෂේත්‍රය පැත්තෙන් හොඳ හා නරක දෙකම පවතිනවා.

ටෙලි නාට්‍ය සිනමාව, වේදිකාව තුළ ඔබේ හඬ ඇහෙන්නේ කවද්ද?

මේ ක්ෂේත්‍ර ත්‍රිත්වයේම මගේ හඩින් ගීත ගායනා කිරීමට වගේම රංගනයෙන්ද ඉදිරියේදී එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම දැනට විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු කරන්නේ, මගේ රාජකාරියත් එක්ක සමබරව මේ සියල්ල කරගෙන යාමට තමයි අදහස් කරන්නේ.ඒ වගේම අලුත් ගීත නිර්මාණ කිහිපයකටත් රූප රචනා සමඟ නිර්මාණය කිරීමට පසුබිම සකස් කරගෙන යනවා. ප්‍රසංග වේදිකාවත් සමඟ විදේශ සංචාර කිහිපයකටත් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.

ආපස්සට හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?

මේ ආපු ගමන ගැන මගේ ජීවිතයේ මම සතුටු වෙනවට වැඩිය මගේ පිටු පසින් හිටපු කට්ටිය තමයි අද සතුටු වෙන්නේ. ඒ සතුට මගේ ජීවිතේ මම ලැබුවේ ඒ සියලුම දෙනා නිසයි. මේ ගමන එන්න ගොඩක් කැප කිරීම් කළා. මේ ගමනට උදව් කරපු සියලු දෙනාටම මම මෙය අවස්ථාවක් කරගන්නවා ස්තූති පුදකරන්නට.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT