Home » නීල් අලස් උපහාර ලබයි

නීල් අලස් උපහාර ලබයි

by Thanushika
October 24, 2024 9:32 am 0 comment

දශක හයකට ආසන්න කාලයක් පුරා වේදීකාව, සිනමාව, පුංචි තිරය හා ගුවන් විදුලියෙන් සුවහසක් ප්‍රේක්ෂකයින්, ශ්‍රාවකයින් අමන්දානන්දයට පත්කල ප්‍රවීණ රංගධර හා හඬ කැවීම් ශිල්පි නීල් අලස් රංගන දිවිය ඇගයීමේ උලෙළක්, එළඹෙන 25 වැනිදා සවස 05ට සිංහල සංස්කෘති ආයතනයේ සුදර්ශි ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එයට සමගාමීව නීල් අලස් රංගනයෙන් දායක වූ චිත්‍රපට ත්‍රිත්වයක් එදින නොමිලේ ප්‍රදර්ශනය කිරීමට ද සංවිධායක මණ්ඩලය සැලසුම් කර ඇති අතර, ඒ අනුව එදින පෙ.ව. 10.00 ට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘සතර පෙර නිමිති’ ප.ව. 2.30 ට ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කළ ‘මුතු මැණිකේ’ සහ ප.ව. 6.30 ට පරාක්‍රම සිල්වා අධ්‍යක්ෂණය කළ ‘බිත්ති හතර’ යන සිනමා පට ප්‍රදර්ශනය කෙරේ. මේ අවස්ථාවට සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය ප්‍රේක්ෂක සැමට විවෘත ආරාධනයක් කරයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT