14
වාද බයිලා චක්‍රවර්ති, ලක්ෂපතියේ පර්සි රාජපක්ෂ කලාකරුවාගේ කලා දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් වාද බයිලා ප්‍රසංගයක් පැවැත්වේ.
ඊට සමස්ත ලංකා වාද බයිලා ශිල්පි ශිල්පිනියන් රැසක් සහභාගි වීමට නියමිතය. ඒ අනුව පර්සි රාජපක්ෂ වාද බයිලා සංගීත කලායතනයේ 24 වැනි සංවත්සරික වාද බයිලා ප්‍රසංගය හා සම්මාන උලෙළ අගෝස්තු මස 23 වැනි සෙනසුරාදා රාත්‍රි 7 සිට මොරටුව මහනගර සභාව ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වාද බයිලා ප්‍රසංගය හා සම්මාන උලෙළ නැරඹීමට නොමිලේ අවස්ථාව හිමි වේ.