දෙදහස් විසි හතරේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම සහාය නළුවා සම්මානයට පාත්‍ර වන්නේ එම උළෙලේ Dreams of winder නාට්‍යයේ රඟපෑ තේනිය රත්නායකය. දුලාන් වීරසිංහ අධ්‍යක්ෂණය කළ Dreams of winder හි “ජෝර්ජ්” යන චරිතය ඔස්සේ ප්‍රේක්ෂක අවධානයට හා අගැයුමට පාත්‍ර වීම නවක රංගන ශිල්පියකු ලෙස කුමනාකාර බලපෑමක් ඇති කළේ ද යන්න හඳුනා ගැනීම වැදගත් ය. ඉතා කුඩා අවධියේ සිටම මව්පිය ආභාසය ඔස්සේ කලාවේ ගුණ සුවඳ විඳීන්නට ලැබූ ඉඩකඩ ඉතා පලදායිව සිය නිර්මාණ දිවියට මුසුකර ගත් ආකාරය ද ආකර්ෂණීය ය. මේ ඒ පිළිබඳ ඔහු හා සිදුකළ සාකච්ඡාවකි.
මේ ඇගැයුම ඔබේ අධ්‍යයනයේ හා මහන්සියේ හොඳ ප්‍රතිඵලයක් නේද ?
ඇත්තටම මේක මම ගොඩක් මහන්සි වෙලා හදාරලා සූදානම් වුණ චරිතයක්. මේක විශේෂ වෙන්නෙ ඇයි කියල කිව්වොත් මූලිකව කතා සංකල්පය වගේම එහි රංග වින්‍යාසය, පසුතල නිර්මාණය, ඇඳුම් ආදි අංශ ගණනාවක් ඔස්සේ සම්මාන දහසයක් මේ නිර්මාණයට හිමිවීම විශේෂ යි .
ඩ්‍රීමස් ඔෆ් වින්ඩර් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වේදිකාගත වන නාට්‍යයක්. ඉංග්‍රීසි මාධ්‍ය නිර්මාණ කෙරේ ඇත්තේ කෙබඳු අවධානයක් ද ?
මගේ අත්දැකීම් එක්ක මේ අපි කතා කරන මොහොත වන විට එහි ප්‍රගතියක් පෙන්නුම් කරනවා කියල මට හිතෙනවා. ඇත්තෙන්ම ඉංග්‍රීසි නාට්‍ය කලාව කියන එක ලස්සන අංශයක්. නමුත් ඒ සඳහා නැඹුරු වීමේ අඩුවක් තමයි මම නම් දුටුවේ. අනෙක් අංශවල නිර්මාණවලට සාපේක්ෂව. නමුත් ඊට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා.
ඩ්‍රීම්ස් ඔෆ් වින්ඩර් නිර්මාණයෙන් පරිබාහිරව මේ වනවිට අවධානය යොමු කර තිබෙන වෙනත් නිර්මාණ මොනවාද ?
මූලික ව මේ ඩ්‍රීමස් ඔෆ් වින්ඩර් නිර්මාණයට තමයි වැඩි අවධානයත් යොමු කර තිබුණේ. ඊට අමතරව අඛිල සපුමල් නාට්‍යවේදියාගේ ගුත්තිල කාව්‍ය, සකුන්තලය වැනි නිර්මාණත් එක්ක සම්බන්ධ වී කටයුතු කරනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කීපයක් සඳහාත් සම්බන්ධ වී කටයුතු කරනවා. ඒවගේම මගෙ පියාගෙ (රූපණවේදි කීර්ති කේ. රත්නායක) නිර්මාණ කීපයකටත් සම්බන්ධ වී කටයුතු කරන අතරේ තව වේදිකා නාට්‍ය දෙකකටත් දැනට ආරාධනා ලැබී තියෙනවා ඉදිරියේ දී ඒවාටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහාත් අවධානය යොමු කරනවා. ඇත්තටම මේ අතරතුර කාලයේ මම අඛිල සපුමල් නාට්‍යවේදියාගේ ‘ අසමා ‘ රූපණ සරසවියේත් රූපණ කලාව ගැන හදාරා තියෙනවා.
නාට්‍ය පිළිබඳ හදාරන රූපණවේදියකු විදියට ඔබේ අත්දැකීම් හා අවබෝධය කොහොම ද ?
විශේෂයෙන් මට පසුගියදා ඉන්දියාවේදී ලැබුණු අනිකුත් විදේශීය රටවල් හා සම්බන්ධ නාට්‍ය අත්දැකීම් එක්ක බැලුවාම මට හිතුණ දේ තමයි අපේ වේදිකා නාට්‍ය ගොඩක් දියුණුයි කියන එක. හැබැයි අපට තිබෙන ගැටලුව කලාවක් විදියට දියුණු වෙන්න තිබෙන පහසුකම් ගොඩක් අඩු වීම. මොකද මම දුටු විදියට අපේ කලාපයේ අනිකුත් රටවල් ගත් විට අපේ නාට්‍ය කලාව ගොඩක්ම හොඳ තැනක තියෙනවා. මොකද අපේ නූතන හා යෞවන පරම්පරාව මේ ගැන විශාල අධ්‍යයනයකින් හා යාවත්කාලීන බවකින් පසුවනවා. ඒක ගොඩක් සාධනීය දෙයක්.
ඉදිරියේ දී නිර්මාණ කාර්යයේ නියැළෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොම ද ?
ඔව්. බලාපොරොත්තු කීපයක් තියෙනවා. එකක් තමයි ඊළඟ යෞවන නාට්‍ය උලෙළට මමත් නිර්මාණයක් කරන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ වගේම කෙටි චිත්‍රපට කීපයක් කරන්නත් අපේක්ෂා කරනවා. විශේෂයෙන් මේ වසර අවසාන වෙද්දී චිත්‍රපටයක් නිර්මාණය කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
නිර්මාණ ක්ෂේත්‍රයට ප්‍රවේශ වීම පිළිබඳත් ආවර්ජනය කරමු.
පළමුකොටම අම්මාගෙන් හා තාත්තාගෙන් මට මේ ආභාසය හිමිවෙන්නෙ. ඒක මට විශේෂ යි. එමෙන්ම නාට්‍ය කලාවේ දැවැන්තයන් ඇසුරේ රංගනයට ප්‍රවේශ වන්න ලැබීම ඊළඟට විශේෂයි.
ජයලත් මනෝරත්න ප්‍රවීණ නාට්‍යවේදියාණන්ගේ තලමල පිපිලා (2013) ඊළඟට එතුමා ගේ ම ලෝකය තනියායක් (2007) ඒ වගේම මගෙ පියාණන්ගෙ (රංගවේදි කීර්ති කේ.රත්නායක) මීයො නැතුව බෑ (2014) ආදි නිර්මාණ ඇසුරෙන් නාට්‍ය කලාව හඳුනගෙන ඊට ප්‍රවේශ වී තවදුරටත් අඛිල සපුමල් වැනි නූතන පරපුරේ දක්ෂතා පූර්ණ නාට්‍යකරුවකුගේ නිර්මාණ සමඟ කටයුතු කරන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. විශේෂයෙන් අසමා කියන ඔහුගේ අධ්‍යාපනික නාට්‍ය උලෙළ ඔස්සේ පාසල් විෂය නිර්දේශයටත් සම්බන්ධ ඉතාමත් සුවිශේෂ නාට්‍ය ගණනාවක් ඔහුගේ ම ශෛලියක් ඔස්සේ ඔහු රැගෙන එනවා පාසල් දරුවන් අතරට. සම්මානයට පාත්‍ර වූ එබඳු ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරකු හා නිර්මාණවේදියකුගේ ගුරුහරුකම් සමඟ එකට වැඩ කරන්න ලැබීම ගැන හරිම සතුටුයි.
නූතන පාසල් ශිෂ්‍යයන් වේදිකා නාට්‍ය කෙරේ දක්වන උනන්දුව කොහොම ද ?
ඔවුන් අතර ලොකු උනන්දුවක් තියෙනවා. ඔවුන් තාමත් හරි කැමතියි නාට්‍යයක් බලන්න. ඒ කලාව ඇසුරු කරන්න. ඉතින් මමත් ඒ හැමෝටම කියන්නෙ කලාව හදාරන්න. මොකද මිනිසකුට කලාවේ ඇසුර ලැබුණොත් තමයි තවත් මිනිසෙක් හෝ සමාජයක් එක්ක හොඳ සම්බන්ධයකට යන්න පුළුවන්. ඒක හරිම විශේෂයි. ඒ නිසා ඒ හොඳ පසුබිම ගොඩ නඟාගන්න හොඳම ඇසුර කලාව කියන එකයි මගෙ අදහස.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
සමුද්‍රිකා වර්ණකුල