Home » දෙනුවන්ගේ ‘රොකට්’ හෙට සිට රිදී තිරයට

දෙනුවන්ගේ ‘රොකට්’ හෙට සිට රිදී තිරයට

by Thanushika
October 24, 2024 9:31 am 0 comment

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලීයේ සීවලී ස්වර්ණ හරිත සිනමා සංගමය ඉදිරිපත් කරන පාසැල් ළමුන්ගේ නිර්මාණ දායකත්වයෙන් පමණක්ම නිමැවුණ ‘රොකට්’ සිනමා පටය හෙට (25) සිට තිරගත විම ඇරඹේ. පිය පුතු අතර ඇති දාරක සෙනෙහස මෙන්ම, නොසැලෙන අධිෂ්ඨාන ශක්තියෙන් තම අරමුණු සාක්ෂාත් කරගන්නා අයුරු ‘රොකට්’ චිත්‍රපටය සඳහා කතා තේමාව වී ඇත. වයස අවුරුදු 20 වන දෙනුවන් සමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘රොකට්’ සිනමා පටය සඳහා පාසැලේ සියලුම සිසු දරු දැරියන්ගේ සහ ගුරු භවතුන්ගේ පූර්ණ දායකත්වය හිමිවිය. සීවලී විද්‍යාලයේ විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්තගේ ආශිර්වාදය මත, එහි නර්තනය, නාට්‍ය හා රංග කලාව විෂය භාර සකුන්තලා මුණසිංහ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත ‘රොකට්’ නිර්මාණය වී ඇත. ළාබාලතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙසට දෙනුවන් සමරසිංහ ලාංකේය සිනමාවට එක් වනු ඇත.
කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත, අමිල තන්ඩක්කාර, නදුන් දර්ශන, චතුරංග එරබද්ධ, ලෙවුහාන් මහවත්ත, උපාලි පිටිගල, පාලිත රණතුංග, රුවන් වඩුගේ, පුෂ්පකුමාර හෙරස්, සකුන්තලා මුණසිංහ, සනත් ලාල් කන්දේවත්ත රංගනයෙන් එක්වෙති.

පූර්ව ප්‍රචාරක පට නිර්මාණයෙන් සහ තිර පිටපත් රචනයෙන් නදුන් දර්ශන ප්‍රේමතිලක, කැමරාකරණයෙන් රුක්ෂාන් සංජය , සහය අධ්‍යක්ෂණයෙන් හා නර්ථන වින්‍යාසයෙන් නදීර නදීශාන්, සංස්කරණයෙන් දෙනුවන් සමරසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් චන්දික ද සිල්වා, සංගීත අධ්‍යක්ෂණයෙන් චන්දිප පතිරණ, ගී පද රචනයෙන් ඒරන්ද පුෂ්පකුමාර, ගීත ගායනයෙන් චානක නාගොඩ, කලාරා ආවිනි , මියුරු සෝමරත්න සහ චමල්කා ගයාති ද, දායක වෙති.
ගී තනු නිර්මාණයන් පසිඳු ගිම්සරගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT