ඉන්දියානු කලාපය තුළ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව යටතේ පවත්වනු ලැබු නර්තන, බෙර වාදන ප්‍රසංගය හා වැඩමුළුව පසුගිය දින කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී දින හතරක් පුරා පැවැත්විණ.
ඒ සඳහා උප කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්තී ද සිල්වා, ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලෝ හෝමා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශෝයි සෙරීනියන්, මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති සුදත් සෙනරත් ඇතුළු පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන්, ආචාර්ය භවතුන් සහ විද්‍යාර්ථීන් ප්‍රසංගය රසවිඳීමට පැමිණ සිටියහ.
දකුණු ඉන්දියානු පාරම්පරික ෆ්රායි වාද්‍ය ශිල්පීන් පරම්පරා තුනක් සහ සිංගප්පූරුවේ, ලාංකේය යාපනයේ වාද්‍ය ශිල්පීන් හා ලලිත කලා අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් විද්‍යාර්ථීන් වාද්‍ය ශිල්පීන්ගෙන් ප්‍රසංගය සහ වැඩමුළුව සමන්විත විය. මෙම ප්‍රසංගය සහ වැඩමුළුව සංවිධානය කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ ආචාර්ය ලසන්තී මනරංජනී විසිනි.